ගම අවුලඥ්ඥං. . .හබ පටලඥ්ඥං. . .

Hudson Samarasinghe

හඩ්සන් සමරසිංහ

Click here to get Sinhala Unicode

කොළඹ හතේ මහ ගෑණු MLTRට උඩ පැන්නාට වඩා උඩ පනිමින් මා රසවිඳින ගීත ගොන්නෙන් මුල් තැන ගත් ගීතයක හිමිකරු ලයනල් රන්වල මහතාය.එතුමාගේ ගීතයකට මෙසේ කිරීමට සිදුවීම ගැන මා බෙහෙවින් කණගාටු වන අතර ඇරත් මේ වගේ ගොනෙකු ගැන එය නැවත් ප්‍රබන්ධ කිරීමට සිදුවීම ගැනද කණගාටු වෙමි.ගීතය මෙසේ වෙයි.

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

වැලි වල පාටට ඇඳගෙන ඒන්නේ. ..

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

එස් එල් බී සී පෙරමුණ ගන්නේ. ..

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

දොමිකිට කිට දොම් දොම් //

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

සුදු සරමක් සේදීම. ..

කරමින් සැමදා උදේම. ..

සතුටකි නුඹට කදීම. ..

අපේ හඩ්ඩෝ. . .හෙහෙහෙහේ අපේ හඩ්ඩෝ. ..

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

වැලි වල පාටට ඇඳගෙන ඒන්නේ. ..

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

එස් එල් බී සී පෙරමුණ ගන්නේ. ..

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

දොමිකිට කිට දොම් දොම් //

හුණු පත්තර කියවීම. ..

රජාට කඩේම යෑම. ..

විපක්සෙ අල්ලං කෑම. ..

නවතීදෝ. . .හෙහෙහෙහේ නවතීදෝ. ..

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

දොමිකිට කිට දොම් දොම් //

ඔහු මේ ලඟදීම කල ප්‍රකාශය නම් ඉතාමත්ම දරුණු පහර එල්ල කිරීමකි.ඒ මුලටම නැතත් යුද්ධය සම්බන්ධ මහ රජතුමගේ බැනර් වල මහ රජතුමාට සහ එතුමාගේ සහෝදරයාට පසුතිබුනු ගාම්භීර මුහුනට හෙවත් සරත් ෆොන්සේකා මහතාටය.ඔහු පැවසුවේ ශ්‍රී ලංකා යුධ හමුදාව නන්දිකඩාල් පහර දෙන විට සරත් ෆොන්සේකා මහතා සිටියේ චීනයේ බවය.ඔහු එතුමාගෙන් විමසුවේ “සරත් මහත්තයෝ,ඔබතුමා චීනයට ගියේ චීනයේ ටෙරාකොටා ආමි ලෙස ප්‍රසිද්ධ මැටි පිළිම හමුදාවට අණ දෙන්නද?” යන්නයි.ඡන්දය දිනීමට හැකි පමණ විකිනූ යුද්ධය දිනීමට ප්‍රධාන වූවන් අතරේ සිටි මෙවැන්නෙකුට මෙසේ නිගරු කිරීම සුදුසුද යන්න පාඨක ඔබට බාරය.

 

 

