Author Archive

පාක්ෂිකයන්ගේ අඩුපාඩු

වත්මන් ආණ්ඩුවේ අසාධාරන ක්‍රියා පිළිවෙතද, දූෂණ සහ අක්‍රමිකතාද, අප විසින් විමසුවෙමු.අද ලිපියෙන් කතා කිරීමට බළාපොරොත්තු වන්නේ අපගේ,නොඑසේනම් එජාප පාක්ෂිකයින්ගේ අඩුපාඩු සම්බන්ධවය.එම අඩු පාඩු ඍජු ව සම්බන්ධ නොවුනත් වක්‍රව එජාපය සහ ලංකාවේ පක්ෂ දේශපාලනය තුල එජාපයේ පැවැත්මට බාධක එල්ල කරයි.

පලමු අඩුපාඩුව අනවශ්‍ය උන් හා තර්කයට යාමයි.ගමේ සිටින බල්ලෙකුට බඩේ අමාරුවක් හැදුනත් එයද එජාපයේ වැරැද්දයයි කෑගසමින් පොලෝ පස් කන්නන් හා තර්ක කොට සත්‍ය තේරුම් කිරීම අතිශය අනුවණකමකි.එවන් උන් හඩ්සන් ගේ ඇදේ ගිය උන් ලෙස සලකා වෙන වැඩක් බලාගන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිය යුතුය.මන්ද ඔවුන් හා වාද කිරීමෙන් සිදුවන්න්නේ උන් චිත්තප්‍රීතියට පත්වීම පමණි.ඒ “අපටද දැන් තර්ක කල හැකිය” යන මාණසිකත්වයට සිත් වඩවාගෙනය.

එසේම යම් තර්කයක් සහිතව නො එසේනම් එකම බයිලාව සමග ඉදිරියට එන උන්ද ඇත.ඒ “අපි තමයි යුද්ධය ඉවර කලේ”.”අපි හින්දා තමයි අවුරුදු තිහකට පස්සේ දෙමළ මිනිස්සුයි සිංහල මිනිස්සුයි එකට වීවා බොන්නේ.” යනාදියයි.එහෙව් උන් සමගද කතා කිරීමෙන් පලක් නැත.එහෙත් එවන් උන්ගේන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් ඇත.
  1. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්ද?
  2. “අපෙන් එකෙකි මේ මිනිසා” මාස තුනෙන් අමතක වී, “ජය ජයවේ”, “ආයුබෝ වේවා”, “නා මල” තුඩග තුඩග රැව් දෙන්නේ ඇයි?
එසේම තවද ඔවුන් කෙරේ අවධාරණය කල යුතු තවත් කරුණක් ඇත.එනම් “එල්ටීටිය” නම් හෝටලයෙන් “කරුණා” නමැති පරිප්පු හොද්ද ඉවත් කර, ඔය කියන වසර තිහේ යුද්ධය නිමා කිරීමේ මූලික අඩිතාලම දමා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවය.කෙසේ නමුත් ඔබ කොපමණ මෙවන් පැහැදිලි කිරීම් කලත් ඔවුන් සැලෙන්නේ නැත.එසේ වුවද මෙසේ නොකියාත් බැරිය.මන්දයත් මෙසේ ඉහ මොළ කරවී මඥ්ඥං වී සිටින්නේ අපේ සහෘද ජනයා බැවිනි.තවත් පිරිසක් ඇත.ඒ ඉතිහාසය විකුණන උන්ය.උන් උදාහරණ ගෙනෙන්නේ දුටු ගැමුණු සමයෙනි.ඔවැනි විකාර ප්‍රාණීන් හා ගණුදෙණු කිරීමට අප සූදානම් වී සිටිය යුතුය.

අනෙක් කරුණ නම් පක්ෂය කෙරෙහි පවතින ඇම්මයි.එය වැරදි ලෙස භාවිතා කරන පිරිසක් ඇත.උන්ට අනුව අපි Green Blood ය.සදාහරිතය තුල ඉන්නාවූ අපට එහෙව් ඇම්මක් නැත.අප පාක්ෂිකයින් වුවද මොවුන් වලිගය පාගාගෙන ඇත.කැපුවත් කොල යන්නෙහි සැබෑ අරුත “අප ලේ කොල පැහැතියි” නොව “අපව කපා දමන ලද මුත් අප කොල පැහැයෙන් වෙනස් නොවෙන බවය” නොහොත් අප පක්ෂය අත නොඇර යන බවය.ඔය කතාවෙන් රෝසි සේනානායක මහත්මියද වැඩේ වරද්දා ගත්තේය.ආචාර්‍‍ය මර්වින් සිල්වා මහතාගේ පිළිතුර අතිශය සාර්ථකය.එහෙනම් ඇත්තටම ලෙඩක් විය යුතුය.විරුද්ධ පාක්ශිකයින්ට ඔවැනි කොන් අල්ලාගෙන පහර ගසන්නට අප ඉඩ නොදිය යුතුය.අප ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුය.අන්තර්ජාලය තුල ඉමහත් ලෙස ප්‍රසිද්ධ මෙම කණ්ඩායම දැන්වත් තම වැරැද්ද සකසා ගනීවියැයි අප විස්වස් කරමු.
අනෙක් කරුණ නම් එජාපයද සර්ව සාධාරණ පක්ෂයක් නොවේ.අනෙක් පක්ෂ වල මෙන්ම දූෂණයට අත පෙවූ අපේක්ෂකයින්ද ඇත.එබැවින් ඔබගේ මනාපය මෙවර මැතිවරණයේදී පාවිච්චි කිරීමේදී සැළකිලිමත් විය යුතුය.සමහරුන් එජාපය හා බැඳී ඇත්තේ පවුල් පසුබිම අනුවය.තවත් සමහරෙක් දැඩි ලෙස තමන් විශ්වාස කරන දේශපාලනික දර්ශනය එජාප දර්ශන සේ සලකා එය හා බැඳී සිටියි.තවත් සමහරුන් තමන් ප්‍රියකරන දේශපාලනඥ්‍යයා සිටින පක්ෂය හේතුවෙන් ඒහා එක්ව සිටී.තවත් සමහරෙක් තමන් ප්‍රිය කරන දේශපාලන දර්ශනයට කිට්ටුවෙන්ම ගමන් කරන පක්ෂය හේතුවෙන් ඒ හා එක්ව සිටී.මෙනිසා ඔබ තීරණය නොහොත් මනාපය පක්ෂය වෙනුවෙන්ම පමණක් නොව පක්ෂය හා රට යන දෙතැන වෙනුවෙන්ම ගන්න ලෙස ලෙස ඉල්ලා සිටින් මම ලිපිය අහවර කරමි.
ඔබ සියල්ලන්ට ජයෙන් ජය වේවා!
– රචින්ත ජයවර්ධන, 2010 බක්

නොමළ අපි සදාහරිත

ජනපතිවරණයට පසු සදාහරිතය සටහන් පලමු ලිපිය මෙය නොවේ.නිලැස් පෙරේරා සොහොයුරා විසින් මින් පෙර සදාහරිතයට එක් ලිපියක් එක්කර ඇත.එහෙත් අවධාරනය කල යුතු තවත් කරුණු ඇත.පලමුව ජයග්‍රහණය සම්බන්ධව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අප සුබ පතන්නෙමු.එසේම උතුරු සහ උතුරු නැගෙනහිර ඡන්ද සම්බන්ධව ඉදිරි ලිපියකදී නුදුරේම ගැඹුරින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටිමු.

දූෂණ අක්‍රමිකතා සම්බන්ධ සිද්ධි වාර්තා වුවද,ඔප්පු කිරීමට සාක්ශි ඇතුවා හෝ නැතුව මෙම ජනපතිවරණය දැන් අහවර වී ඇත.එහෙයින් Face Book සමාජ ජාලය තුල මෙන්ම ගෙයින් පිට,ගෙය තුල,මිතුරන් අතර පැවති ජනපතිවරණ යුද්ධයට තිත තැබීමට කල් එල්බ ඇත.එහෙත් තවමත් එම ජයග්‍රහනයේ කුල්මතින් මැත දොඩවන පිරිසක්ද ඇත.පෙර සිටම කිසිඳු ප්‍රතිපත්තියකට යටත් නොවී විවාද කල අප පාසල් පන්තියේ සගයෙකු දැන් උන්මාදයට පත්ව ඇත.මා ජනපති ජයග්‍රහනය සම්බන්ධව සුබ පැතූ කල්හී එතුමා,”කපන්න බැරි අත ඉඹිනවාද?”යැයි ප්‍රශ්න කරමින් සිද්ධිය අවුස්සන්නට තැත් කලේය.මා මින් පෙර කිසිදිනක අත කැපීමට ගොස් නැත.මා සිදුකලේ අත ප්‍රතික්ෂේප කිරීම පමනකි.එසේම මවිසින් දැන් එම අත ඉඹීමට යන්නේද නැත.නමුත් මා සහ සදාහරිතයේ අප එසේ කලේ නම් නුදුරු සුබ අනාගතයේදී මෙය ලක්දිව අති විශිෂ්ඨතම බ්ලොගය වනු නොඅනුමානය.තවත් මා සහෘදයෙකු පැවසුවේ “උඹලා මේ බ්ලොග් හදාගෙන වෙච්ච මහන්සිය අපි දන්නවා.දැන්වත් ඔය ගොන් වැඩ නවත්තපන්” යනුවෙනි.අප එතරම් මහන්සියක් මේ සඳහා වූයේ නැත.අප අපගේ වැඩ මෙනිසා පාඩු නොකර ගත්තෙමු.එහෙත් කොතරම් වැඩ මධ්‍යයේ හෝ එජාප ප්‍රතිපත්ති වලට අනුකූලව අප අපට දිය හැකි සහ අප බ්ලොගය සමග රැඳී සිටි පිරිසට දිය යුතු දෙය නොහොත් සත්‍යය නොවලහා ඉදිරිපත් කලෙමු.අප පක්ෂ බේදයකින් තොරව පැසසිය යුතු දේශපාලඥ්ඥයින් පැසසූයෙමු.අප පක්ෂ බේධයකින් තොරව ලාංකේය දේශපාලනය විවේචනය කලෙමු.මුල සිටම අප සමග අදහස් එක්කරමින් දේශපාලඥ්ඥයන් එක්විය.එයද අපට යම් සවියක් විය.

මෙම ලිපිය ජනපතිවරණය සම්බන්ධව ලිවීමකටත් වඩා ජනාධිපතිවරණයට පෙර සහ පසු නොයෙක් පාක්ෂිකයින්ගේ හැසිරීම් සම්බන්ධව ලිවීමක් යැයි කිවහොත් මා නිවැරදිය.තවත් වරක් මා මිතුරෙකු ජනපතිවරණයෙන් පසු Face Book සමාජජාල වෙබ් අඩවිය තුල නිරුත්තර වනු මා සියැසින් දුටිමි.එහෙත් එක් අවස්ථාවකදීවත් සදාහරිතයේ අප නිරුත්තර වූයේ නැත.මන්ද අප අපගේ ප්‍රතිපත්ති දැන කටයුතු කල හෙයිනි.තවත් සමහර මිතුරන් ජනපතිවරණ දින තෙක් මැදි පිළිවෙතක් අනුගමනය කර ජනපති ජයග්‍රහනයෙන් පසු සහ ඡන්දය දින තුලම තම තමන්ගේ ඡන්ද වැඩි පැත්තට පා කර හැරියෝය.මෙහිදී බ්ලොග්කරුවකු වන මා එක සහෘදයෙකු පැසසිය යුතුව ඇත.ඒ ඔහු ජනපතිවරණ සමය එළඹීමේ සිටම අවසානය තෙක් පක්ෂග්‍රාහී නොවී සාධාරණ දේශපාලන ප්‍රතිපත්ති තුල එල්බ සිටීම හේතුවෙනි.තවත් මා මිතුරන් නිවැසියන් සමගද විවාද කිරීමට ගොස් ප්‍රශ්න ඇතිකරගෙන තිබිණි.මෙවැනි තත්ව මත මෙම ඡන්දයෙන් ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් ජාතික සමගිය නම් බිඳ වැටුනු බව පසක් කල යුතුය.

ඡන්දය.මෙය අවසන්ව ඇත.සංවේදියයෝ තුටු වෙති.ප්‍රදීප් එක්නැළිගොඩ තවමත් අඳුරේය.සදාහරිත අපටද යම් සියුම් කාරියක් කල යුතුව ඇත.නිශ්චිත එල්ලයක් නොමැතිව එල්ල කල මඩ ශරීරයේ නොතැවරුනද පසුබිමේ ගෑවී ඇත.ඒවා සෝදා හැරිය යුතුය.සටහන මෙතෙකින් අවසන්ය.කරුණු අඩුවක් නොව කේන්තිය තීව්‍ර වීම නිසාවෙනි.අවසන කීමට දෙයක් ඇත.

අපද මිහිතලය සිප ගත්තද කැමරාව එදෙසට නොවීය.

– රචින්ත ජයවර්ධන, 2010 නවම්

කොටන් අදින්න වගේම. . .කරඬුව ගෙනියන්නත් සුදුසු අපේ ඇත් රජ – ගාමිණී අතුකෝරල

ගාමිණී අතුකෝරල

2002 වර්ෂයේ ජනවාරි පලමුවනදා සියළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් සහ සියළු ප්‍රතිපත්තිගරුක ඡන්ද දායකයින් සිත් තුල ශෝකයක් දල්වමින් එජාපයෙන් පාර්ලිමේන්තු සභාව ප්‍රභාවත් කල සම්භාවනීය ජනතා නියෝජිතයෙකු වූ ගාමිණී අතුකෝරාල මහතා දැයෙන් සමුගත්තේය.එජාපයේ අපට අලියා ලකුණ වැදගත් වන්නේ යම්සේද,ඒ වගේම ගාමිණී කියන නමත් වැදගත් දෙයක් වෙනවා.එවකට පක්ශයේ අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය සහ බුද්ධශාසන අමාත්‍ය තුමා මෙන්ම සභානායක තුමාද වන ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුව හමුවේ කල සිය ශෝකප්‍රකාශයේ සඳහන් කලේ. . . ,

කවර දේශපාලන පක්ෂයකට වුනත් ආදර්ශයට ගත හැකි චර්යාවක් ගාමිණී අතුකෝරල මහතා තුල තිබුනා.එතුමාගේ කැපවීම ඉතාමත්ම ඉහලයි.අංශක ගණනක් තිබුනේ නැහැ.සියයට සීයයි.එය අඩුවක් නැහැ!

එතුමාගේ පියා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කළ, සබරගමුව හෙබවූ විශිෂ්ඨ අන්දමේ ජන නායකයෙකු වූ නිසා, ජේ. ආර්. ජයවර්ධන මහතා වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ඒ පලාතට ගිය විට එතුමාගේ නිවසටත් යන සිරිතක් තිබුනා.ඒ නිසා ගාමිණී අතුකෝරල මහතා කුඩා කාළයේ සිටම දේශපාලනයට හුරු වුණු කෙනෙක්.එයට හොඳම උදාහරණය වන්නේ විසි දෙවනි වියේදී නිවිතිගල ආසනය සංවිධානය කිරීමට එඛඹෙනවා.එවන් භද්‍ර යෞවනයේ සිටින විටදීයි එතුමා දේශපාලනයට පිවිසියේ.ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතුකෝරල මහතා,දේශපාලනයට කැඳවනු ලැබූ විට නිවිතිගල වැනි වමේ බලකොටුවකින් 1977දී පලමු වතාවේදීම 17450 ඡන්ද ලබාගෙන වැඩි ඡන්ද 1655කින් දේශපාලනයට පිවිසෙන්නට එතුමාට හැකිවුනා. ඒ අනුව “බේබි මහත්තයා” නමින් ජනතාවගේ ආදරය දිනාගෙන හිටපු මේ තරුණයා මන්ත්‍රීතුමෙකු බවට එසේත් නොමැති නම් ජනතා නියෝජිතයෙකු බවට පත්වුනා.එසේම ඔහු සතු වූ පෞරුෂය සහ ආකර්ශනීය සිනාව ඔහුව සිය රටවැසියාගේ සිත් තුල නොමැකෙන සටහනක් ලෙස ඉතිරි කිරීමට සහය වුනා.

එතුමාගේ දේශපාලන දිවියේ සුවිශේෂ අවස්ථාවක් වුනේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා යෞවන කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ගාමිණී අතුකෝරල මැතිතුමා එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වීමයි.කැපවීමලින් තොරව කටයුතු කිරීමෙන් හෝ අඩු ශක්තියකින් කටයුතු කිරීමෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතා වැනි චරිතයක් සමග වැඩිදුර සම්බන්ධතාවයක් ගෙනයන්නට ලෙහෙසි නැති බව ඉතා ප්‍රසිද්ධ කරුණක්.එහෙත් පසුකලෙක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ. . . ,

ගාමිණීගේ කාර් එක ජංගම කාර්යාලයක් වගෙයි.

යනුවෙනි.එම ප්‍රකාශයෙන් ගාමිණී අතුකෝරල මහතාගේ කැපවීම මැනවින් විදහනවා.එම කාලය වනවිට තරුණ කටයුතු අමාත්‍යාංශය අලුත් අමාත්‍යංශයකෙය අලුත් අදහසක්.ඒ අවස්ථාවල මෙතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශාල සහයෝගයක් දෙමින් කටයුතු කල බව එතුමාගේ අභාවයත් සමග පාර්ලිමේන්තුව තුල නිකුත් වූ ශෝක ප්‍රකාශ තුල සඳහන් වෙනවා.මහවැලි ව්‍යාපාරය සඳහා මූලිකව කටයුතු කලේ අනිත් ගාමිණී,එහෙමත් නැත්තං ගාමිණී දිසානායක ඇමතිතුමා.කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් ගාමිණී අතුකෝරල මැතිතුමා එවකට ජංගම කාර්යාල පවත්වමින් මුළු මහවැලි කලාපය සිසාරා හැම ජනපදයක් කරාම ගිහිල්ලා,දැඩි උනන්දුවකින් එතුමා කටයුතු කල බවද එම ශෝක ප්‍රකාශ තුල සඳහන් වෙනවා.

ගාමිණී අතුකෝරල

එකල ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පාන්දර 4.00 සිට ජනතා සේවයට කැපවී සිටි බව නොරහසක්.ඒ ආකාරයෙන්ම ගාමිණී අතුකෝරල මැතිතුමා පාන්දර 4.00 වන විට අමාත්‍යාංශයේ සිටින බවද,උදෑසන 8.00 – 9.00 වන විට එතුමා ජනතාව හමුවී ප්‍රශ්න හඳුනාගෙන උදෑසන 9.00න් පසු ඒ ඒ අමාත්‍යාංශ සහ ඒ ඒ දෙපාර්තමේන්තු , නිළධාරීන් සම්බන්ධ කරගෙන ඒ මතුවුනු සියළු ප්‍රශ්න විසඳන්නට එතුමා කාලය කැප කල බව එකල හැන්සාඩ් වාර්ථා වල විවාදයන් හී සහ ප්‍රකාශයන් හී සඳහන් වෙනවා.එසේම ඒ සම්බන්ධ වෙනස් කරණයක් කෙරෙහි ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමා මෙසේ සඳහන් කර තිබෙනවා.

දුරකථනයට තමන්ම උත්තර දෙන ගතියක් එතුමා ලඟ තිබුනා.එය ඉතාම ආදර්ශ සම්පන්න දෙයක්.අර නිළධාරියා මේ නිළධාරියා නෙමෙයි උත්තර දුන්නේ.ජංගම දුරකථන රාශියක් එතුමා අතේ තියෙනවා.සමහර තැන් වලට සංඥා නැතිවෙන කොට ඊලඟ එකෙන් හරි අමතන්න පුලුවන්.සංඥා නැතිවීම බොහෝවිට දේශපාලනඥයන්ට වාසියක්.ඒත් එතුමා එය වාසියක් විදිහට සැලකුවේ නෑ.යුතුකමක් වශයෙන් එතුමා හැමවිටම සම්බන්ධතාව ඇතිකරගන්න කටයුතු කල කෙනෙක්.ඒ කැපවීම සුලුපටු නැහ, නියෝජ්‍ය කාරක සභාපතිතුමනි.

එතුමා රිදී හැන්දක් මුවැතිව ධනවත් පවුලක ඉපදුනු කෙනෙක්.ඉතින් එතුමාට නැති බැරි කමක් තිබුනේ නෑ.හම්බකිරීම ගැන එතුමාට කිසිම දිනෙක චෝදනාවක් තිබුනෙත් නෑ.එතුමා එජාපයේ උප නායකයා වශයෙන් එවකට සිටි පර්ෂද නායකයන්, අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වැනි අය නමින් දන්නා තරමට සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන සිටියා.එතුමාගේ වතු යායවල්, බූදල ක්‍රමක්‍රමයෙන් නැති වුනා.ප්‍රවාහන සේවය සඳහා යොදවා තිබූ එතුමාගේ ලොරි බොහෝවිට මැතිවරණයක් ඉවරවෙන විට විකිණිලා අවසන් වෙලා තිබුනා.එවන් දේශපාලනයක් එතුමා කලේ.එතුමා කොටන් අදින්න ඉතාම ශූර අලියෙක් වගේම,කරඬුව වඩම්මන්නත් හැම විටම සුදුසුකම් ලබා සිටියා.මෙහිදී එක් ස්ථානයක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමා ජනබල මෙහෙයුම සම්බන්ධව මෙසේ ප්‍රකාශ කරනවා.

එතුමාගේ දේශපාලන දිවියේ කූටප්‍රාප්තිය විදියට මා සළකන්නේ එතුමා ඇමතිවරයෙකු වශයෙන් පත්වීම හෝ, අප පක්ෂයේ උප නායකයා වීම හෝ, පක්ෂයේ ලේකම් වීම හෝ නොවෙයි.ජන බල මෙහෙයුම සංවිධානය කල ආකාරයයි.ඒ සඳහා එතුමා දුන් නායකත්වය එක්සත් ජාතික පක්ෂයට නම් කවදාවත් අමතක කරන්න බෑ.

එතුමාගේ අභාවය ගැන අහුවහම රට පුරාම සුදු කොඩි නොනැඟුන ගෙයක් නැති තරමට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව දුක් උන අවස්ථාවක් බවට එය පත්වුනා.විශේෂයෙන්ම එතුමා දේශපාලන භේදයක් නැතිව හැම පන්සලක් සමගම සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටියා.අවසන් වශයෙන් එතුමාගේ වියෝව සම්බන්ධයෙන් එවකට විපක්ෂ නායක වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කී දෙයින් මදක් විමසා සිටිමු.

අපි දැකලා තියෙනවා,සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු වුනාම ඔවුන් එකපාරටම වෙනසක් ඇති කරගන්න බව.නමුත් ගාමිණී අතුකෝරල එහෙම ආරෝපණය කරගත්ත බලයක් පෙන්වූ ඇමතියෙක් නෙමෙයි. ගාමිණී අතුකෝරල මැතිතුමා ඔහුගේ පක්ෂය බලයට පත් කිරීම සඳහා කටයුතු කලාය කියන එක අප අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්.

මෙවන් තීරණාත්මක අවස්ථාවකදී එවන් අවංක දේශපාලනඥයෙකු මෙන්ම සොඳුරු මිනිසෙකු අහිමි වීම අප අභාග්‍ය වන අතර,මීට වසර අටකට පෙර ජනවාරි පලමු වැනිදාවක අප හැර ගිය ඒ කොටන් ඇදීමට පමණක් නොව,කරඬුව වඩම්මන්නටත් සුදුසු ඇත් රජුට මෙම ලිපිය උපහාරයක් වන අතර එතුමාට අමා මහ නිවනින් සැනසීම ලැබෙන්නට සදාහරිතයේ අප ඉතසිතින් පතමු.

– රචින්ත ජයවර්ධන, 2010 දුරුතු –

මඩ

සදාහරිතයේ අප ප්‍රතිපත්තියක් වශයෙන් මඩකරණයේ යෙදීම අනුමත නොකරන්නෙමු.මන්දයත්,එසේ වුවහොත් අනෙකුත් දේශපාලන මාධ්‍ය සහ අප අතර වෙනසක් ඇති නොවන බැවිනි.මෙහි මාතෘකාව මඩ වුවද,මෙය යටතේ ලියවෙන්නේ අනුනට මඩ ගැසීමකට නොව අනුන් ගසන ලද මඩ සේදීමකි.සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට තීරණය කල කාලයේ සිට මේ දක්වා එල්ල කල මඩ ප්‍රහාර වලින් හිතේ ඇඳුනු සමහරෙක් කාරණා සම්බන්ධව කතා කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

  • මේ දිනවල වැඩිපුරම කතා බහට ලක් කෙරෙන්නක් වන්නේ දේශපාලනයට කලාකරුවන්ගේ සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මැදිහත් වීමෙන් සිද්ධ කෙරෙන තාරුන්‍යයට හෙටක් සංවිධානය සංවිධානය ඔස්සේ ගෙන එන රූපවාහිනී වෙළඳ දැන්වීමයි.(මේ පිළිබඳ මෙම ලිපියට පෙර ලිපියේද දීර්ඝ ලෙස සඳහන් කොට ඇත.)එක්තරා සාදයකදී මේ පිළිබඳ සංවාදයක අප නිරත වුනු අතර එහිදී සන්ධානයේ පලාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු පැවසුවේ සංගක්කාරට “විවා” විකුනන්න හොඳනම් රවීන්ද්‍ර රන්දෙනිය ජනපතිගේ ගුණ කීවාම මොකද යන්නයි.මෙය මම ඔහුටද වටහා දුන් අතර,ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව වටහාගෙන හිඳිමු.සංගක්කාරගේ ශක්තිය වැඩිකරන විවා නොබී සිටියා කියා අපට සිදුවන කිසිඳු පාඩුවක් නැත.එසේම සංගක්කාරගේ කට වචනයට විවා බීවහොත් එහිද සිදුවන වැඩි වෙනසක් නැත.එහෙත් ජනාධිපතිවරනයකදී ජනතාවගේ තීරණය ස්ථීරවම රටේ අනාගතය තීරණය කරයි.එසේම ඔය ස්ටේජ් නගින දේශහිතෛෂී,දේශප්‍රේමී,දේශමාමක කළාකරුවන් පිරිස පොරපොල් පිටියේ උඩු පිලට වාසි විට උඩු පිලටද,යටි පිලට වාසි විට යටි පිලටද හෝයියා කියන ගමේ කොලු රොත්ත වැනිය.
  • තවද මේ දිනවල 154 බස් රථ සමහරෙක(වෙනත් බස් මාර්ග සම්බන්ධව මා ප්‍රකාශ නොකරන්නේ,ඒවායේ මා උදෑසන ගමන් නොකරන නිසාවෙනි.) සිටිFM හී හඩ්සන් සමග රට යන අත විකාශනය අනිවාරය කර ඇත.අවසන් සතියක කාලය තුලම හතර වතාවක් මම තරහෙන් පිපිරෙමින් මහ හයියෙන් දමා තිබූ එම මඩ ගොඩට සවන් දුනිමි.හඩ්සන් සමරසිංහ මහතා පිලිබඳවද මින් පෙර දෙවතාවක් අප සදාහරිතයේ ලිපි තුලින් සාකච්ඡා කරඇත.
  • අනෙකා නම් අන් කවරෙකුත් නොව මහින්ද අබේසුන්දරය.තාලෙට කියවෙන් වැකි ලියා සිඟිති ආතල් ගන්නා ඔහු,ලඟකදී ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා මහතාගේ දත් කළුවී ඇත්තේ ගංජා ගහන බැවිනියිද,එවැන්නෙකුට රට බාරදෙන්නේ කෙසේද යන්නය.මා සරත් ෆොන්සේකා මහතා ගංජා ගසනවාද නැත්ද කියා නොදනිමි.එසේම මා විශ්වාස කරන ආකාරයට ගංජා ගැසීම වරදකි.තවද මෙය මහින්ද අබේසුන්දර මහතා දුටු දෙයක් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර,මෙය ඔහුට ඇතිවූ එක් සිතිවිල්ලක් පමණක් බව මා දනිමි.මන්ද මොහු සහ හඩ්සන් මහතා තමන්ට සිතෙන සියළු රජයට පක්ෂ නොහොත් රාජපක්ෂ සිතුවිල්ලක්ම විලි ලැජ්ජාවකින් තොරව එළියට දමති.එසේම ඔහුගේ ගොං මොළයට වටහා ගත යුතු තවත් කරුණක් ඇත.එනම් ලක්දිව මෙන්ම ලෝකවාසී ගංජා ලෝලීන් එක ලෙස ප්‍රිය කරනලොව පුරා තරුණයින් “මරිජුවානා”ඇති ප්‍රවණතාවය වැඩිකරන ප්‍රධානම සාධකයක් වන,සෑම පින්තූරයකම පාහේ කටේ ගංජා සුරුට්ටුවක් ඔබාගෙන සිටින “බොබ් මාලේ” යනු. . .ලෝකයාට වඩාත් මානුෂීය දේශපාලන ක්‍රමයක් හඳුන්වා දුන්නෙකි.එනම් දේශපාලනයට ගංජා බාධකයක් නොවන බවයි.එයින්ම මහින්ද අබේසුන්දරගේ තර්කය බිඳී යයි.
  • අවසන් කරුණ අප ඔබට සිතන්නට ඉතිරි කරන්නෙමු.සරත් ෆොන්සේකා මහතා සංවේදී නායකයෙකු නොවන්නේ ඔහු මව් බිමේ උස් නිදහස වෙනුවෙන් අවි සමග ගැටුනු නිසාද?

හිතන්න !

සදාහරිතයේ අප,ඔබට මේ ලබන්නාවූ 2010 වසර ඉතා සුබ සහ සෞභාග්‍යයෙන් පිරි වසරක් වේවායි පතමු !


– රචින්ත ජයවර්ධන ©,2009 උඳුවප් –

ගම අවුලඥ්ඥං. . .හබ පටලඥ්ඥං. . .

Hudson Samarasinghe

හඩ්සන් සමරසිංහ

Click here to get Sinhala Unicode

කොළඹ හතේ මහ ගෑණු MLTRට උඩ පැන්නාට වඩා උඩ පනිමින් මා රසවිඳින ගීත ගොන්නෙන් මුල් තැන ගත් ගීතයක හිමිකරු ලයනල් රන්වල මහතාය.එතුමාගේ ගීතයකට මෙසේ කිරීමට සිදුවීම ගැන මා බෙහෙවින් කණගාටු වන අතර ඇරත් මේ වගේ ගොනෙකු ගැන එය නැවත් ප්‍රබන්ධ කිරීමට සිදුවීම ගැනද කණගාටු වෙමි.ගීතය මෙසේ වෙයි.

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

වැලි වල පාටට ඇඳගෙන ඒන්නේ. ..

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

එස් එල් බී සී පෙරමුණ ගන්නේ. ..

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

දොමිකිට කිට දොම් දොම් //

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

සුදු සරමක් සේදීම. ..

කරමින් සැමදා උදේම. ..

සතුටකි නුඹට කදීම. ..

අපේ හඩ්ඩෝ. . .හෙහෙහෙහේ අපේ හඩ්ඩෝ. ..

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

වැලි වල පාටට ඇඳගෙන ඒන්නේ. ..

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

රජාගේ වැඩකට මුලටම ඉන්නේ. . .

එස් එල් බී සී පෙරමුණ ගන්නේ. ..

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

කට වට කර වැට කොහොම බඳින්නේ. . .

දොමිකිට කිට දොම් දොම් //

හුණු පත්තර කියවීම. ..

රජාට කඩේම යෑම. ..

විපක්සෙ අල්ලං කෑම. ..

නවතීදෝ. . .හෙහෙහෙහේ නවතීදෝ. ..

ගම අවුලඥ්ඥං

හබ පටලඥ්ඥං

ගිණිගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥ්ඥං //

දොමිකිට කිට දොම් දොම් //

ඔහු මේ ලඟදීම කල ප්‍රකාශය නම් ඉතාමත්ම දරුණු පහර එල්ල කිරීමකි.ඒ මුලටම නැතත් යුද්ධය සම්බන්ධ මහ රජතුමගේ බැනර් වල මහ රජතුමාට සහ එතුමාගේ සහෝදරයාට පසුතිබුනු ගාම්භීර මුහුනට හෙවත් සරත් ෆොන්සේකා මහතාටය.ඔහු පැවසුවේ ශ්‍රී ලංකා යුධ හමුදාව නන්දිකඩාල් පහර දෙන විට සරත් ෆොන්සේකා මහතා සිටියේ චීනයේ බවය.ඔහු එතුමාගෙන් විමසුවේ “සරත් මහත්තයෝ,ඔබතුමා චීනයට ගියේ චීනයේ ටෙරාකොටා ආමි ලෙස ප්‍රසිද්ධ මැටි පිළිම හමුදාවට අණ දෙන්නද?” යන්නයි.ඡන්දය දිනීමට හැකි පමණ විකිනූ යුද්ධය දිනීමට ප්‍රධාන වූවන් අතරේ සිටි මෙවැන්නෙකුට මෙසේ නිගරු කිරීම සුදුසුද යන්න පාඨක ඔබට බාරය.

 

 

තවත් වරක් මොහු ප්‍රකාශ කලේ හිටපු ජනරාල් වරයාගේ එක්සත් ජනපද සංචාරය සම්බන්ධවය.ඔහු පැවසුවේ එතුමා එහි ගොස් ග්‍රීන් කාඩ් ගැනීමේදී ඇමරිකාවට පක්ෂව සින්දු කියන්න වූ බවය.ඔහු සඳහන් නොකලද ආරක්ෂක ලේකම්තුමාද එහි ගියේ එම සින්දුවම කීමටය.තවද ඔහු අවසන නිර්ලජ්ජිතව පැවසුවේ තමා එම කරුණු දැන සිටින්නේ තමාද මින්පෙර ග්‍රීන් කාඩ් ලබාගෙන ඇති නිසාවෙන් බවයි.එසේම ඔහු ප්‍රකාශ කලේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව එල්ල කල සෑම උන්ඩයකින්ම මුදලක් සරත් ෆොන්සේකා මහතා ලබාගත් බවය.හඩ්සන් සමරසිංහ මහතා කලක් එක්සත් ජාතික පාක්ශිකයෙකි.දැන් ඔහු සන්ධානයේය.සිටි fm හි රට යන අතට සැමදා අමතන්නේ එකම පිරිසකි.සමහරවිට ඒ දේශප්‍රේමියෝ විය යුතුය.සිටි fm එකට කතාකොට ආණ්ඩුවේ ගුණ නොපවසන බැවින් අපට උරුම කොළඹ නගරයේ ගොඩගසා තිබූ පිදුරුය.දිනක් පුවත් පතක රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතා තිබූ හිමිනමකට මොහු ප්‍රාර්ථනා කලේ අවීචි මහා නරකාදියට යන ලෙසය.එසේත් නැත්නම් අවීචි මහා නරකාදියට යා යුතු බවය.මෙම මාධ්‍යකරණය පිලිබඳ තීරණය ඔබ සතුය.

 

 

– රචින්ත ජයවර්ධන,2009 ඉල් –
Rachintha Jayawardhana©,November 2009

දිනන්නට නම්.. .

රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!
රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!

දැන් දකුනේ ඡන්දය හමාරය.එක්සත් ජාතික පාක්ශිකයින් වශයෙන් බුද්ධික පතිරණ සහ මනූෂ නානායක්කාර සම්බන්ධව අප සතුටු විය යුතුය.එහෙත් සියල්ල ගෙන බැලූකල්හී අපට ඉතිරිව ඇත්තේ

දුක් වීමට පමණි.ඉහල සාමාජිකයින් කුමක් කීවත් අප පරාජය වී හමාරය.මෙය සන්ධානයේ පසුබෑමක් වුවද එජාපය අවසන පරාජය වී ඇත.ලෝක ශූර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමද දුර්වල
කණ්ඩායම් වූ කෙන්යාවට සහ බංගලාදේශයට පරාජය විය.නැවත් දිනුවෝය.ඉන් අනතුරුවද ඔවුන් ශූරතා විශාල ප්‍රමානයක් දිනුවෝය.පරාජයක් යනු මිය යෑමක් නොවේ.එම නිසා අප පක්ෂයක්
ලෙස දුක් විය යුතු වුවද සිතින් වැටිය යුතු නැත.එසේම සන්ධානය මෙන් මාධ්‍ය ඔස්සේ වැසියා රැවටිය යුතුද නැත.එය එජාපය මෙතෙක් අනුගමනය නොකල පිළිවෙතකි.මා හිත මිතුරෙකු කියා තිබූ පරිදි
අපට ඉතිරිව ඇත්තේ සන්ධානයට 90% ක අපේක්ෂිත ඉලක්කය කරා යෑමට ඉඩ නොදුන් දකුණු ජනතාවට ස්තූතිවන්ත වීම පමණි.වරදවා නොවටවහාගන්න මෙය සිත සාදා ගැනීමක් නොවේ.අප
සදාහරිතයේ ශ්‍රී ලාන්කීය දේශපාලනය සම්බන්ධව කතා කරන්නේ නම් පක්ෂ බේදයකින් තොරව කතා කල යුතුය.මින් පෙරද අප බ්ලොග් ලිපි කියවූ ඔබ ඒ පිළිබඳ වටහගෙන ඇතැයි සිතමු.එබැවින් මා
විශ්වාස කරන පරිදි ඕනෑම දෙයක නැග්මක් සහ බැස්මක් ඇත.එය ආර්ථිකයටද පොදුය.මින් පෙර එජාපය ඓතිහාසික ජයග්‍රහන ලබද්දී එවකට විපක්ෂයද නොයෙක් විදි වලින් සිත සනසා ගන්නට
ඇත.එහෙයින් දිනන්නට වාසනාව පැමිනෙන විට,එදිනට යෙදීමට සියලු ජවය අප සතු විය යුතුය.මන්දයත් සියල්ල රඳා පැවතීමට ඇති සාධක වන්නේ වාසනාව සහ හැකියාවයි.
මදකට දකුණේ පැවැත්වුනු ඡන්ද ව්‍යාපාරයට අප කතිකාවත යොමු කරමු.පක්ෂ විපක්ෂව ප්‍රධානවම කතා කෙරිච්ච චරිත සම්බන්ධව කතා කරන්නේ නම් ශාන්
විජේලාල්,අනර්කලී,මනූෂ,මුතුහෙට්ටිගම,සුසන්තා චන්ද්‍රමාලී ඉදිරියෙන් සිටී.කොපමන වචන වැරැද්දුවද හුරතලේට ජනයා ඇමතූ අනර්කලී මෙනවියට මන්ත්‍රී ධූරයක් ලබාදීමට දකුණේ ජනයා
අමතක නොකලේය.සැබවින්ම චරිතය කෙසේ වුවත් ඇය මෙතෙක් හොරකම් කලේ නැත.සැබවින්ම ඇය මුලු දකුණටම කෙසේ වෙතත් දකුණේ යුවතියන්ට වත් සෙතක් කරනු ඇතැයි මා විශ්වාස
කරමි.එසේම එජාපයෙන් මනූෂ තවත් අභීත තරුණ නායකත්වයකි.ඔහුට මනා දැක්මක් සහ හැකියාවක් ඇති සේම ඔහු ක්ෂේත්‍ර කිහිපයකම කොණ දුටුවෙකි.සත්‍ය වශයෙන්ම එජාප තරුණ පෙළේ මා
දකින විශිෂ්ඨතම අනාගතය හිමිවනේ මනූෂ ටය.ඇමතීමේ හැකියාව,යෙදවීමේ හැකියාව,කරවීමේ හැකියාව,කැඳවීමේ හැකියාව ඇත.ඒ අතින් ඔහු බුද්ධිකට වඩා ඉදිරියෙන් ඇත.එසේම ශාන්
විජේයලාල් වැඩිම මනාප ගත්තාට පුදුමයක් නැත.මන්ද මා පෞද්ගලිකවම දන්නා පරිදි ඔහු ඉතා හොඳ සමාජ සේවකයෙකි.ඔහු අතිවිශාල මෙහෙවරක් එම ප්‍රදේෂයට කර ඇත.ලිපිය අප්‍රිය කරවීමට
සහ දිගු කරවීමට ඇති අකමැත්ත නිසා ඉතිරි චරිත සඳහන් නොකර සිටිමි.
තවද එක් තුටු විය හැකි කරුණක් ඇත.එනම් වීරවංශ මහතාගේ ලාබ ප්‍රයෝජන පක්ෂය ඇතුගෑවී ගොස් තිබීමයි.එය ඉහත ඇති විනී හෙට්ටිගොඩ මහතාගේ කාටූනයෙන් මනාව ඔප්පු වන අතර ප්‍රධාන
මාතෘකාව වන “දිනන්නට නම්” වෙත අවසාන වශයෙන් පැමිනෙමු.අප “දිනන්නට නම්” පමනක් නොව “දිනා වැඩ කිරීමට නම්” කල යුතු වන්නේ සාමූහිකත්වය ඇති කිරීම හාවිශ්වාසය
ඇතිකිරීමයි.මහත්මා දේශපාලනයට කදිම චරිතයක් වන් රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දෙනෙක් පවසන පරිදි ලංකාවේ දේශපාලනයට ඔබින්නේ නැතිලු.මන්ද ලක්දිව මහත්මා දේශපාලනයක්
නොපවතින බැවිනි.අනෙක් කරුණ නම් කට පරෙස්සම් කරගැනීමයි.මන්ද වරදින වචන ඇල්ලීමට රජය මාධ්‍ය යොදවා තිබීමයි.එසේ වැරදි රජය පාර්ශවයෙන් සොයන්නේ නම් එමට ඇත.ලඟම
උදාහරණය රාජිත සේනාරත්න මහතා දැනට දිනකට හෝ දෙකකට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ කල ප්‍රකාශයකි.එන ලංකාවේ මිනිස්සුන්ට වීජ ගණිතය නොතේරෙන බවත් කියන දෙයක් ගොඩේ
විදිහට කිව යුතු බවත්ය.එම නිසා මුව රැලේ නායකායා වන අං තට්ටුව ඇති මුවාමුවාට වුවද නරියාගේ ගොදුර වීමට සිදුවේ.එමනිසා මතුවට සශ්‍රීක අනාගතයක අරමුණ සිත් තබාගෙන වාසනාව අසලට
එනවිට එය බාරගැනීමට සූදානම් වී සිටින්නැයි ඉල්ලමින් සමුගනිමි.අප පක්ෂයට ජය නියතය.ඔබටද සදා ජය !!!
ප.ලි: මෙපමන කලක් විභාග කටයුතු හේතු කොට ගෙන නිලැස් සොහොයුරාට සහ මා හට සදාහරිතය ඉදිරියට ගෙනයාමට නොහැකිවීම සම්බන්ධව සමාව අයදිමු.තවද අප අනෙක් හවුල්කරුවා
හදිස්සියේ විදේශ ගත වීමදාවාසනාවට සිටියේය.ඔබ මෙතෙක් කලක් සදාහරිතය සමග සිටීම සම්බන්ධව තුති පුද කරමි.තවද මෙය සදාහරිත කණ්ඩායමේ අදහස නොව මාගේ පෞද්ගලික අදහස
මතය බැවින් ඔබ මෙයට විරුද්ධ අදහසක් දරයි නම් සදාහරිතය විවේචනය නොකර මා විවේචනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි.එසේම අප කවුරු කවුරුත් යම් පමණකට සුදු හකුරු හදන්නන් බැවින්
වැරදි කියමන් ඇතොත් සමාව අයදිමි.

දැන් දකුනේ ඡන්දය හමාරය.එක්සත් ජාතික පාක්ශිකයින් වශයෙන් බුද්ධික පතිරණ සහ මනූෂ නානායක්කාර සම්බන්ධව අප සතුටු විය යුතුය.එහෙත් සියල්ල ගෙන බැලූකල්හී අපට ඉතිරිව ඇත්තේ දුක් වීමට පමණි.ඉහල සාමාජිකයින් කුමක් කීවත් අප පරාජය වී හමාරය.මෙය සන්ධානයේ පසුබෑමක් වුවද එජාපය අවසන පරාජය වී ඇත.ලෝක ශූර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමද දුර්වල කණ්ඩායම් වූ කෙන්යාවට සහ බංගලාදේශයට පරාජය විය.නැවත් දිනුවෝය.ඉන් අනතුරුවද ඔවුන් ශූරතා විශාල ප්‍රමානයක් දිනුවෝය.පරාජයක් යනු මිය යෑමක් නොවේ.එම නිසා අප පක්ෂයක් ලෙස දුක් විය යුතු වුවද සිතින් වැටිය යුතු නැත.එසේම සන්ධානය මෙන් මාධ්‍ය ඔස්සේ වැසියා රැවටිය යුතුද නැත.එය එජාපය මෙතෙක් අනුගමනය නොකල පිළිවෙතකි.මා හිත මිතුරෙකු කියා තිබූ පරිදි අපට ඉතිරිව ඇත්තේ සන්ධානයට 90% ක අපේක්ෂිත ඉලක්කය කරා යෑමට ඉඩ නොදුන් දකුණු ජනතාවට ස්තූතිවන්ත වීම පමණි.වරදවා නොවටවහාගන්න මෙය සිත සාදා ගැනීමක් නොවේ.අප සදාහරිතයේ ශ්‍රී ලාන්කීය දේශපාලනය සම්බන්ධව කතා කරන්නේ නම් පක්ෂ බේදයකින් තොරව කතා කල යුතුය.මින් පෙරද අප බ්ලොග් ලිපි කියවූ ඔබ ඒ පිළිබඳ වටහගෙන ඇතැයි සිතමු.එබැවින් මා විශ්වාස කරන පරිදි ඕනෑම දෙයක නැග්මක් සහ බැස්මක් ඇත.එය ආර්ථිකයටද පොදුය.මින් පෙර එජාපය ඓතිහාසික ජයග්‍රහන ලබද්දී එවකට විපක්ෂයද නොයෙක් විදි වලින් සිත සනසා ගන්නට ඇත.එහෙයින් දිනන්නට වාසනාව පැමිනෙන විට,එදිනට යෙදීමට සියලු ජවය අප සතු විය යුතුය.මන්දයත් සියල්ල රඳා පැවතීමට ඇති සාධක වන්නේ වාසනාව සහ හැකියාවයි.

මදකට දකුණේ පැවැත්වුනු ඡන්ද ව්‍යාපාරයට අප කතිකාවත යොමු කරමු.පක්ෂ විපක්ෂව ප්‍රධානවම කතා කෙරිච්ච චරිත සම්බන්ධව කතා කරන්නේ නම් ශාන් විජේලාල්,අනර්කලී,මනූෂ,මුතුහෙට්ටිගම,සුසන්තා චන්ද්‍රමාලී ඉදිරියෙන් සිටී.කොපමන වචන වැරැද්දුවද හුරතලේට ජනයා ඇමතූ අනර්කලී මෙනවියට මන්ත්‍රී ධූරයක් ලබාදීමට දකුණේ ජනයා අමතක නොකලේය.සැබවින්ම චරිතය කෙසේ වුවත් ඇය මෙතෙක් හොරකම් කලේ නැත.සැබවින්ම ඇය මුලු දකුණටම කෙසේ වෙතත් දකුණේ යුවතියන්ට වත් සෙතක් කරනු ඇතැයි මා විශ්වාස කරමි.එසේම එජාපයෙන් මනූෂ තවත් අභීත තරුණ නායකත්වයකි.ඔහුට මනා දැක්මක් සහ හැකියාවක් ඇති සේම ඔහු ක්ෂේත්‍ර කිහිපයකම කොණ දුටුවෙකි.සත්‍ය වශයෙන්ම එජාප තරුණ පෙළේ මා දකින විශිෂ්ඨතම අනාගතය හිමිවනේ මනූෂ ටය.ඇමතීමේ හැකියාව,යෙදවීමේ හැකියාව,කරවීමේ හැකියාව,කැඳවීමේ හැකියාව ඇත.ඒ අතින් ඔහු බුද්ධිකට වඩා ඉදිරියෙන් ඇත.එසේම ශාන් විජේයලාල් වැඩිම මනාප ගත්තාට පුදුමයක් නැත.මන්ද මා පෞද්ගලිකවම දන්නා පරිදි ඔහු ඉතා හොඳ සමාජ සේවකයෙකි.ඔහු අතිවිශාල මෙහෙවරක් එම ප්‍රදේෂයට කර ඇත.ලිපිය අප්‍රිය කරවීමට සහ දිගු කරවීමට ඇති අකමැත්ත නිසා ඉතිරි චරිත සඳහන් නොකර සිටිමි.

තවද එක් තුටු විය හැකි කරුණක් ඇත.එනම් වීරවංශ මහතාගේ ලාබ ප්‍රයෝජන පක්ෂය ඇතුගෑවී ගොස් තිබීමයි.එය පහත ඇති විනී හෙට්ටිගොඩ මහතාගේ කාටූනයෙන් මනාව ඔප්පු වන අතර ප්‍රධාන මාතෘකාව වන “දිනන්නට නම්” වෙත අවසාන වශයෙන් පැමිනෙමු.අප “දිනන්නට නම්” පමනක් නොව “දිනා වැඩ කිරීමට නම්” කල යුතු වන්නේ සාමූහිකත්වය ඇති කිරීම හාවිශ්වාසය ඇතිකිරීමයි.මහත්මා දේශපාලනයට කදිම චරිතයක් වන් රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දෙනෙක් පවසන පරිදි ලංකාවේ දේශපාලනයට ඔබින්නේ නැතිලු.මන්ද ලක්දිව මහත්මා දේශපාලනයක් නොපවතින බැවිනි.අනෙක් කරුණ නම් කට පරෙස්සම් කරගැනීමයි.මන්ද වරදින වචන ඇල්ලීමට රජය මාධ්‍ය යොදවා තිබීමයි.එසේ වැරදි රජය පාර්ශවයෙන් සොයන්නේ නම් එමට ඇත.ලඟම උදාහරණය රාජිත සේනාරත්න මහතා දැනට දිනකට හෝ දෙකකට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ කල ප්‍රකාශයකි.එන ලංකාවේ මිනිස්සුන්ට වීජ ගණිතය නොතේරෙන බවත් කියන දෙයක් ගොඩේ විදිහට කිව යුතු බවත්ය.එම නිසා මුව රැලේ නායකායා වන අං තට්ටුව ඇති මුවාමුවාට වුවද නරියාගේ ගොදුර වීමට සිදුවේ.එමනිසා මතුවට සශ්‍රීක අනාගතයක අරමුණ සිත් තබාගෙන වාසනාව අසලට එනවිට එය බාරගැනීමට සූදානම් වී සිටින්නැයි ඉල්ලමින් සමුගනිමි.අප පක්ෂයට ජය නියතය.ඔබටද සදා ජය !!!

ප.ලි: මෙපමන කලක් විභාග කටයුතු හේතු කොට ගෙන නිලැස් සොහොයුරාට සහ මා හට සදාහරිතය ඉදිරියට ගෙනයාමට නොහැකිවීම සම්බන්ධව සමාව අයදිමු.තවද අප අනෙක් හවුල්කරුවා හදිස්සියේ විදේශ ගත වීමදාවාසනාවට සිටියේය.ඔබ මෙතෙක් කලක් සදාහරිතය සමග සිටීම සම්බන්ධව තුති පුද කරමි.තවද මෙය සදාහරිත කණ්ඩායමේ අදහස නොව මාගේ පෞද්ගලික අදහස මතය බැවින් ඔබ මෙයට විරුද්ධ අදහසක් දරයි නම් සදාහරිතය විවේචනය නොකර මා විවේචනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි.එසේම අප කවුරු කවුරුත් යම් පමණකට සුදු හකුරු හදන්නන් බැවින් වැරදි කියමන් ඇතොත් සමාව අයදිමි.

රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!

රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!

-රචින්ත ජයවර්ධන-

සමාව අයදිමු සහ සංවේගය පතමු!!!

මොරටුව විශ්වවිද්‍යාලයේ පවතින අධික වැඩ රාජකාරි හේතුවෙනුත්,නවක සිසු කණ්ඩායමක් පැමිනීම හේතුවෙනුත්,ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ විභාග කටයුතු සහ අමානුශික Lecture Schedules හේතුවෙනුත්,තවද මා විසින් තවත් අලුත් බ්ලොගක් ආරම්භ කිරීම හේතුවෙනුත් ගතවූ මසක පමණ කාලය තුල කිසිඳු ළිපියක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඒ පිළිබඳ සොයුරු නිලැස් සහ මා පාඨක ඔබගෙන් සමාව අයදිමු.

තවද ඉදිරි මස මුල් සතිය අවසානයේදී පමණ නිලැස් ට විවේකයක් ලැබේයැයි සිතෙන අතර ඉන්පසු අපගේ බ්ලොග් කෙරුවාව පුරුදු පරිදි කරගෙන යාමට අධිෂ්ඨාන කර ඇත.මාහට තවද මසක පමණ කාලයක් විභාග කෙරුවාව ඉතිරිව ඇති අතර එය අධ්‍යාපනයට කැපකිරීමට සිතා සිටිමි.පැමිණි තුන් මසක කාළය මෙන්ම ඉදිරියටද ඔබ යෝජනා,විවේචන සහ ගුණ දොස් සමඟින් අප සමග සිටීයැයි අප අපේක්ෂා කරමු.
සංවේගජනක ප්‍රවෘත්තිය නම් එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් නායක ආදි නාලන්දීය සරත් රණවක මහතා ජූලි 25 දින අප අතරින් වියෝවී ඇති වගයි.

දේශපාලනිකව හොඳ ඉදිරියක් පතනා අතර ළඟදීම ළිපියකින් හමුවන බළාපොරොත්තුවෙන් නවතිමි.ජය වේවා !!!

කාට කියන්නද මේවා ?

Watch this..

ලසන්ත මළවුන් අතරය..අප මරුවන් සමගය..

මාධ්‍ය තර්ජන

A must listen call record.This reveals the truth.

http://lankanewsweb.com/news/2009_06_04_004.html

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තුමාගේ පණිවුඩය.

බස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා කටයුතු කළ පාක්ෂිකයන්ටත් හා රාජ්ය ප්රචණ්ඩත්වය හමුවේ නිහඬව ඡන්දය පාවිච්චි කළ සියලු ඡන්දදායකයන්ටත් එක්සත් ජාතික පක්ෂය සිය කෘතවේදීත්වය පළ කරයි.

ආණ්ඩුව විසින් මෙම පළාත් සභා මැතිවරණය පවත්වන ලද්දේ රාජ්ය බලය, රාජ්ය මාධ්ය, රජයේ දේපොළ, රජයේ වාහන ඇතුළු රාජ්ය සම්පත් උපරිම ලෙස යොදා ගනිමින් පිළිගත් මැතිවරණ නීති – රීති උල්ලංඝනය වන පරිදි ය. මැර බලය ප්රසිද්ධියේ සහ අප්රසිද්ධියේ යොදා ගත් අවස්ථා ද ගණනාවකි.

ඒ සියල්ල මධ්යයේ කොළඹ නඟරයේ බලය තමන් සතුය යන්න පෙන්වීමට ආණ්ඩුව විසින් මැර බලය ද යොදා දරණ ලද උූට්සාහය කොළඹ නඟරයේ ජනතාව විසින් ම පරාජය කොට තිබීම ද සුවිශේෂ සිද්ධියකි.

මෙම ඡන්ද ප්රතිඵලය අනුව කොළඹ නගර සීමාව තුළ සිටින ජනතාව රජය වෙත ලබා දී ඇති පණිවුඩය වන්නේ රට තුළ අහිමි වී ඇති ප්රජාතන්ත්රවාදය සහ යහ පාලනය නැවත ස්ථාපිත කළ යුතු ය යන්න ය.

අප මෙම මැතිවරණයත් සමඟ නැවතත් ආණ්ඩුව වෙත යොමු කරන අභියෝගය නම් රාජ්ය බලය කේන්ද්ර කරමින් තැනින් තැන වරින් වර මැතිවරණ පවත්වනු වෙනුවට එකවර මහ මැතිවරණයක් සඳහා එළැඹෙන ලෙස ය.

-තිස්ස අත්තනායක-