පාක්ෂිකයන්ගේ අඩුපාඩු

වත්මන් ආණ්ඩුවේ අසාධාරන ක්‍රියා පිළිවෙතද, දූෂණ සහ අක්‍රමිකතාද, අප විසින් විමසුවෙමු.අද ලිපියෙන් කතා කිරීමට බළාපොරොත්තු වන්නේ අපගේ,නොඑසේනම් එජාප පාක්ෂිකයින්ගේ අඩුපාඩු සම්බන්ධවය.එම අඩු පාඩු ඍජු ව සම්බන්ධ නොවුනත් වක්‍රව එජාපය සහ ලංකාවේ පක්ෂ දේශපාලනය තුල එජාපයේ පැවැත්මට බාධක එල්ල කරයි.

පලමු අඩුපාඩුව අනවශ්‍ය උන් හා තර්කයට යාමයි.ගමේ සිටින බල්ලෙකුට බඩේ අමාරුවක් හැදුනත් එයද එජාපයේ වැරැද්දයයි කෑගසමින් පොලෝ පස් කන්නන් හා තර්ක කොට සත්‍ය තේරුම් කිරීම අතිශය අනුවණකමකි.එවන් උන් හඩ්සන් ගේ ඇදේ ගිය උන් ලෙස සලකා වෙන වැඩක් බලාගන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිය යුතුය.මන්ද ඔවුන් හා වාද කිරීමෙන් සිදුවන්න්නේ උන් චිත්තප්‍රීතියට පත්වීම පමණි.ඒ “අපටද දැන් තර්ක කල හැකිය” යන මාණසිකත්වයට සිත් වඩවාගෙනය.

එසේම යම් තර්කයක් සහිතව නො එසේනම් එකම බයිලාව සමග ඉදිරියට එන උන්ද ඇත.ඒ “අපි තමයි යුද්ධය ඉවර කලේ”.”අපි හින්දා තමයි අවුරුදු තිහකට පස්සේ දෙමළ මිනිස්සුයි සිංහල මිනිස්සුයි එකට වීවා බොන්නේ.” යනාදියයි.එහෙව් උන් සමගද කතා කිරීමෙන් පලක් නැත.එහෙත් එවන් උන්ගේන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් ඇත.
  1. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්ද?
  2. “අපෙන් එකෙකි මේ මිනිසා” මාස තුනෙන් අමතක වී, “ජය ජයවේ”, “ආයුබෝ වේවා”, “නා මල” තුඩග තුඩග රැව් දෙන්නේ ඇයි?
එසේම තවද ඔවුන් කෙරේ අවධාරණය කල යුතු තවත් කරුණක් ඇත.එනම් “එල්ටීටිය” නම් හෝටලයෙන් “කරුණා” නමැති පරිප්පු හොද්ද ඉවත් කර, ඔය කියන වසර තිහේ යුද්ධය නිමා කිරීමේ මූලික අඩිතාලම දමා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවය.කෙසේ නමුත් ඔබ කොපමණ මෙවන් පැහැදිලි කිරීම් කලත් ඔවුන් සැලෙන්නේ නැත.එසේ වුවද මෙසේ නොකියාත් බැරිය.මන්දයත් මෙසේ ඉහ මොළ කරවී මඥ්ඥං වී සිටින්නේ අපේ සහෘද ජනයා බැවිනි.තවත් පිරිසක් ඇත.ඒ ඉතිහාසය විකුණන උන්ය.උන් උදාහරණ ගෙනෙන්නේ දුටු ගැමුණු සමයෙනි.ඔවැනි විකාර ප්‍රාණීන් හා ගණුදෙණු කිරීමට අප සූදානම් වී සිටිය යුතුය.