තවත් වරක් මොහු ප්‍රකාශ කලේ හිටපු ජනරාල් වරයාගේ එක්සත් ජනපද සංචාරය සම්බන්ධවය.ඔහු පැවසුවේ එතුමා එහි ගොස් ග්‍රීන් කාඩ් ගැනීමේදී ඇමරිකාවට පක්ෂව සින්දු කියන්න වූ බවය.ඔහු සඳහන් නොකලද ආරක්ෂක ලේකම්තුමාද එහි ගියේ එම සින්දුවම කීමටය.තවද ඔහු අවසන නිර්ලජ්ජිතව පැවසුවේ තමා එම කරුණු දැන සිටින්නේ තමාද මින්පෙර ග්‍රීන් කාඩ් ලබාගෙන ඇති නිසාවෙන් බවයි.එසේම ඔහු ප්‍රකාශ කලේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව එල්ල කල සෑම උන්ඩයකින්ම මුදලක් සරත් ෆොන්සේකා මහතා ලබාගත් බවය.හඩ්සන් සමරසිංහ මහතා කලක් එක්සත් ජාතික පාක්ශිකයෙකි.දැන් ඔහු සන්ධානයේය.සිටි fm හි රට යන අතට සැමදා අමතන්නේ එකම පිරිසකි.සමහරවිට ඒ දේශප්‍රේමියෝ විය යුතුය.සිටි fm එකට කතාකොට ආණ්ඩුවේ ගුණ නොපවසන බැවින් අපට උරුම කොළඹ නගරයේ ගොඩගසා තිබූ පිදුරුය.දිනක් පුවත් පතක රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතා තිබූ හිමිනමකට මොහු ප්‍රාර්ථනා කලේ අවීචි මහා නරකාදියට යන ලෙසය.එසේත් නැත්නම් අවීචි මහා නරකාදියට යා යුතු බවය.මෙම මාධ්‍යකරණය පිලිබඳ තීරණය ඔබ සතුය.

 

 

– රචින්ත ජයවර්ධන,2009 ඉල් –
Rachintha Jayawardhana©,November 2009

4 responses to this post.

  1. Posted by පාඨකයෙක් on නොවැම්බර් 24, 2009 at 12:59

    මම හිතුවේ මෙයා මේ සින්දුව මේ කියන්නේ මේ විදිහට කියලයි . ..

    පුx*# ලෙවකඥ්ඥං

    පස්සත් දෙඥ්ඥං

    ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මේ අ – මනුස්සයා ගැනනම් මොකට කතා කරනවාද?ගුවන් විදුලිය විතරක් නෙමේ ටී.වී.ත් එහෙමනේ?
    මං දවසක් ITN එකේ සාකච්ඡාවකට කෝල් කළා.මට ඇවිත් හිටිය නාවික හමුදාපතිතුමා එක්ක කතා කරන්නයි ඔනෙ වුනේ.එතකොට යුද්ධෙ ඉවර වෙලා.එතන ඉන්න එකා මට ප්‍රශ්නෙ අහන්න නොදී මගෙන් අහනවා මොකක්ද අහන්න යන ප්‍රශ්නෙ කියලා.මං ඇහුවා ප්‍රශ්න තෝරලාද ගන්නේ කියලා?ඔව් කිව්වානේ කැත නැතුව.මට ප්‍රශ්නෙ අහන්න නොදී ඒ යකා මට දේශනා කළේ නැද්ද ලොක්කාගෙ ගුණ කියන හැටි.මට මේ ආණ්ඩුව එපා වෙන්න හේතු කීපයක් තියෙනවා.ඒවාගෙන් මුල් තැන තියෙන්නේ අසික්කිත,තුච්ඡ,පිළිකුල් විදියේ මාධ්‍ය භාවිතය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. එදා ශ්‍රී ලංකා එකට මහින්දට බැනපු මේ වගේ උන්නැහැල කියන කතා හාස්‍යජනකයි. ද්වේෂය සහ වෛරය වපුරමින් බඩගෝස්තරවාදී ජීවිත ගත කරන “දේශප්‍රේමී” යැයි තමන්ම කියාගන්නා මේ මහත්වරුන්ම තමයි අන්තිමේදි අවීචි මහා නරකාදියේ ඉපදෙන්නේ. ඇත්තටම කිව්වොත් හඩ්ඩටනම් කියනා වාචාල කතාවලට අලුතෙන්ම අපායක් යම රජ්ජුරුවන්ට හදන්න වේවි මගෙ හිතේ…..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. […] කිරීම අතිශය අනුවණකමකි.එවන් උන් හඩ්සන් ගේ ඇදේ ගිය උන් ලෙස සලකා වෙන වැඩක් […]

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: