අපේ යුතුකම

අප්‍රේල් 8දා මහ මැතිවරණයේ අපේ යුතුකම කුමක්ද?

පළමුවෙන්ම ඔබේ ඡන්දයේ වටිනාකම කිව යුතුය. ඇතැමුන් ඡන්දය කුරුටු ගාති, තවෙකෙක් ඡන්ද පොළටවත් නොයති. නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ඡන්දය රටෙ අනාගතය වෙනුවෙන් භාවිතා කිරීම අපේ යුතුකමයි. එහිදී ප්‍රතිපත්තිමයව සිතා කවුරුන් නිවැරදිද යන්නට වඩා කවරක් නිවැරදිද යන්න පිළිබඳ සිතා ඡන්දය දිය යුතුය. එක එක රැලිවලට හසු නොවී තම අයිතිය භාවිතා කිරීම ඔබේ යුතුකමයි. අතීතය ගැන සිතා කෙලෙහිගුණ දැක්වීම හෝ වෛර කිරීම වෙනුවට අනාගතය ගැන සිතා රට ඉදිරියේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි පක්ෂයකට ඔබේ ඡන්දය දෙන්න. මෙය රට වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු යුතුකමයි.

වත්මන් ඡන්ද ක්‍රමයට අනුව ඔබට මනාප ත්‍රිත්වයක් හිමිවේ. මේ ත්‍රිත්වය හොඳින් සිතා බලා භාවිතා කරන්න. වෙසෙසින්ම මැර දේශපාලනය සහ දූෂණය හෙළා දකින්නට ඔබේ මනාප තුන උපයෝගී කරගන්නේ නම් මැනවි. අනෙක් අතට සමාජවාදය, බෞද්ධාගම වැනි දෑ උකස් කරමින් තම බඩ වඩා ගන්නා ප්‍රෝඩාකාරයින්ද හෙළා දැකීමට ඔබේ මනාපය අවියක් කර ගන්න. මැතිසබයට ඔබින, මැතිසබයේ කාර්යය වන නීති සම්පාදනයට උචිත මිනිසුන් පාර්ලිමේන්තු යවන්න. තම පුද්ගලික වාසි අවාසි, තමන්ගේ ප්‍රදේශයේ දියුණුව යනාදියට වඩා පොදුවේ රටේ සමස්ථ දියුණුවට ඇප කැප විය හැකි මහජන නියෝජිතයින් පත්කිරීම අපේ යුතුකමකි. ඔබට උවමනා නම් මනාප තුනෙන් දෙකක් හෝ එකක් පමණක් වුවද භාවිත කළ හැකිය. උවමනා නම් එකදු මනාපයක් හෝ භාවිත නොකළ සිටිය හැකිය. නමුත් ඔබ ඡන්දය දෙන පක්ෂයේ ඔබේ දිස්ත්‍රික්කයේ ඔබේ සිත්ගත්ම අපේක්ෂකයින් තිදෙනාට මනාප දීම හරහා ඔබ අකමැති අය පාර්ලිමේන්තු යාමත්, මනාප ඡන්දවලදී අක්‍රමිකතා වීමත් වළක්වා ගත හැකිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හොඳ අපේක්ෂකයින් පිරිසක් තෝරා දෙන්න යැයි දිගින් දිගටම ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් මැතිරීමෙන් පෙනී යන්නේ ඔවුන් පවා එම පක්ෂයේ නාමයෝජනා අතර නුසුදුස්සන් ඇති බව පිළිගන්නා බවය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධූර අපේක්ෂකයින්ගේ ලැයිස්තුව හා අංක මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

මේ කෙසේ වෙතත් ඔබේ අනන්‍යතාවය තහවුරු කරන ලියැකියවිල්ලක් රැගෙන ගොස් උදෑසනින්ම රටේ සුගතිය උදෙසා ඔබේ ඡන්දයත්, මනාප ත්‍රිත්වයත් සද්භාවයෙන් යුතුව භාවිත කරන ලෙස අප උදක්ම ඉල්ලමු. 🙂

චිරං ජයතු ලක් මවුණි..!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

One response to this post.

  1. ThanX Bro you are doing a great service. let me pay my gratitude

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: