මීට වසරකට ඉහත සිදූවීම් මට හොඳින් මතකය. එදා සඳුදාවකි. උදෑසන සවන් වැකුණු පුවත අප සැමටම මහත් ප්‍රීතියක් දනවන්නක් විය. යුද්ධය හමාර වී ඇති බැව් ඒ පුවතයි. එම පුවත් එනවිට මා මගේ මිතුරන් හා සරසවියේ සිටි අතර සතර අතින් රතිඤ්ඤා හඬ ගිගුම් දෙන්නට විය. දේශන සියල්ල නැවැත්වුණු අතර “ගොඩ” කැන්ටිමට ගිය හැමෝටම කිරිබත් හා ලුණුමිරිස් සංග්‍රහ කරන්නට විය. සතුටින් ඉපිල ගිය අප රූපවාහිණියේ රූප රාමු මහත් ඕනෑකමින් නැරඹුවෙමු. දහවල් වෙද්දී ප්‍රභාකරන්ගේ මෘතශරීරය රූපවාහිණියේ පෙන්වන්නට විය. හතුරකුගේ මිනිය දෙස බලා වුවද සතුටු වීම නුසුදුසු වුවත් ප්‍රභාකරන්ගේ නිසල දේහය දැකීමෙන් අපි සැනසීමට පත්වූයේමු. අදට ඒ දිනයට වසරක් සපිරේ. මේ ලියමන ඒ නිමිත්තෙනි.
මේ සතිය රණවිරු උපහාර සතිය නමින් රජය විසින් නම් කරනු ලැබ තිබේ. එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානය කර වසරක් සපිරීම සැබැවින්ම පක්ෂ පාට, ජාති, ආගම් භේදයෙන් තොරව ශ්‍රී ලාංකික අප සැමටම මහත් සන්තෝෂයට කාරණාවකි. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වන අප එහි කෘතවේදීත්වය අපේ රණවිරුවන්ට හදබැතින් පිරිනැමිය යුතුය. එය සතියකට පමණක් සීමා විය යුතු නැතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ කෙසේ වෙතත් ජාතික වීර දිනය එළැඹෙන, සංග්‍රාමික විජයග්‍රහණයේ වර්ෂපූර්ණය සැමරෙන රණවිරු සතියේදී ඉහත කී විජයග්‍රහණයේ ප්‍රමුඛයා සිරගතව සිටීම සැබැවින්ම කණගාටුවට කරුණකි.
රණවිරු උපහාර සතිය වන මෙම සතියේදී සැබැවින්ම උපහාර ලබන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි. උපහාර උළෙලේදී සිදුවන්නේ ජනතාව රණවිරුවන්ට උපහාර දක්වනවාට වඩා රණවිරුවන් පෙළපාලියේ ගොස් දේශපාලනඥයින්ට “සැලූට්” ගසා උපහාර දැක්වීම නොවන්නේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. එය එසේ කීමෙන් දේශපාලන නායකත්වය යුද ජයග්‍රහණයට දැක්වූ දායකත්වය අවතක්සේරු කිරීමක් අදහස් නොකරමි. එහෙත් සැබැවින්ම තම දිවි පරදුවට තබා යුද කළ සෙබළුන්ට උපහාර කිරීම මීට වඩා ප්‍රායෝගිකව සිදු විය යුතුය. ඔවුන්ගේ වේතනයන් හා ඔවුන්ගේ ප්‍රතිලාභයන් සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන අයුරින් ශක්තිමත් කර යුතුව ඇත. ඉපලෝගම වන් අසාර්ථක නිවාස ව්‍යාපෘතියකට වඩා ප්‍රායෝගික ලෙස ඔවුන්ගේ නිවාස, ඉඩකඩම් සහ වෙනත් ප්‍රශ්න විසඳිය යුතුව ඇත. රට වෙනුවෙන් දිවිපිදූ රණැවිරුවන්ගේ මාපියන්ට, දරුදැරියන්ට, බිරින්දෑවරුන්ට හිමිවන මරණ පාරිතෝෂිකය ආදීන් ඉහළ දැමිය යුතුය. එවන් පවුල්වල අනාගත සුබසිද්ධිය සැලසිය යුතුය.

ජෙනරල් ෆොන්සේකා
කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යුද ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ විජයග්‍රහණයේ වර්ෂපූර්ණය නිමිත්තෙන් නිදහස් කර ඔහුට ලබාදිය යුතු කෘතවේදීත්වය ලබාදෙනු ඇතැයි අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරමු. මක්නිසාදයත් යුද්ධයේ නියමුවා සිරගතව සිටියදී යුද ජය සැමරීම ලැජ්ජාවට කාරණාවක් නිසා. මාධ්‍ය දිනය නිමිත්තෙන් තිස්සනායගම් මහතා නිදහස් කළා සේ රණවිරු සතිය නිමිත්තෙන් සරත් ෆොන්සේකා සෙන්පතිඳුන් නිදහස් කරන ලෙස අපි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලා සිටිමු, එය මහින්ද රාජපක්ෂ මහතාටත්, රජයටත් රණවිරුවන්ට කළ හැකි උතුම්ම උපහාරයයි…!!!
– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වෙසඟ –
Posted by isimbuwa on මැයි 18, 2010 at 14:51
ඇත්ත තමයි යුධ ජයග්‍රහණයේ නායක වීර සෙන්පතිඳුන් සිරගත කොට තිබියදී සමරන රණ විරු සමරුව මොකද්ද? එතුමාව නිදහස් කරන්න කියන මතයෙ මාත් ඉන්නව.
Posted by හෙළයා on මැයි 18, 2010 at 17:12
ඔව්, සාධාරණ හෙතු දැක්වීමක් මත ජෙනරාල්වරයාට යම සාධාරණයක් ඉටු කරනවා නම් හොඳයි තමා.