අනෙක් කරුණ නම් පක්ෂය කෙරෙහි පවතින ඇම්මයි.එය වැරදි ලෙස භාවිතා කරන පිරිසක් ඇත.උන්ට අනුව අපි Green Blood ය.සදාහරිතය තුල ඉන්නාවූ අපට එහෙව් ඇම්මක් නැත.අප පාක්ෂිකයින් වුවද මොවුන් වලිගය පාගාගෙන ඇත.කැපුවත් කොල යන්නෙහි සැබෑ අරුත “අප ලේ කොල පැහැතියි” නොව “අපව කපා දමන ලද මුත් අප කොල පැහැයෙන් වෙනස් නොවෙන බවය” නොහොත් අප පක්ෂය අත නොඇර යන බවය.ඔය කතාවෙන් රෝසි සේනානායක මහත්මියද වැඩේ වරද්දා ගත්තේය.ආචාර්‍‍ය මර්වින් සිල්වා මහතාගේ පිළිතුර අතිශය සාර්ථකය.එහෙනම් ඇත්තටම ලෙඩක් විය යුතුය.විරුද්ධ පාක්ශිකයින්ට ඔවැනි කොන් අල්ලාගෙන පහර ගසන්නට අප ඉඩ නොදිය යුතුය.අප ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුය.අන්තර්ජාලය තුල ඉමහත් ලෙස ප්‍රසිද්ධ මෙම කණ්ඩායම දැන්වත් තම වැරැද්ද සකසා ගනීවියැයි අප විස්වස් කරමු.
අනෙක් කරුණ නම් එජාපයද සර්ව සාධාරණ පක්ෂයක් නොවේ.අනෙක් පක්ෂ වල මෙන්ම දූෂණයට අත පෙවූ අපේක්ෂකයින්ද ඇත.එබැවින් ඔබගේ මනාපය මෙවර මැතිවරණයේදී පාවිච්චි කිරීමේදී සැළකිලිමත් විය යුතුය.සමහරුන් එජාපය හා බැඳී ඇත්තේ පවුල් පසුබිම අනුවය.තවත් සමහරෙක් දැඩි ලෙස තමන් විශ්වාස කරන දේශපාලනික දර්ශනය එජාප දර්ශන සේ සලකා එය හා බැඳී සිටියි.තවත් සමහරුන් තමන් ප්‍රියකරන දේශපාලනඥ්‍යයා සිටින පක්ෂය හේතුවෙන් ඒහා එක්ව සිටී.තවත් සමහරෙක් තමන් ප්‍රිය කරන දේශපාලන දර්ශනයට කිට්ටුවෙන්ම ගමන් කරන පක්ෂය හේතුවෙන් ඒ හා එක්ව සිටී.මෙනිසා ඔබ තීරණය නොහොත් මනාපය පක්ෂය වෙනුවෙන්ම පමණක් නොව පක්ෂය හා රට යන දෙතැන වෙනුවෙන්ම ගන්න ලෙස ලෙස ඉල්ලා සිටින් මම ලිපිය අහවර කරමි.
ඔබ සියල්ලන්ට ජයෙන් ජය වේවා!
– රචින්ත ජයවර්ධන, 2010 බක්

3 responses to this post.

  1. Posted by ජිහාන් on අප්‍රේල් 8, 2010 at 11:47

    හ්ම්ම්ම්ම්…මටත් ඕකුන්ව එපා වෙලා ඉන්නේ.නිකන් පක්ෂේ විකුනනවා.මේ දවස් වල නං මෙලෝ සද්දයක් නෑ.මම මේ ලඟදී දැක්කා,තවත් එකෙක් ගෲප් එකක් හදලා කියලා.එල ලිපිය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by රවා on ජූනි 23, 2010 at 22:31

    රචි මමත් අර පක්ෂෙ මෙ පක්ෂෙ කියලා බදාගෙන කැගහන්නෙ නැහැ.. ඇත්තටම ලැජ්ජයි බන්. මෙ මිනිස්සු ගැන.. මුන් සිංහල අම්මලාට , සිංහල තාත්තලාට දාව ඉපදෙච්චි උන්ද කියලාත් හිතෙනවා. මුන් මෙහෙම අන්ද වෙලා කරන වැඩ නිසා මුලු ජාතියම අනාතවෙනවා..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by පද්දා‍ on දෙසැම්බර් 28, 2010 at 14:20

    යුධ අපරාධ චෝදනා ගැන අදහසත් කියන්නග

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: