Posts Tagged ‘Leadership’

විද්‍යාපීඨ, තරුණ සේවා සභාව, වෙළඳ කලාප, අන්තර්ජාලය, ජංගම දුරකථන දැයට දායාද කළ රනිල්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 1949 මාර්තු මස 24 වැනිදා එස්මන්ඩ් සහ නාලිනි වික්‍රමසිංහ යුවලට දාව මෙලොව එලිය දිටීය. රනිල් වික්‍රමසිංහ එම පවුලේ දෙවැනි දරුවායි.

රනිල් සුවිශේෂී දේශපාලන පරිසරයකින් පවතීගෙන එයි. ජේ.ආර්. ගේ ලගම නෑයකු ද වන ඔහුගේ සීයා වන්නේ ඩී.ආර් විජේවර්ධනයි. අද ඔහුට පැල් බැදගෙන උපහාස කරන හා අවඤ්ඤාවට ලක් කරන ලේක් හවුස් ආයතනයේ නිර්මතෘ වන්නේද ඔහුගේ මව් පාර්ශවයේ මුත්තා වන ඩී.ආර්. විජේවර්ධනයි.

බුදු දහමට ඉතාමත් ලැදි පවුලකින් පැවත එන රනිල් ගේ මව බුදු දහමට තදින්ම බැදීසිටි තැනැත්තියක වූවාය, ඇය කැලණිය රජමහා විහාරයේ ප්‍රධාන දායිකාවක වූ අතර එම විහාරස්ථානයේ බොහෝ සංවර්ධන කටයුතු පිටිපස සිටි අයෝමය ශක්තිය ඇයයි. ඒ අභාශය ඇතිව පන්සල මූලික කරගෙන හැදී වැඩුනු රනිල් තම අත් පොත තැබුවේ කැළණිය රජමහා විහාරයෙනි, කොල්ලුපිටියේ වජිරාරාමය සහ හුනුපිටියේ ගංගාරාමයද ඔහුගේ ළමා වියේ කාලය ගෙවුනු තැන් විය.

මේ වන විට දෙවරක් අග්‍රාමාත්‍ය දූරය හොබවා ඇති ඔහු එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුනේ නායකත්වය හොබවයි.

රනිල් වික්‍රමසිංහ යන නම ඇසූ විට ඔබට මතක් වන්නේ කුමක්ද ?? අනිවාර්යයෙනිම ජාතික රූපවාහිනියේ විකාශය වන පසුබිම විශේෂාංගය විය හැක. මහින්ද අබේසුන්දර නැමැති පුද්ගලයා නොකඩවා 365 දවස පුරාවටම ඔහුට බැන වදියි. සමහරෙකුට සිතෙන්නට පුලුවන් මෙසේ ඔහුට බැන වදින්නේ ඇයි? ඇත්තටම ඔහු නිකම්ම නිකම් නිකමෙක්ද..??

මෙවන් අදහස් ඔබහට ලබා දෙන්නේ වැඩක් කිරීමට නොමැති බොරු ජාති ආලකම් පෙන්වා තමාගේ මල්ල පුරවා ගන්නා පුත්ගලයන්ය. එවන් පුත්ගලයන් කරන්නේ සැබැවින්ම වැඩක් කල හැකි රනිල් වැනි නායකයින්ගේ වැඩ වලට හරස් වීමයි.

අනෙක් කරුන නම් රනිල් යනු මොඩ, කේලාම් කියන අයෙකු යයි ජාතික නාලිකාව හා නමට ස්වාධීන වන ස්වාධීන නාළිකා මගින් පහර දීමයි. එසේ කියන්නේ ඇයි දැය් විමසන කල්හි අපට පෙනී යන්නේ ඔහුට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම ඔවුන් ආවඩන නායකයින්ට නොතිබීම පිළිබඳව ඔවුන් ඔහුට ඊර්ෂ්‍යාවට කියනා බවක්ය. එසේම එයින් මෙයද පැහදිලි වේ. එනම් රනිල් යනු ලොවම පිලිගන්නා පුද්ගලයකු බව ඔවුන් පිළිගන්නා බවයි. එසේ නම් අපට අවැසි වන්නේ ඔහු වනි ලොව පිලිගත් නායකයෙකු නොවෙද?

මා හට ඔහුගේ දූරදර්ශීභාවය පිළිඹඳ දෙයක් මෙහිදී මතක් වේ. ඒ ඔහු ජංගම දුරකතනය මෙරටට හදුන්වා දීමයි. ඉතා තියුනු හා පූර්න සොයාබැලීමකින් පසුව එතුමා එවකට පාර්ලිමේන්තුවට, කර්මාන්ත සංවර්ධන, විද්‍යා හා තාක්ෂණ ඇමැති ලෙස ජංගම දුරකතනය පිලිබද කියා ඇත. ඔහු කියා සිටියේ මෙය තව ටික කලකින් අපේ රටේ පොල් කඩන මිනිහා ලගටත් එන බවය. එහිදී ඔහුට ලැබුනේ හොද ප්‍රතිචාර නම් නොවේ. ඔහුව කාටූන් වල අන්දවා සමච්චලයට ගන්න ලදි. නමුත් අද තත්වය කුමක්ද. එදා ඔහු කී දේ අද සැබෑවක් නොවෙද? එයට එදා සිට කටයුතු කලානම් අද අපි මීට වඩා දියුනු වන්නට තිබුනා නේද?? එදා සරදම ඔහුට සරදම් කල අයට පෙරලා පැමින නැද්ද. මේවා පෙන්වා දෙන්නේ ඔහුගේ විචක්ශනශීලී බුද්ධියයි.

මේ රටේ අධ්‍යාපනය නගා සිටුවීමට ඔහු ගෙන ඇති ක්‍රිය මාර්ග මොනවාද ?? මෙය ඇසූ විට ඔහුට බන්නින අය ඔහු නිසා ලද දේවල් වලින්ම ඔහුට පහර ගසනා බවක් දක්නට ලැබේ. නිසි ක්‍රම වේදයක් නොමැතිව දේශපාලන තක්සේරුව මත ගුරුවරුන් අතුලු කරගන්නා ක්‍රමයට තිත තබා සුදුස්සාට සුදුසු තැන දීමට කටයුතු කිරීම මා දකින්නේ ඉතා මහගු කාර්ය බාරයක් ලෙසිනි. එම ක්‍රියාන්විතයේදී රනිල් වික්‍රමසිංහයන්ට තම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතුරින්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වන්නේ මෙමගින් දේශපාලනීකරණය වූ අධ්‍යාපන පද්ධතියට එමඟින් සිදු වූ බලපෑම විදහා දක්වමිනි. ඒ සදහා ඔහු තරග විභාග ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. මීට අමතරව විද්‍යාපීඨ මගින් ගුරුවරුන් පුහුනු කිරීම ඇරඹූයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය. මෙවන් අනගි කාර්‍යයන් ඔහු මෙරටට දායාද කර ඇත. එසේම අන්තර්ජාලය මෙරටට හඳුන්වා දීමටද ඔහු විශාල සේවයක් කර ඇත. අපගේ යහපත උදෙසා ඒ ගත් පියවරයන් කොතෙකුත් බුද්ධිමතුන් ලංකාවට බිහි කරන්නට ඇත්ද..??

ඔහු මේවා තැනින් තැන කියකියා යන්නේ නැත. ඔහුට අවශ්‍ය වැඩ පමනකි. මේ දේ මම කලා මේ දේ මම කලා යනුවෙන් ඔහු අඬබෙර ගසන්නේ, කෑ මොර දෙන්නේ නැත. නියම බුද්ධිමත් නායකයානම් ඔහුයි.

ඥාතී පරිසරය

මා පෙර සඳහන් කල පරිදි ඔහුගේ පියතුමන් වන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහයි. විශ්ව විද්‍යාල අවදියේ සමාජවාදී අදහස් දැරූ ඔහු පසුව එයින් ඈත් විය. අනතුරුව ලේක් හවුස් ආයතනයේ සභාපතිකමද ඔහු දැරීය. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ වන්නේද ඔහුගේ මවගේ පියා වන ඩී.ආර් විජේවර්ධනයි. එසේම ශ්‍රී ල්ංකාවේ සිටි සුවිශේෂී ජනාධිපතිවරයකු වන ජේ. ආර් ජයවර්ධන මහතාද ඔහුගේ ලඟම ඥාතියෙකි. ඔහුගේ පිය පාර්ශවයේ සීයා වන සී.ඊ. වික්‍රමසිංහ ලංකාවේ ප්‍රථම ස්වදේශික ඉඩම් කොමසාරිස්වරයා වූ අතර ඩී.ඇස්. සේනානායක මහතාගේ රජරට සංවර්ධන ව්‍යාපාරයන්හී ප්‍රමුඛ නියමුවෙකු විය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අයියා වන ශාන් වික්‍රමසිංහ TNL ආයතනයේ හිමිකරුවා වන අතර නැගණිය වන ශානිකා වික්‍රමසිංහ මහත්මිය නීතීඥවරියකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රියාදර බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරියකි.

අධ්‍යාපනය

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප් සතර හදාල ඔහුගේ සමවයසේ සගයන් වූයේ හිටපු අග්‍රාමාත්‍ය වරයකුවන එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතාගේ පුත් අනුර බන්ඩාරනායක හා සමාජවාදී නායකයකු වන පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන දිනේශ් ගුණවර්ධනයි. පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විධ්‍යාල ඉගෙනුමට වරම් ලද ඔහු ලංකා විශ්වවිධ්‍යාලය හෙවත් වර්තමානයේ හඳුන්වන පරිදි කොළඹ විශ්ව විද්‍යාලයයි. මෙතුවක් සිටි ජනාධිපතිවරු හා අග්‍රාමාත්‍යවරන් අතරින් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයක උපාධියක් හිමි එකම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.

තම සගයන්ට විශ්ව විද්‍යාල වරම් නැතිව පිටරට විශ්ව විද්‍යාල වෙත යද්දී ඔහුටත් ඉතා උසස් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගනීමට අවස්තාව තිබියදී ලංකාවේ එකට ඔහු ඇතුලු වූයේ දේශීයත්වය අගය කල නිසාය. වෙසෙසින්ම දේශීයත්වය, සමාජවාදය, ජාත්‍යාලය ගැන පුරසාරම් දොඩවන උදවිය බටහිර රටවලින් උපාධි ලබාගත්තද රනිල් වික්‍රමසිංහ අපේ රටේ අපේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු වීම සුවිශේෂී කරුණකි.

උපාධියෙන් පසුව නීති විද්‍යාලයෙන් විහාග සම්පූර්න කල ඔහු 1972 වර්ශයේ නීතීඥයෙකු ලෙස ඔහු වෘතිය පටන් ගත්තේය.

සිතන්න ඔහු තමා ඒ එකම පුද්ගලයා බව පවසා තිබෙනවාද ?… රට පුරා අඩබෙර ගසමින් ගොස් තිබේද ??… සැබෑ උගත්කම එය නොවේද ?…

දේශපාලනයට පිවිසීම

1970 දී කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක වශයෙන් එ.ජා.ප යට බැඳුනු රනිල් අනතුරුව පිළිවෙලින් එහි මුල් තනතුරුවලට ගමන් කලේය. පසුව කැලණිය සහ බියගම ලෙස දෙකඩ කරන ලද පැරණි කැලණිය ආසනයේ, බියගම ආසනය එජාපය විසින් ඔහුට භාර දීමෙන් අනතුරුව 1977 දී පැවති මහමැතිවරනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඔහුට වරම් ලැබිණි.

ලාබාලතම කැබිනට් ඇමතිවරයා ලෙස

1977 දී බලයට පත්වුනු ජේ.ආර් ජයවර්ධන ප්‍රමුඛ ආන්ඩුවේ සිටි ලාබාලතම පුද්ගලයා වූයේ රනිල් වික්‍රමසිංහයි. විදේශ කටයුතු පිළිඹඳව නියෝජ්‍ය අමාත්‍ය දූරය ඔහුට බාරවිනි. එහිදී හේ තම කර්තව්‍ය මැනැවින් ඉටු කලේය. ආයෝජන කලාප වලට විදේශ අයෝජකයින් ගෙන්වා ගැනීම හා නව තාක්ෂනය මෙරටට හඳුන්වාදීම ඔහු කල ඉතා මහඟු කාර්යයන්ය.

පසුව හෙතෙම තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්කෙරිනි. එහිදී ඔහු ලාංකික තාරුන්‍යයේ නොමැකෙන කර්තව්‍යයක් ඉටු කලේය. ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කරමින් රටේ තරුණ පරම්පරාවට ඉතා වටිනා ආයතනයක් බිහි කළේය. තරුණ පරම්පරාවට අවශ්‍ය වෘතීය පුහුණු හා දැනුම ලබා දීමේ තෝතැන්නක් වූ එතැන පහස ලැබූ තරුණයන් අද ඉහල පෙලේ ගායකයන් හා වෘතීකයන් වෙති. බෙල්වුඩ් කලා නිකේතනය බිහි කරමින් කලාකරුවන්ට තෝතැන්නක් නිමැවූ රනිල් වික්‍රමසිංහ මහරගම ඉදිකළ ජාතික තරුණ සේවා සභාව තුල ආණ්ඩුවේ මහත්ම මහත්මීන් රැස්වීම් පවත්වා රනිල් වික්‍රමසිංහයන්ටම බැණ වැදීම හාස්‍යයට කරුණක් නොවන්නේද?

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති ලෙස කළ සේවයෙන් බිඳක් ඉහත මා සඳහන් කළෙමි. විශේෂයෙන්ම ගුරු පුහුණුව සඳහා විද්‍යාපීඨ සහ ජාතික අධ්‍යාපන ආයතන පිහිටුවීම, රටපුරා පාසල් පිහිටුවීම, නොමිලේ පෙළපොත් බෙදා දීම පුළුල් කිරීම යනාදිය එතුමා ඇමතිව සිටියදී කළ කී දෑය.

අග්‍රාමාත්‍ය ධූරයන් (1993-1994)

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති යටතේ කර්මාන්ත කටයුතු පිළිඹඳ අමාත්‍යවරයා ලෙස පත් වුනු රනිල් ශ්‍රී ලාංකීය කර්මාන්ත නගාසිටුවීම උදෙසා කල මෙහෙය අතිමහත්ය. කර්මාන්ත ඇමති පදවියට අමතරව ඔහු 1989 පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සභානායකවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයාද විය. බියගම විශේෂ කර්මාන්ත පුරය ආරම්භ කල ඔහු එම ප්‍රදේශයේ පැවැති ප්‍රශ්න ගනනාවකටම පිළිතුරු සැපයීය. රටේ ආර්ථිකය නගා සිටුවීමට ඔහු ගත් එම පියවරින් අතිමහත් සේවයක් ලාංකිකයනට අත් විණි. එපමණක්ද නොව මෙරටට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමටද ඔහු කලේ ඉමහත් සේවයකි. එහෙත් අවාසනාවකට අද අපේ ජනතාවට ඒ මෙහෙවර අමතකව ඇත.

ලංකාවට ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වය යටතේය. කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ ඇමැති ලෙස 1991දී ප්‍රදර්ශනය හරහා තොරතුරු තාක්ෂණය ලක්දිව ප්‍රචලිත කිරීමට එතුමා පියවර ගත්තේ විපක්ෂයේ දහසකුත් අවලාද චෝදනා මැදය. ඔවුන් කීවේ තොරතුරු තාක්ෂණයට වඩා බෙහෙවින් වැදගත් දේ මෙරට ඇති බවයි. එයින් නොසැලුණු රනිල් වික්‍රමසිංහ මහතා රට තුල තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීමට කැපවූ අතර අන්තර්ජාලය ලොවට හඳුන්වාදී වසරක් ඇතුලත මොරටුව සරසවියත් එකතුව මෙරටට අන්තර්ජාලය හඳුන්වා දෙන ලද්දේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අන්තර්ජාල පහසුකම් ඇති පළමු රට බවටත් ආසියාවේ අන්තර්ජාලයට එක්වූ ප්‍රමුඛ රටක් බවටත් පත් කරමිනි. අද තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාට අවලාද නගන බොහෝ දෙනෙක් මේ යථාර්ථය නොදනිති.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව පක්ශයේ ප්‍රබලයන් වූ ලලිත් හා ගාමිණී එක්ව විශ්වාස භංගයක් ගෙන එන මොහොතේ පක්ශයේ අනාගතය උදෙස ඔහු ගත් ක්‍රියාමාර්ග ඉතාමත් අගනේය. අන් පක්ශ සහයෝගය දෙන මුවවෙන් එජාපය බංකොලොත් කිරීමට සැරසෙන බව ඔහු කල් තියාම දැන ගෙන පක්ශයේ අනාගතය උදෙසා බුද්ධිමත්ව කටයුතු කලේය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයෙන් පසු අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ ඔහු රටේ ආර්ථික දියුනුව උදෙසා අනගි සේවයක් කළේය. ඔහු පාලන සමයේ මෙරට ආර්ථික අතින් ඉතා විශාල දියුනුවක් ලැබුවේය. එසේම ව්‍යාපරද ඒ වකවානුව තුල දියුනුවට පත්විය.

ජනපතිගේ ඝාතනය සිදු වූ වේලාවේ රටේ කලබල ඇති නොවන ලෙස එතුමා කටයුතු කළ ආකාරයත් අගනේය. ජනපති අභාවය පිළිඹඳ පුවත මුළින්ම ලැබුනේ පක්ෂ කාර්යාලයටයි. ඒ වන විට තවත් රැළියකට සහභාගී වෙමින් සිටි අගමැති ඩී.බී විජේතුංග මහතා මේ පිළිඹඳ දැන සිටියේ නැත. ඔහුගේත් ජීවිතය අනතුරේ බව දැනගත් රනිල් ඔහු වහාම ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කර ඔහුගේ පමිනීමෙන් පසුව ජනපති අභාව පුවත රටට හෙලිකලේය.

ඔහුට එම අවස්තාවේ ජනපති වීමටද අවස්තාව තිබිනි නමුත් ඔහු එසේ නොකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කලේය. කඩිනමින්ම ඩී.බී විජේතුංග මහතාව ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට සලස්වා රාජ්‍යයේ ස්ථාවරත්වය රැක ගැනීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමි විය යුතුය. අනෙක් අතට 1994 මහ මැතිවරණය පරාජය වී පැය 24ක් ඇතුලත අරලියගහ මන්දිරයෙන් ඉවත් වී තම නිවසට ගොස් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ආණ්ඩුව පිහිටුවා අරලියගහ මැදුරට එන්නට එතුමා අවකාශ විවර කළේ මහත්මා ලීලාවෙනි. ඔහුගේ බල ලෝභයක් නොමැතිබව එයින් මොනවට පැහැදිළි වෙයි.

1993-1994 කාලය තුල රටේ ආර්ථිකය දරුණු අර්බුදවලට මුහුණ පෑවේය. මේ ප්‍රශ්න අතුරින් රට මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉවහල් විය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටින් සමයේදී දරුණු යුද්ධයක් මෙහෙයවන්නට ඔහුට සිදුවිණි. විධායක ජනාධිපති ක්‍රමය තුල බිහිවූ ක්‍රියාශීලීම අග්‍රාමාත‍යවරයා ලෙස විශේෂයෙන්ම නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම් වලට එතුමා අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කළ අතර හමුදාවේ වීර සෙබළුන්ගේ කැපවීම හා අධිෂ්ඨානය මත නැගෙනහිර මුළුමනින්ම කොටි ග්‍රහණයෙන් මුදවා ගෙන පළාත පුරා පළාත් පාලන ඡන්දයද පවත්වන ලදි. එදා රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය හැර යන විට නැගෙනහිර මෙන්ම පුනරීන්, අලිමංකඩ, කිලිනොච්චි සහ මුලතීව් යන සියළු ප්‍රදේශ රජයේ පාලනයට නතු වී තිබුණි. නමුත් 2001දී යළි එජාපය බලයට එන විට එකී භූමි ප්‍රදේශයෙන් අතිමහත් බහුතරය කොටි ග්‍රහණයට නතුව තුබූ අතර අළුතින් රජයේ අණසකට නතුව තිබුණේ යාපනය අර්ධද්වීපයේ කොටසක් පමණි.

ගාමිණී දිසානායක සමඟ

ගාමිණී දිසානායකයන්ගේ එක්සත් ජාතික පක්ෂ පුනරාගමනයත් සමඟ විපක්ෂනායකකමට 1994දී තරඟයක් ඇති වූ අතර එජාප මන්ත්‍රීවරුන් එහි ඡන්දදායකයින් විය රනිල් වික්‍රමසිංහ එහිදී ඡන්ද දෙකකින් පරාජයට පත්වුවද ගාමිණී දිසානායක මහතාටත් පක්ෂයටත් ශක්තියක් විය. 1994 ඔක්තෝබරයේ අඳුරු රැයක තොටළඟදී ගාමිණී දිසානායක මහතා ඝාතනය ලක්කෙරෙන වේදිකාවේ සිටද රනිල ජනතාව ඇමැතීය. ගාමිණීගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගන්නට අවකාශ තිබුණද හේ එය ශ්‍රීමා දිසානායක මහත්මියට ලබා දුන්නේය. ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් විපක්ෂනායකයා ලෙසත් එතුමා තේරී පත්විය.

2001 – 2004

චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය යටතේ පැවති මහමැතිවරණයේ දී ආසන109 ක් ලබාගනිමින් ජයග්‍රහණය කල එජාපය නව රජයක් පිහිටුවීය. එහි අග්‍රාමාත්‍යවරයා වූ රනිල් තමාගේ කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. විරුද්ධ පක්ෂ ජනපති කෙනෙකුන් සමඟ ආණ්ඩුවක් පිහිට වූ ඔහු එවකට පැවති ආර්තික පරිහාණිය දුරලීමට කටයුතු කළේය.

2001-2004 ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් සිටියේ 40ක් පමණි. එක්සත් ජාතික පක්ෂය 2001දී භාරගත්තේ දුර්භාග්‍යයට පත්වූ ආණ්ඩුවකි. ආර්ථික වර්ධන වේගය ඉතිහාසයේ ප්‍රථම වරට සෘණ අගයක් ගෙන තිබූ අතර භාණ්ඩාගාරය හිස්ව තිබුණි. හමුදාවේත් රටේත් චිත්ත ශක්තිය බිඳ වැටී තිබුණේ අලිමංකඩ, මුලතීව්, කිලිනොච්චි පරාජයන් සමඟය. හමුදාව යාපනය අර්ධද්වීපය තුල සිරවී සිටි අතර මේ වනවිට කටුනායක ගුවන් තොටුපළට කොටි පහරදී විනාශ කර තිබීම නිසා විදේශ රජයන් අපට එරෙහිව දැඩි සංචාරක සම්බාධක පනවා තිබුණි. වරායට එන නැව්වලින් රක්ෂණ අධිභාරයක් ගත් නිසා හා පොදු පෙරමුණේ වැරදි බදු පිළිවෙත නිසා ජීවන වියදම ඉහළ ගොස් තිබුණි. ගුවන් සමාගම් කොළඹට ඒම ප්‍රතික්ෂේප කළ අතර විදේශිකයන්ද මෙරටට ඒමට බිය විය. රට පුරා දවසින් අඩක් පමණ විදුලිය ඇණ හිටුවීමක්ද මෙකල සිදු කෙරුණි. අද එජාපයට සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දොස් කියන අයට මේවා අමතකය. 2001දී රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ අන්තයටම පිරිහුණු රටකි. එම රට සංවර්ධනය ඔහුගේ එකම ඉලක්කය විය.

යාපන සංචාරයක

චන්ද්‍රිකා රජය සම්පාදනය කළ සටන් විරාම ගිවිසුම සංශෝධනය කර අත්සන් නොකළේ නම් උතුරේ ලාංකේය සෙබළුන්ට මහත් ඛෙදවාචකයකට මුහුණ පාන්නට සිදු වෙයි. ශ්‍රී ලංකා යුද හමුදාව 1997දී නිකුත් කළ 50 වැනි සංවත්සර පුස්තකයේ රනිල් වික්‍රමසිංහයන්ගෙන් හමුදාවට සිදු වූ අතිමහත් සේවය ඉතා ගෞරව පූර්වකව පැහැදිලි කරන්නේ පොදු පෙරමුණු ආණ්ඩුවක් රට පාලනය කරද්දීය. සටන් විරාමය සියයට සියයක්ම රජයට වාසි නොවුණත් එකල රට තුල පැවැති දුර්දාන්ත තත්ත්වය උඩ වෙනත් විකල්පයක් නොවීය. රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව, ඇමෙරිකාව ආදී රටවල් සමඟ සබඳතා තර කර ගනිමින් කොටින්ගේ ජාත්‍යන්තර ජාලය බිඳ වට්ටන්නට කටයුතු කරන අතරම හමුදාවට ඒ රටවලින් නවීන යුදෝපකරණ ලබා ගත බව අද ආණ්ඩුවේ උණින් දොඩවන “දේශප්‍රේමීන්” නොදනිති. ජාත්‍යන්තරයේ කොටි කොන් කිරීම නිසාම 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාද කිරීමට කොටි තීන්දු කළහ.

ආර්ථිකයට පණ දීම අසීරු කාර්යයක් විය. අද සන්ධානය උදම් අනන්නේ ලක්ෂ 6ක්වූ රාජ්‍ය සේවය ඔවුන් ලක්ෂ 12කට වර්ධනය කළ බවයි. නමුත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අපි දනිමු. රනිල් වික්‍රමසිංහ මහතාද රටටත් බදු ගෙවන ජනතාවටත් බරක් වූ රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපා හැරියේය. උවමනාවට වඩා සේවකයන් සිටි අංශවල ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දීමෙන් ලක්ෂ 8ක රාජ්‍ය සේවය ලක්ෂ 6ට අඩු කළේය. රටේ උන්නතිය ගැන සිතා එක්සත් ජාතික පාක්ෂිකයන්ටවත් රජයේ රැකියා දීමෙන් වැළකී සිටියේ රටේ ආර්ථිකයට එවැන්නකට ඔරොත්තු දිය නොහැකි තත්ත්වයක් නොතිබූ නිසාය. කෙසේ වෙතත් පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වමින් රැකියා උත්පාදනයට එතුමා ප්‍රමුඛ එජාප රජය ක්‍රියාශීලී විය.

ජනතාව සමඟ කතාබහක

රටේ ආර්ථිකය ගොඩ ගැනීමට “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ ආරම්භ කළ අතර අද මේ රජය ක්‍රියාත්මක කරන බොහෝ ව්‍යාපෘති එහි කොටස්ය. උදාහරණයක් ලෙස කොළඹ දකුණු වරාය, හම්බන්තොට වරාය, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය යනාදිය මේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ අංගයන්ය. එදා සීගිරිය, සිංහරාජය විකුණනවා යැයි පදනම් විරහිත අවලාද නැගූ උදවිය අද සංචාරකයන් එම ස්ථානවලය ආකර්ෂණය කරගැනීම උදෙසා එවැනිම ව්‍යාපෘති කිරීම දෛවයේ සරදමක් නොවන්නේද??

ලෝකය හා එකිනෙක යන යථාර්තවාදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනා ඔහු විදේශ සහයෝගය හා විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම මගින් ආර්තිකය ගොඩනැගීමේ පිළිවෙතක් කෙරෙහි විශ්වාස කරයි. ඔහුගේ පාලන සමයන් තුලදී ඔහු විශාල ප්‍රමාණ වශයෙන් විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනීමට කටයුතු කළේය. “යළි පුබුදමු ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක ප්‍රජාව ඇමරිකානු ඩොලර් බිලියන 45ක ණය ආධාර පොරොන්දු වී තිබුණි. 2004 එජාප රජය යටතේ නිදහසින් පසු පළමු වරට රට සහලින් ස්වයංපෝෂණය කළේය. අද දේශීය හා කෘෂි ආර්ථික ගැන බෙරිහං දෙන උදවියට මේවා කදිම පාඩම්ය.

එසේම රජයේ ආයතන වලට දේශපාළන අනියුක්ත කිරීම් වලට විරුද්ධ වූ ඔහු තම පාලන සමයන් තුලදී එසේ කිරීම් නවත්වන ලදි.

ඔහු 2002 පාලන සමයතුලදී ඔහුගේ ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් එවකට -1.5% ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය 4% දක්වා නංවාලීමට සමත් විය. එසේම එය ඊළඟ අවුරුදු වළදී 5.9% ක් හා 5.4% මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු පාලන සමය තුළදී උද්දමනය 10% කට පහළින් තබා ගැනීමට සමත් විය. එය 2%, 3% වැනි සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනිණි.

2004දී ඔහු විදේශගතව සිටිද්දී ඇමැති තනතුරු තුනක් පවරාගත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. ඒ වනවිට එල්ටීටීඊය සමඟ සාම කතා බිඳ වැටී තිබුණද එජාපයට කොටි ලේබල් අලවා, රනිල් වික්‍රමසිංහ කොටි හිතවාදියකු ලෙස හංවඩු ගසා 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ආහ. නමුත් කොටින්ගේ පරාජයට පාර කපමින් එල්ටීටීඊය දෙකඩ කරමින් ලෝක ප්‍රවණතාව කොටින්ට විරුද්ධව හරවමින් රනිල් වික්‍රමසිංහ ගෙන ගිය වැඩපිළිවෙළ ජනතාව තේරුම් නොගත්හ. එදා රනිල් වික්‍රමසිංහ මහතා කරුණා අම්මාන්ව කොටින්ගෙන් කඩාගැනීම ගැන ආණ්ඩුවේ හොරණෑවක් වන Daily News පුවත්පතේ පළවූ ලිපිය කියවන්න. එදා සන්ධානය කීවේ කුමක්ද? 2005දී කොටි ලේබල් ඔහුට ඇලවෙද්දී, රාජ්‍ය මාධ්‍යය තුච්ඡ ලෙස එතුමාට පහර ගසද්දී කොටින් උතුරේ ඡන්ද වළක්වද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද එක් ලක්ෂ අසූදහසකින් පරාජයට පත්විය.

බොහෝ දෙනෙක් පළාත් පාලන ඡන්ද පවා රනිල් වික්‍රමසිංහගේ පරාජයන් ගොන්නට දමා බොළඳ තෘප්තියක් විඳිතත් රට වෙනුවෙන් සිදුවිය යුතු පරිදි නිවැරදි නමුත් ජනප්‍රිය නොවූ තීරණ ගනිමින් ජයේත් පැරදුමේත් නොසැලී හිඳිමින් ප්‍රතිපත්ති රකිමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෞරවය හිමිවේ.

ඔහු අද ඉදිරිපත් කර ඇති වැඩ පිලිවෙළ දෙස බලන්න… රටේ දියුනුවට එය හොඳ විසඳුම් සපයනවා නොවේද…?? ඔහුගේ එම ක්‍රියා පිළිවෙළින් මෙරට ආර්ථික මෙන්ම සාමාජීයවද දියුනු කිරීමට හැකි බව මාගේ විශ්වාසයයි.

ඔහු කියාසිටින්නේ ඔහුට අවශ්‍ය අවුරුදු 5ක් පමණක් බවයි.රනිල් යනු කරන දෙයකියනා නායකයෙකි. ඔහු රට දියුනු කිරීමට ඉල්ලා සිටින වරම ලබා දීමට රටේ ජනතාව බුද්ධිමත් වේවා !!!!!!!!!!!!!!!!

– සී.ආර්.බී. සෙනෙවිරත්න සහ හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 අප්‍රේල්

මහින්ද මහත්තයාගේ නොබැඳි පිළිවෙත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්න කණ වැකුණු කළ බණ්ඩාරනායකවරු, රාජපක්ෂවරු, පංච මහා බලවේගය, මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියද සිහියට පැමිණේ. නමුත් වර්තමාන එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි එකක්ද??

කොහෙත්ම නැත. නොබැඳි පිළිවෙතෙහි මූලිකාංගය වන්නේ කිසිත් සතුරකු නැතිව ලෝකයේ සියළු රටවල් සමඟ මිතුදම් පැවැත්වීමයි. නොබැඳි සමුළුව පටන්ගන්නා කාලයේදී ලෝකය පාර්ශව දෙකකට බෙදී සිටියේ එක් කොට්ඨාශයක් ඇමෙරිකාව වටා ගොනු වෙද්දී අනෙක් කොට්ඨාශය සෝවියට් රුසියාව වටා ගොනු වෙමිනි. නමුත් ශ්‍රී ලංකාව මේ දෙපාර්ශවයටම එකතු නොවී මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළාය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙහි පුරෝගාමියකු විය. 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් පසුව බලයට ආ එජාප ආණ්ඩුවද මෙවැනිම පියවරක් ඉදිරියට ගෙන යන ලදි. ඉස්ලාමීය ජනරජයක් වන පාකිස්ථානයත් ඉස්ලාම් ලෝකයේ දැඩි පිළිකුළට පාත්‍ර ඊශ්‍රායලයත් 80 දශකයේ ත්‍රස්තවාදයට විරුද්ධ සටනේ ප්‍රධාන හවුල්කරුවන් වන්නේ එවන් වටපිටාවක් යටතේය. එකිනෙකාට දැඩි ලෙස දෙස්දෙවොල් තියාගන්නා ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන්, ජේ.ආර්. දක්ෂ නායකයකු යැයි මාධ්‍යයට කියද්දී, කියුබාවේ ෆිඩෙල් කැස්ත්‍රෝ, ජේ.ආර්. ආසියාවේ පූර්වාදර්ශී නායකයකු ලෙස හඳුන්වන්නේ එවැනි වාතාවරණයක් තුලය.

මහ්මූද් අහමඩිනජාඩ් සහ හූගෝ චාවේස්

එහෙත් එදා නොබැඳි පිළිවෙත අප රටට හඳුන්වා දෙමින් දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේම අමු අමුවේ නොබැඳි ප්‍රතිපත්තිය උල්ලංඝණය වෙමින් පවතී. අද අපේ ජනාධිපතිතුමා හාදකම් පවත්වන්නේ රුසියාව, ඉරානය, ලිබියාව, මියැන්මාරය, වෙනිසුවේලාව වැනි රටවල රාජ්‍ය නායකයින් සමඟය. ශ්‍රී ලන්කන් ගුවන් යානා සංචිතයේ එයාර්බස් A340 යානයකින් තම විශාල අමාත්‍ය නඩය සමඟ එතුමා පියා සරන්නේ එහෙව් රටවලටය. ඔහු ජපානය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, කැනඩාව අමතක කර ඇත. දුරවබෝධය හෝ කිසියම් හේතුවක් නිසා පළුදු වී ඇති සම්බන්ධතා යළි සවිමත් කරන්නට උත්සාහ කරන්නේ නැත.

2001-2004 යූඇන්පී පාලන සමයේදී යුරෝපා හවුල සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව අප රටේ ඇඟළුම් නිශ්පාදන සඳහා 9.6%ක බදු සහනයක් යුරෝපා හවුලේ රටවල් වලින් හිමිවෙමින් තිබුණි. මේ ඔබ අප කවුරුත් අසා හුරුපුරුදු GSP+ බදු සහනයයි. අද වන විට අවම ලෙසින් මාස හයක් සඳහා අපේ ඇඟළුම් කර්මාන්තයට මෙම GSP+ සහනය අහිමිවී තිබේ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශව මේ සහන නැති වුවත් කමක් නැහැ කියද්දී, යුරෝපා ප්‍රජාවට ගරහද්දී, කොකා පෙන්වද්දී ආණ්ඩුවේම තවත් මහත්වරුන් යුරෝපා හවුල සමඟ සමථයකට පැමිණ මෙම සහනය යළි හිමි කරගැනීමට උත්සාහ දරයි. මෙවැනි දෙබිඩි පිළිවෙත්වලින් හානි වන්නේ රටේ ආර්ථිකයටයත් ජනතාවටත්ය. සැබැවින්ම GSP+ සහනය අපේ රටේ ඇඟළුම් කර්මාන්තයට මහත් අස්වැසිල්ලක් බව සනාථන සත්‍යයකි. රටේ රැකියා රාශියක් මෙම සහනය මත යැපෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉරානය යනු ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට ප්‍රතිඥා දෙන රටකි, එහි ජනාධිපතිතුමාට ඉරාන වැසියන් තුලින්ම එල්ල වන්නේ මහත් අප්‍රසාදයකි, ලිබියාව එළිපිට ත්‍රස්තවාදයට සහය දුන් රටකි, මියැන්මාරය යනු මහ මග භීක්ෂූන් වහන්සේලා මරා දමන විපක්ෂය හිර අඩස්සියේ තියාගෙන සිටින ඉඩි අමීන් ස්වරූපයේ හමුදා පාලනයකි, වෙනිසුවේලාව ලෝකයටම අභියෝග කරන එරට පෞද්ගලික අංශය, ව්‍යවසාය අඩපණ කොට ජනතා අප්‍රසාදයාට පාත්‍ර රජයකි. මේ රටවල් සමඟ සබඳතා පැවැත්විය යුතු වුවත් මොවුන් සමඟ පමණක් ඇයිහොඳැයිකම් පවත්වන විට ලෝකය අප දෙස බලනුයේ වපර ඇසිනි. අවාසනාවට රජයේ නාලිකාවල හෝද හෝදා මඩේ දැමූ ඉඩි අමීන් ආකාරයේ පාලනයන් සමඟ මේ රජය වැඩි හිතවත්කම් පැවැත්වීම හාස්‍යජනකය. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හීන වෙමින් යන මේ රටවල් සමඟ ඇඟෑළුම්කම් පෑම අපට එරෙහිව නැගෙන චෝදනාවලට තවත් උත්ප්‍රේරකයක් නොවන බව කාට නම් කිව හැකිද? බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව ප්‍රකට කියමනකි. මේ කියමන අප මුහුණ දෙන තත්ත්වය මනාව විස්තර කර දෙයි.

රට වෙනුවෙන් ලොවම දිනුවා යැයි පුරසාරම් දෙසන රෝහිත බෝගොල්ලාගම ගරු ඇමැතිතුමා බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ (Conservative Party) විපක්ෂ මන්ත්‍රීවරයකු වන ලියෑම් ෆොක්ස් මහතාට රාජ්‍ය සැලකිළි ලබාදෙමින් බ්‍රිතාන්‍ය රජයට කොකා පෙන්වන්නට සැරසුණි. එහෙත් අවසානයේදී ලියෑම් ෆොක්ස් කීවේද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජන ඇති බවත් සරත් ෆොන්සේකා සෙන්පතිතුමා අත්අඩංගුවට ගැනීම තමා සහ කන්සවේටිව් පක්ෂය හෙලා දකින බවත්ය. රට වෙනුවෙන් ලොවම දිනූ මැතිඳුන්ගේ උප්පරවැට්ටි අතේ පත්තු වෙමින් තිබීම රටට අසුබ තත්ත්වයකි. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම සමස්ථ විදේශ සේවයම විහිළුවක් බවට පත් වෙමින් පවතී. මෙය කියන්නේ අප නොවේ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිව සිටි අප රටේ ගෞරවය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ රැකුමට ක්‍රියාකාරී වූ ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමාත් වත්මන් විදෙස් ප්‍රතිපත්තිය වාර කිහිපයකදීම විවේචණය කළේය.

මෙහිදී අප රටේ ආයෝජනයන්ට දායක විය හැකි රටවල් සමඟ සහයෝගීතාවයක් ගොඩ නගා ගැනීම වැදගත්ය. දකුණු අප්‍රිකාව, සිංගප්පූරුව වැනි රටවල් තුන්වැනි ලෝකයේ සිට දියුණුවට පා තැබුවේ විදේශ ආයෝජන හරහාය. කවරෙකු කොහොම කීවත් අපේ රටේ ශීඝ්‍ර සංවර්ධනය උදෙසා විදේශ දායකත්වය අත්‍යවශ්‍යය. ඒ නිසා ලෝකයේ සෑම සියළු රටක් සමගම හොඳ සබඳතා පවත්වමින් අපේ දියුණුවට මග පාදා ගත යුතුය. ඉන් විදේශයන්ට ගැති වීම අදහස් නොකෙරෙණ බවද අවධාරණය කළ යුතුය.

විදේශ රටවල් අප සමඟ අපේ සුගතිය උදෙසා සබඳකම් පවත්වනුයේ කලාතුරකිනි. බොහෝ විට සෑම රටක්ම අප හා හිතවත්කම් පානුයේ තමන්ගේ කුමන හෝ න්‍යාය පත්‍රයක් මුදුන් පමුණුවා ගැනීමට විය හැකිය. ඉරානය, ලිබියාව, වෙනිසුවේලාව, රුසියාව, මියැන්මාරය වැනි රටවල් එසේ අපට සලකන්නේද එවැනිම පදනමක් තුල පිහිටාය. අප කළ යුත්තේ රටවල් කිහිපයක හිතවතුන් වී ඒ ඒ රටවල අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට රුකුලක් වනවා වෙනුවට සියළු රාජ්‍යයන් හා සමගි වී දෙපාර්ශවයන්ටම වාසි සහගත අයුරේ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමය. මේ බව සදාහරිත අපි මීට පෙර අවස්ථාවකදීද සාකච්ඡා කළා ඔබට මතක ඇති.

විජාතික බලවේග” සහ “ජාත්‍යන්තර කුමණ්ත්‍රණ” යන හුදු දේශපාලනික සටන්පාඨය පසෙකින් තබා බුද්ධිමත්ව, සමබරව, සැබෑ නොබැඳි ස්වරූපයෙන් රටේ විදේශ ප්‍රතිපත්තියක් ගොඩ නැගිය යුතුය. එසේ නොකළහොත් රටේ “සුබ අනාගතය” එතරම්ම සුබ නොවනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

සුබ අනාගතයට සුබ පැතුම්!!!

ජනාධිපතිවරණය හමාර වී ඇත, ප්‍රතිඵලය ගැන කුමන කතා බහ පැවැතියද එය නිල ප්‍රතිඵලය ලෙස මැතිවරණ කොමසාරිස්තුමා විසින් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අප එය පිළිගනිමු. ඊට අනුව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18කින් නැවැත වතාවක් ජනාධිපතිධුරයට තේරී පතිවී ඇත. එය ජනතාවගේ කැමැත්ත නම් අප එයට හිස නැමිය යුතු අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් එහි ඡන්ද්දායකයන්ටත් ඔවුන් ගොඩනැගීමට පොරොන්දු වූ සුබ අනාගතයට සුබ පැතිය යුතුය. එහෙයින් පොරොන්දු පරිදි ශ්‍රී ලංකාද්වීපය 3වන ලෝකයේ සිට 1වන ලෝකයට ගෙන යෑමට ජනාධිපතිතුමාට ආශිර්වාද කරන අප ඒ සඳහා රටේ සුබසිද්ධිය වෙනුවන් අවශ්‍ය දායකත්වය සැපයීමට සූදානම් බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

ව්‍යවස්ථාප්‍රකාරව 2005 ජනාධිපතිවරණයෙන් ලත් ජනවරමින් 2010 නොවැම්බර් 19දා තෙක් ජනාධිපතිධුරයේ කටයුතු කිරීමේ වරප්‍රසාදය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමිය. ඒ අනුව දෙවැනි ධුර කාලය සඳහා හෙතෙම 2010 නොවැම්බර 19දා දිවුරුම් දුන්නෝතින් 2016 නොවැම්බර් 19දා තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඔහුය. ඒ කාලය තුල ඔහු ඉටු කරන වගට ප්‍රතිඥා දුන් මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරනු ඇතැයි අප හුදක්ම අපේක්ෂා කරමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2005 ජනාධිපතිවරණයට ප්‍රකාරව 2011 නොවැම්බර් 19 තෙක් ජනාධිපතිධුරය දැරීමේ වරම තිබුණද ඔහු වසර දෙකක් පෙරාතුව ජනාධිපතිවරණය කැඳවමින් කීවේ තමන්ට උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේද ජනවරම අවශ්‍ය බවයි. එහෙත් මෙවර ප්‍රතිඵලයෙන් අපට ගම්‍ය වන්නේ වෙනත් පණිවුඩයකි. අම්පාර, කයිට්ස් සහ සේරුවිල හැරුණු කළ උතුරු සහ නැගෙනහිර සියළු මැතිවරණ බල ප්‍රදේශ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත්වී ඇත. එහිදී අතිවිශාල බහුතරයකින් ජෙනරල් ෆොන්සේකා ජයගෙන ඇති අතර අවතැන් ජනතාවගේ ඡන්දය සැලකීමේදී ජනාධිපතිතුමා ප්‍රබල පසුබෑමක් ලබාගෙන ඇත. මේ ප්‍රතිඵලයෙන් රාව ප්‍රතිරාව නැංවෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී මහතා උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය යන ව්‍යාපෘතීන් විහිළුවක් යැයි කී ප්‍රකාශය නේද?

අපේ රටේ සමහරුන් නම් කියන්නේ උතුරු නැගෙනහිර ජෙනරල් ෆොන්සේකා ජය ලැබුවේ සම්බන්ධන් හා ගිවිසුමක් නිසා බවත් මැතිවරණ සිතියම බැලූ කළ ජෙනරල් ෆොන්සේකා ජයගෙන ඇත්තේ ඊළමේ බවත්ය. මෙවන් අමනොඥ ප්‍රකාශවලින් රටට සිදුවන්නේ දුගතියක් මිස සුගතියක් නොවේ. මෙවැනි පදනම් විරහිත ප්‍රකාශවලින් එකට එක්වූ ජාතිය දෙකඩ් වීමට පොහොර සැපයේ. මෙදා ජෙනරල් ෆොන්සේකා දිනූ නැගෙනහිරම මීට වසර කිහිපයකට පෙර පිල්ලෙයාන්ගේ නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ජයගත් බව මේ පදනම් විරහිත ප්‍රකාශ කරන ඊනියා දේශප්‍රේමීන්ට අමතකව තිබේ. එදා යූඇන්පිය දින්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පමණකි, මඩකළපුව සහ දිගාමඩුල්ල යන දෙදිසාවම දින්නේ එජනිසයයි.  එසේම පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයගත් මුලතීව් මැතිවරණ කොට්ඨාශය මෙවර ජයගත්තේ ජෙනරල් ෆොන්සේකාය. මැතිවරණ සිතියම ඊළාම් සිතියම කියා වෛරවාදී ප්‍රකාශ නිකුත් කරන උදවිය කියන්නේ නුවර එළිය, මහනුවර, මීගමුව, කොළඹ, පුත්තලම, පස්සර, ගාල්ල වැනි ප්‍රදේශත් ඊළමට අයත් බවද??

නමුත් පසුගියදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දියාවේ NDTV රූපවාහිණී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ලබාදුන් පිළිතුර ප්‍රශංසනීයය. එහිදී ඔහු කීවේ උතුරු නැගෙනහිර වැසියන් තමන්ට විරුද්ධව ඡන්දය දුන්නද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද අයිතිය පිළි ගැනීම විශාල ජයග්‍රහණයක් බවයි, මේ ප්‍රකාශයට අපි එතුමාට ගෞරවය පුද කරන අතර මේ මතය මෙරට ජාතිවාදී ඊනියා දේශප්‍රේමී බලවේගවලටද අවධාරණය කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනුයේ අපට නැවත වතාවක් ජාතිවාදීව කුලල් කා ගැනීමට අවස්ථාවක් නොලැබිය යුතු නිසාය. අප සාමූහිකව ජාතිභේද පසෙකලා සංවර්ධන ගමනේ පා තැබිය යුතු නිසාය.

ශ්‍රී ලංකාව බහුවාර්ගික රටකි, දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාවද මේ රටේම පුරවැසියන්ය. මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ සිංහල බෞද්ධ ජනතාවගෙන් අතිමහත් බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහය දැක්වුවද දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව ඒ මතයේ නොඉන්නා බවයි. මෙය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිතීමට කරුණකි. එක එක චෝදනා එල්ල කරමින් වෛරය වපුරනවා වෙනුවට මීට මූලබීජය වූ හේතු සොයා ඊට පිළියම් යෙදීම කාලින අවශ්‍යතාවයක් වන අතර ජනාධිපතිතුමා ඒ ගැන අවධානය යොමු කරනු ඇතැයි අප අවංකව සිතමු.

එලෙසම නිල ප්‍රතිඵල අනුව 57.88%ක් ජනාධිපතිතුමාට සහය දෙද්දී රටේ ඡන්දදායකයන්ගෙන් 42.12%ක් ඔහුට එරෙහිව ඡන්දය පාවිච්චි කර ඇත. මින් කියැවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ පරිදි මේ දක්වා ජනාධිපතිතුමා ගෙන ආ වැඩ පිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුය යන්න නොවන බව මගේ හැඟීමයි. 42.12% ජනාධිපතිතුමාට විරුද්ධ වූයේ මන්දැයි ජනාධිපතිතුමා තේරුම්ගෙන එම ජනතාවගේ අභිලාෂයන්ද ඉෂ්ඨ සිද්ධ කරලීමට ජනාධිපතිතුමා වෙර වීරිය දැරිය යුතුය. ඒ අනුව ජනාධිපතිතුමාට සහය නොදුන් 42.12% සහ ඔහුට ඡන්දය දුන් ජනතාවට එකඟ විය හැකි කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් මැනවි. ඒ අනුව බදු බර පහත හෙලීම, දූෂණයට, පවුල්වාදයට තිත තැබීම, හොඳ මාධ්‍යය සංස්කෘතියක් බිහි කරලීම, ඇමැති මණ්ඩලය කප්පාදු කිරීම ආදී කරුණු ඉෂ්ට කළහොත් සැබැවින්ම පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකේය අප සැවොම දිනුම්ය. මහින්ද චින්තන ඉදිරි දැක්මේ එන යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව බදු බර පහත හෙලා පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වමින් නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් පක්ෂ භේදයෙන් තොරව අප සැමට මේ දේශය ගැන සාඩම්බර විය හැකිය. එවන් මාවතක ජනාධිපතිතුමා අවංකව පා තබන්නේ නම් ඊට හැකි පරිදි සහය සැපයීම පක්ෂ විපක්ෂ අපගේ යුතුකමයි. මෙහිදී “හැකි පරිදි සහය සැපයීම” යන්න වරදවා වටහා නොගත යුතුය, එහෙම කියලා අපි කියන්නේ ප්‍රතිපත්තීන් මත පදනම්ව  රටේ සුබසිද්ධිය වෙනුවෙන් හොඳ දේට හොඳයි කීමත් වැරදි දේ විවේචණයත්, අඩුපාඩු පෙන්වා දීමත් මිස සෑම සියළු කාරණාවකටම “එහෙයි” කීම නොවේ. අප ඒ කාර්යය සද්භාවයෙන් කළහොත් මේ රට වඩාත් සුන්දර දේශයක් වනු නොඅනුමානය.

අවසාන වශයෙන් කිව යුතු යමක් ඇත. ජෙනරල් සරත් ෆොන්සේකා යනු ජාතික වීරයකු බව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව පිළිගත යුතු අතර ඔහුට කොටි ත්‍රස්තයින්ගේ අවශේෂ පාර්ශව වල තර්ජන එල්ල වන බව නොරහසකි. කුමන දේශපාලන එදිරිවාදීකම් පැවැතියද එතුමන්ගේ ආරක්ෂාව තහවුරු කරනු වස් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ජනාධිපතිතුමා ගනු ඇතැයි ලංකාවාසී අප අපේක්ෂා කරමු. කරුණා, පිල්ලෙයාන්, දේවානන්ද, වීරවංශ වැන්නවුන්ට විශාල ආරක්ෂාවක් ලබාදෙද්දී ජෙනරල් ෆොන්සේකාට පොලිස් කොස්තාපල්වරු 4ක් පමණක් ලබා දීම වැරදි පූර්වාදර්ශයක් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තමන් විසින්ම ජනතාව හමුවේ අවතක්සේරු කරනු ලබන වැරදි තීරණයකි. එනිසා මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිඳුන්ට සිදුවූ ඛේදනීය ඉරණම ජෙනරල් ෆොන්සේකාට අත්වීමට පෙර එතුමාගේ ආරක්ෂාව සපයා වෛරවාදී දේශපාලනයට විරාමයක් දීම ජනාධිපතිතුමා සතු වගකීමකි.

ශ්‍රී ලංකාවාසී ඔබ සැමට සුබ අනාගතයක් හරහා විශ්වාසනීය වෙනසක්….!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

සිතන්නට යමක්

තවත් සීමාකාරී අවස්ථාවකට ලඟාවෙමින් සිටින්නන් සමූහයක් ලෙස ජීවත් වන අපට, හෙට අපේ ලංකාවට රාජ්‍යය නායකයෙකු පත්කර ගැනීමේ මහා භාරධූර කාර්යක් පැවරී ඇත. මෙය වඩාත් නිවැරදි ලෙස ඉටුකිරීම ලාංකික අප සැමගේ වගකීම වන බව පුල පුලා පැවසීම මාගේ අරමුණ නොවන නමුත් මේ ගැනත් සිතා බලන්න…..

“බෙදීගොස් තිබූ රට එක් කිරීමේ ජාතික කාර්යය ඉටු කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසි දිනක රට පාවා දෙන්නේ නැත” යයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි පසුගිය 16 වෙනිදා ප්‍රකාශ කලේ ජනරාල්තුමා මහනාහිමියෝ බැහැදැකීමට ගිය අවස්ථාවකයි.

මල්වතු මහනායකහිමියෝ පවා සරත් ෆොන්සේකා කෙරෙහි පැහැදීමකින් කටයුතු කලද, ඇතැමුන් තවමත් කටකථා පතුරවමින් මඩ ව්‍යාපාර පවත්වාගෙන යමින් අභූත චෝදනා ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අස්ථාවර භාවය පෙන්නුම් කිරිමක් බැව් ඕනේම කෙනෙකුට හැඟි යන්නකි.

මෙලෙසම LTTE සංවිධාන ඝාතන ලැයිස්තුවල  නොසිටි විමල් වීරවංශ පසුගිය සමයේම පැවසුවේ, තුන් වරක්ම කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතන කිරීමට තැත් කරන ලද “ජෙනරල් සරත් ෆොන්සේකා” යනු දේශ ද්‍රොහියෙකු බවයි. මෙලෙස අර්ථ විරහිත ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාව මුලාකරමින් මොවුන් මේ කරන්නේ දේශප්‍රේමී කටයුත්තක්ද කියන වග සිතා බැලීම ඔබ සතු වගකීමකි…..

— සුදර්ශන ලක්මාල් මාරසිංහ – 2009 දුරුතු —

කොටන් අදින්න වගේම. . .කරඬුව ගෙනියන්නත් සුදුසු අපේ ඇත් රජ – ගාමිණී අතුකෝරල

ගාමිණී අතුකෝරල

2002 වර්ෂයේ ජනවාරි පලමුවනදා සියළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් සහ සියළු ප්‍රතිපත්තිගරුක ඡන්ද දායකයින් සිත් තුල ශෝකයක් දල්වමින් එජාපයෙන් පාර්ලිමේන්තු සභාව ප්‍රභාවත් කල සම්භාවනීය ජනතා නියෝජිතයෙකු වූ ගාමිණී අතුකෝරාල මහතා දැයෙන් සමුගත්තේය.එජාපයේ අපට අලියා ලකුණ වැදගත් වන්නේ යම්සේද,ඒ වගේම ගාමිණී කියන නමත් වැදගත් දෙයක් වෙනවා.එවකට පක්ශයේ අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය සහ බුද්ධශාසන අමාත්‍ය තුමා මෙන්ම සභානායක තුමාද වන ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුව හමුවේ කල සිය ශෝකප්‍රකාශයේ සඳහන් කලේ. . . ,

කවර දේශපාලන පක්ෂයකට වුනත් ආදර්ශයට ගත හැකි චර්යාවක් ගාමිණී අතුකෝරල මහතා තුල තිබුනා.එතුමාගේ කැපවීම ඉතාමත්ම ඉහලයි.අංශක ගණනක් තිබුනේ නැහැ.සියයට සීයයි.එය අඩුවක් නැහැ!

එතුමාගේ පියා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කළ, සබරගමුව හෙබවූ විශිෂ්ඨ අන්දමේ ජන නායකයෙකු වූ නිසා, ජේ. ආර්. ජයවර්ධන මහතා වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ඒ පලාතට ගිය විට එතුමාගේ නිවසටත් යන සිරිතක් තිබුනා.ඒ නිසා ගාමිණී අතුකෝරල මහතා කුඩා කාළයේ සිටම දේශපාලනයට හුරු වුණු කෙනෙක්.එයට හොඳම උදාහරණය වන්නේ විසි දෙවනි වියේදී නිවිතිගල ආසනය සංවිධානය කිරීමට එඛඹෙනවා.එවන් භද්‍ර යෞවනයේ සිටින විටදීයි එතුමා දේශපාලනයට පිවිසියේ.ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතුකෝරල මහතා,දේශපාලනයට කැඳවනු ලැබූ විට නිවිතිගල වැනි වමේ බලකොටුවකින් 1977දී පලමු වතාවේදීම 17450 ඡන්ද ලබාගෙන වැඩි ඡන්ද 1655කින් දේශපාලනයට පිවිසෙන්නට එතුමාට හැකිවුනා. ඒ අනුව “බේබි මහත්තයා” නමින් ජනතාවගේ ආදරය දිනාගෙන හිටපු මේ තරුණයා මන්ත්‍රීතුමෙකු බවට එසේත් නොමැති නම් ජනතා නියෝජිතයෙකු බවට පත්වුනා.එසේම ඔහු සතු වූ පෞරුෂය සහ ආකර්ශනීය සිනාව ඔහුව සිය රටවැසියාගේ සිත් තුල නොමැකෙන සටහනක් ලෙස ඉතිරි කිරීමට සහය වුනා.

එතුමාගේ දේශපාලන දිවියේ සුවිශේෂ අවස්ථාවක් වුනේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා යෞවන කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ගාමිණී අතුකෝරල මැතිතුමා එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වීමයි.කැපවීමලින් තොරව කටයුතු කිරීමෙන් හෝ අඩු ශක්තියකින් කටයුතු කිරීමෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතා වැනි චරිතයක් සමග වැඩිදුර සම්බන්ධතාවයක් ගෙනයන්නට ලෙහෙසි නැති බව ඉතා ප්‍රසිද්ධ කරුණක්.එහෙත් පසුකලෙක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ. . . ,

ගාමිණීගේ කාර් එක ජංගම කාර්යාලයක් වගෙයි.

යනුවෙනි.එම ප්‍රකාශයෙන් ගාමිණී අතුකෝරල මහතාගේ කැපවීම මැනවින් විදහනවා.එම කාලය වනවිට තරුණ කටයුතු අමාත්‍යාංශය අලුත් අමාත්‍යංශයකෙය අලුත් අදහසක්.ඒ අවස්ථාවල මෙතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශාල සහයෝගයක් දෙමින් කටයුතු කල බව එතුමාගේ අභාවයත් සමග පාර්ලිමේන්තුව තුල නිකුත් වූ ශෝක ප්‍රකාශ තුල සඳහන් වෙනවා.මහවැලි ව්‍යාපාරය සඳහා මූලිකව කටයුතු කලේ අනිත් ගාමිණී,එහෙමත් නැත්තං ගාමිණී දිසානායක ඇමතිතුමා.කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් ගාමිණී අතුකෝරල මැතිතුමා එවකට ජංගම කාර්යාල පවත්වමින් මුළු මහවැලි කලාපය සිසාරා හැම ජනපදයක් කරාම ගිහිල්ලා,දැඩි උනන්දුවකින් එතුමා කටයුතු කල බවද එම ශෝක ප්‍රකාශ තුල සඳහන් වෙනවා.

ගාමිණී අතුකෝරල

එකල ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පාන්දර 4.00 සිට ජනතා සේවයට කැපවී සිටි බව නොරහසක්.ඒ ආකාරයෙන්ම ගාමිණී අතුකෝරල මැතිතුමා පාන්දර 4.00 වන විට අමාත්‍යාංශයේ සිටින බවද,උදෑසන 8.00 – 9.00 වන විට එතුමා ජනතාව හමුවී ප්‍රශ්න හඳුනාගෙන උදෑසන 9.00න් පසු ඒ ඒ අමාත්‍යාංශ සහ ඒ ඒ දෙපාර්තමේන්තු , නිළධාරීන් සම්බන්ධ කරගෙන ඒ මතුවුනු සියළු ප්‍රශ්න විසඳන්නට එතුමා කාලය කැප කල බව එකල හැන්සාඩ් වාර්ථා වල විවාදයන් හී සහ ප්‍රකාශයන් හී සඳහන් වෙනවා.එසේම ඒ සම්බන්ධ වෙනස් කරණයක් කෙරෙහි ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමා මෙසේ සඳහන් කර තිබෙනවා.

දුරකථනයට තමන්ම උත්තර දෙන ගතියක් එතුමා ලඟ තිබුනා.එය ඉතාම ආදර්ශ සම්පන්න දෙයක්.අර නිළධාරියා මේ නිළධාරියා නෙමෙයි උත්තර දුන්නේ.ජංගම දුරකථන රාශියක් එතුමා අතේ තියෙනවා.සමහර තැන් වලට සංඥා නැතිවෙන කොට ඊලඟ එකෙන් හරි අමතන්න පුලුවන්.සංඥා නැතිවීම බොහෝවිට දේශපාලනඥයන්ට වාසියක්.ඒත් එතුමා එය වාසියක් විදිහට සැලකුවේ නෑ.යුතුකමක් වශයෙන් එතුමා හැමවිටම සම්බන්ධතාව ඇතිකරගන්න කටයුතු කල කෙනෙක්.ඒ කැපවීම සුලුපටු නැහ, නියෝජ්‍ය කාරක සභාපතිතුමනි.

එතුමා රිදී හැන්දක් මුවැතිව ධනවත් පවුලක ඉපදුනු කෙනෙක්.ඉතින් එතුමාට නැති බැරි කමක් තිබුනේ නෑ.හම්බකිරීම ගැන එතුමාට කිසිම දිනෙක චෝදනාවක් තිබුනෙත් නෑ.එතුමා එජාපයේ උප නායකයා වශයෙන් එවකට සිටි පර්ෂද නායකයන්, අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වැනි අය නමින් දන්නා තරමට සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන සිටියා.එතුමාගේ වතු යායවල්, බූදල ක්‍රමක්‍රමයෙන් නැති වුනා.ප්‍රවාහන සේවය සඳහා යොදවා තිබූ එතුමාගේ ලොරි බොහෝවිට මැතිවරණයක් ඉවරවෙන විට විකිණිලා අවසන් වෙලා තිබුනා.එවන් දේශපාලනයක් එතුමා කලේ.එතුමා කොටන් අදින්න ඉතාම ශූර අලියෙක් වගේම,කරඬුව වඩම්මන්නත් හැම විටම සුදුසුකම් ලබා සිටියා.මෙහිදී එක් ස්ථානයක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමා ජනබල මෙහෙයුම සම්බන්ධව මෙසේ ප්‍රකාශ කරනවා.

එතුමාගේ දේශපාලන දිවියේ කූටප්‍රාප්තිය විදියට මා සළකන්නේ එතුමා ඇමතිවරයෙකු වශයෙන් පත්වීම හෝ, අප පක්ෂයේ උප නායකයා වීම හෝ, පක්ෂයේ ලේකම් වීම හෝ නොවෙයි.ජන බල මෙහෙයුම සංවිධානය කල ආකාරයයි.ඒ සඳහා එතුමා දුන් නායකත්වය එක්සත් ජාතික පක්ෂයට නම් කවදාවත් අමතක කරන්න බෑ.

එතුමාගේ අභාවය ගැන අහුවහම රට පුරාම සුදු කොඩි නොනැඟුන ගෙයක් නැති තරමට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව දුක් උන අවස්ථාවක් බවට එය පත්වුනා.විශේෂයෙන්ම එතුමා දේශපාලන භේදයක් නැතිව හැම පන්සලක් සමගම සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටියා.අවසන් වශයෙන් එතුමාගේ වියෝව සම්බන්ධයෙන් එවකට විපක්ෂ නායක වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කී දෙයින් මදක් විමසා සිටිමු.

අපි දැකලා තියෙනවා,සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු වුනාම ඔවුන් එකපාරටම වෙනසක් ඇති කරගන්න බව.නමුත් ගාමිණී අතුකෝරල එහෙම ආරෝපණය කරගත්ත බලයක් පෙන්වූ ඇමතියෙක් නෙමෙයි. ගාමිණී අතුකෝරල මැතිතුමා ඔහුගේ පක්ෂය බලයට පත් කිරීම සඳහා කටයුතු කලාය කියන එක අප අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්.

මෙවන් තීරණාත්මක අවස්ථාවකදී එවන් අවංක දේශපාලනඥයෙකු මෙන්ම සොඳුරු මිනිසෙකු අහිමි වීම අප අභාග්‍ය වන අතර,මීට වසර අටකට පෙර ජනවාරි පලමු වැනිදාවක අප හැර ගිය ඒ කොටන් ඇදීමට පමණක් නොව,කරඬුව වඩම්මන්නටත් සුදුසු ඇත් රජුට මෙම ලිපිය උපහාරයක් වන අතර එතුමාට අමා මහ නිවනින් සැනසීම ලැබෙන්නට සදාහරිතයේ අප ඉතසිතින් පතමු.

– රචින්ත ජයවර්ධන, 2010 දුරුතු –

දිනන්නට නම්.. .

රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!
රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!

දැන් දකුනේ ඡන්දය හමාරය.එක්සත් ජාතික පාක්ශිකයින් වශයෙන් බුද්ධික පතිරණ සහ මනූෂ නානායක්කාර සම්බන්ධව අප සතුටු විය යුතුය.එහෙත් සියල්ල ගෙන බැලූකල්හී අපට ඉතිරිව ඇත්තේ

දුක් වීමට පමණි.ඉහල සාමාජිකයින් කුමක් කීවත් අප පරාජය වී හමාරය.මෙය සන්ධානයේ පසුබෑමක් වුවද එජාපය අවසන පරාජය වී ඇත.ලෝක ශූර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමද දුර්වල
කණ්ඩායම් වූ කෙන්යාවට සහ බංගලාදේශයට පරාජය විය.නැවත් දිනුවෝය.ඉන් අනතුරුවද ඔවුන් ශූරතා විශාල ප්‍රමානයක් දිනුවෝය.පරාජයක් යනු මිය යෑමක් නොවේ.එම නිසා අප පක්ෂයක්
ලෙස දුක් විය යුතු වුවද සිතින් වැටිය යුතු නැත.එසේම සන්ධානය මෙන් මාධ්‍ය ඔස්සේ වැසියා රැවටිය යුතුද නැත.එය එජාපය මෙතෙක් අනුගමනය නොකල පිළිවෙතකි.මා හිත මිතුරෙකු කියා තිබූ පරිදි
අපට ඉතිරිව ඇත්තේ සන්ධානයට 90% ක අපේක්ෂිත ඉලක්කය කරා යෑමට ඉඩ නොදුන් දකුණු ජනතාවට ස්තූතිවන්ත වීම පමණි.වරදවා නොවටවහාගන්න මෙය සිත සාදා ගැනීමක් නොවේ.අප
සදාහරිතයේ ශ්‍රී ලාන්කීය දේශපාලනය සම්බන්ධව කතා කරන්නේ නම් පක්ෂ බේදයකින් තොරව කතා කල යුතුය.මින් පෙරද අප බ්ලොග් ලිපි කියවූ ඔබ ඒ පිළිබඳ වටහගෙන ඇතැයි සිතමු.එබැවින් මා
විශ්වාස කරන පරිදි ඕනෑම දෙයක නැග්මක් සහ බැස්මක් ඇත.එය ආර්ථිකයටද පොදුය.මින් පෙර එජාපය ඓතිහාසික ජයග්‍රහන ලබද්දී එවකට විපක්ෂයද නොයෙක් විදි වලින් සිත සනසා ගන්නට
ඇත.එහෙයින් දිනන්නට වාසනාව පැමිනෙන විට,එදිනට යෙදීමට සියලු ජවය අප සතු විය යුතුය.මන්දයත් සියල්ල රඳා පැවතීමට ඇති සාධක වන්නේ වාසනාව සහ හැකියාවයි.
මදකට දකුණේ පැවැත්වුනු ඡන්ද ව්‍යාපාරයට අප කතිකාවත යොමු කරමු.පක්ෂ විපක්ෂව ප්‍රධානවම කතා කෙරිච්ච චරිත සම්බන්ධව කතා කරන්නේ නම් ශාන්
විජේලාල්,අනර්කලී,මනූෂ,මුතුහෙට්ටිගම,සුසන්තා චන්ද්‍රමාලී ඉදිරියෙන් සිටී.කොපමන වචන වැරැද්දුවද හුරතලේට ජනයා ඇමතූ අනර්කලී මෙනවියට මන්ත්‍රී ධූරයක් ලබාදීමට දකුණේ ජනයා
අමතක නොකලේය.සැබවින්ම චරිතය කෙසේ වුවත් ඇය මෙතෙක් හොරකම් කලේ නැත.සැබවින්ම ඇය මුලු දකුණටම කෙසේ වෙතත් දකුණේ යුවතියන්ට වත් සෙතක් කරනු ඇතැයි මා විශ්වාස
කරමි.එසේම එජාපයෙන් මනූෂ තවත් අභීත තරුණ නායකත්වයකි.ඔහුට මනා දැක්මක් සහ හැකියාවක් ඇති සේම ඔහු ක්ෂේත්‍ර කිහිපයකම කොණ දුටුවෙකි.සත්‍ය වශයෙන්ම එජාප තරුණ පෙළේ මා
දකින විශිෂ්ඨතම අනාගතය හිමිවනේ මනූෂ ටය.ඇමතීමේ හැකියාව,යෙදවීමේ හැකියාව,කරවීමේ හැකියාව,කැඳවීමේ හැකියාව ඇත.ඒ අතින් ඔහු බුද්ධිකට වඩා ඉදිරියෙන් ඇත.එසේම ශාන්
විජේයලාල් වැඩිම මනාප ගත්තාට පුදුමයක් නැත.මන්ද මා පෞද්ගලිකවම දන්නා පරිදි ඔහු ඉතා හොඳ සමාජ සේවකයෙකි.ඔහු අතිවිශාල මෙහෙවරක් එම ප්‍රදේෂයට කර ඇත.ලිපිය අප්‍රිය කරවීමට
සහ දිගු කරවීමට ඇති අකමැත්ත නිසා ඉතිරි චරිත සඳහන් නොකර සිටිමි.
තවද එක් තුටු විය හැකි කරුණක් ඇත.එනම් වීරවංශ මහතාගේ ලාබ ප්‍රයෝජන පක්ෂය ඇතුගෑවී ගොස් තිබීමයි.එය ඉහත ඇති විනී හෙට්ටිගොඩ මහතාගේ කාටූනයෙන් මනාව ඔප්පු වන අතර ප්‍රධාන
මාතෘකාව වන “දිනන්නට නම්” වෙත අවසාන වශයෙන් පැමිනෙමු.අප “දිනන්නට නම්” පමනක් නොව “දිනා වැඩ කිරීමට නම්” කල යුතු වන්නේ සාමූහිකත්වය ඇති කිරීම හාවිශ්වාසය
ඇතිකිරීමයි.මහත්මා දේශපාලනයට කදිම චරිතයක් වන් රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දෙනෙක් පවසන පරිදි ලංකාවේ දේශපාලනයට ඔබින්නේ නැතිලු.මන්ද ලක්දිව මහත්මා දේශපාලනයක්
නොපවතින බැවිනි.අනෙක් කරුණ නම් කට පරෙස්සම් කරගැනීමයි.මන්ද වරදින වචන ඇල්ලීමට රජය මාධ්‍ය යොදවා තිබීමයි.එසේ වැරදි රජය පාර්ශවයෙන් සොයන්නේ නම් එමට ඇත.ලඟම
උදාහරණය රාජිත සේනාරත්න මහතා දැනට දිනකට හෝ දෙකකට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ කල ප්‍රකාශයකි.එන ලංකාවේ මිනිස්සුන්ට වීජ ගණිතය නොතේරෙන බවත් කියන දෙයක් ගොඩේ
විදිහට කිව යුතු බවත්ය.එම නිසා මුව රැලේ නායකායා වන අං තට්ටුව ඇති මුවාමුවාට වුවද නරියාගේ ගොදුර වීමට සිදුවේ.එමනිසා මතුවට සශ්‍රීක අනාගතයක අරමුණ සිත් තබාගෙන වාසනාව අසලට
එනවිට එය බාරගැනීමට සූදානම් වී සිටින්නැයි ඉල්ලමින් සමුගනිමි.අප පක්ෂයට ජය නියතය.ඔබටද සදා ජය !!!
ප.ලි: මෙපමන කලක් විභාග කටයුතු හේතු කොට ගෙන නිලැස් සොහොයුරාට සහ මා හට සදාහරිතය ඉදිරියට ගෙනයාමට නොහැකිවීම සම්බන්ධව සමාව අයදිමු.තවද අප අනෙක් හවුල්කරුවා
හදිස්සියේ විදේශ ගත වීමදාවාසනාවට සිටියේය.ඔබ මෙතෙක් කලක් සදාහරිතය සමග සිටීම සම්බන්ධව තුති පුද කරමි.තවද මෙය සදාහරිත කණ්ඩායමේ අදහස නොව මාගේ පෞද්ගලික අදහස
මතය බැවින් ඔබ මෙයට විරුද්ධ අදහසක් දරයි නම් සදාහරිතය විවේචනය නොකර මා විවේචනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි.එසේම අප කවුරු කවුරුත් යම් පමණකට සුදු හකුරු හදන්නන් බැවින්
වැරදි කියමන් ඇතොත් සමාව අයදිමි.

දැන් දකුනේ ඡන්දය හමාරය.එක්සත් ජාතික පාක්ශිකයින් වශයෙන් බුද්ධික පතිරණ සහ මනූෂ නානායක්කාර සම්බන්ධව අප සතුටු විය යුතුය.එහෙත් සියල්ල ගෙන බැලූකල්හී අපට ඉතිරිව ඇත්තේ දුක් වීමට පමණි.ඉහල සාමාජිකයින් කුමක් කීවත් අප පරාජය වී හමාරය.මෙය සන්ධානයේ පසුබෑමක් වුවද එජාපය අවසන පරාජය වී ඇත.ලෝක ශූර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමද දුර්වල කණ්ඩායම් වූ කෙන්යාවට සහ බංගලාදේශයට පරාජය විය.නැවත් දිනුවෝය.ඉන් අනතුරුවද ඔවුන් ශූරතා විශාල ප්‍රමානයක් දිනුවෝය.පරාජයක් යනු මිය යෑමක් නොවේ.එම නිසා අප පක්ෂයක් ලෙස දුක් විය යුතු වුවද සිතින් වැටිය යුතු නැත.එසේම සන්ධානය මෙන් මාධ්‍ය ඔස්සේ වැසියා රැවටිය යුතුද නැත.එය එජාපය මෙතෙක් අනුගමනය නොකල පිළිවෙතකි.මා හිත මිතුරෙකු කියා තිබූ පරිදි අපට ඉතිරිව ඇත්තේ සන්ධානයට 90% ක අපේක්ෂිත ඉලක්කය කරා යෑමට ඉඩ නොදුන් දකුණු ජනතාවට ස්තූතිවන්ත වීම පමණි.වරදවා නොවටවහාගන්න මෙය සිත සාදා ගැනීමක් නොවේ.අප සදාහරිතයේ ශ්‍රී ලාන්කීය දේශපාලනය සම්බන්ධව කතා කරන්නේ නම් පක්ෂ බේදයකින් තොරව කතා කල යුතුය.මින් පෙරද අප බ්ලොග් ලිපි කියවූ ඔබ ඒ පිළිබඳ වටහගෙන ඇතැයි සිතමු.එබැවින් මා විශ්වාස කරන පරිදි ඕනෑම දෙයක නැග්මක් සහ බැස්මක් ඇත.එය ආර්ථිකයටද පොදුය.මින් පෙර එජාපය ඓතිහාසික ජයග්‍රහන ලබද්දී එවකට විපක්ෂයද නොයෙක් විදි වලින් සිත සනසා ගන්නට ඇත.එහෙයින් දිනන්නට වාසනාව පැමිනෙන විට,එදිනට යෙදීමට සියලු ජවය අප සතු විය යුතුය.මන්දයත් සියල්ල රඳා පැවතීමට ඇති සාධක වන්නේ වාසනාව සහ හැකියාවයි.

මදකට දකුණේ පැවැත්වුනු ඡන්ද ව්‍යාපාරයට අප කතිකාවත යොමු කරමු.පක්ෂ විපක්ෂව ප්‍රධානවම කතා කෙරිච්ච චරිත සම්බන්ධව කතා කරන්නේ නම් ශාන් විජේලාල්,අනර්කලී,මනූෂ,මුතුහෙට්ටිගම,සුසන්තා චන්ද්‍රමාලී ඉදිරියෙන් සිටී.කොපමන වචන වැරැද්දුවද හුරතලේට ජනයා ඇමතූ අනර්කලී මෙනවියට මන්ත්‍රී ධූරයක් ලබාදීමට දකුණේ ජනයා අමතක නොකලේය.සැබවින්ම චරිතය කෙසේ වුවත් ඇය මෙතෙක් හොරකම් කලේ නැත.සැබවින්ම ඇය මුලු දකුණටම කෙසේ වෙතත් දකුණේ යුවතියන්ට වත් සෙතක් කරනු ඇතැයි මා විශ්වාස කරමි.එසේම එජාපයෙන් මනූෂ තවත් අභීත තරුණ නායකත්වයකි.ඔහුට මනා දැක්මක් සහ හැකියාවක් ඇති සේම ඔහු ක්ෂේත්‍ර කිහිපයකම කොණ දුටුවෙකි.සත්‍ය වශයෙන්ම එජාප තරුණ පෙළේ මා දකින විශිෂ්ඨතම අනාගතය හිමිවනේ මනූෂ ටය.ඇමතීමේ හැකියාව,යෙදවීමේ හැකියාව,කරවීමේ හැකියාව,කැඳවීමේ හැකියාව ඇත.ඒ අතින් ඔහු බුද්ධිකට වඩා ඉදිරියෙන් ඇත.එසේම ශාන් විජේයලාල් වැඩිම මනාප ගත්තාට පුදුමයක් නැත.මන්ද මා පෞද්ගලිකවම දන්නා පරිදි ඔහු ඉතා හොඳ සමාජ සේවකයෙකි.ඔහු අතිවිශාල මෙහෙවරක් එම ප්‍රදේෂයට කර ඇත.ලිපිය අප්‍රිය කරවීමට සහ දිගු කරවීමට ඇති අකමැත්ත නිසා ඉතිරි චරිත සඳහන් නොකර සිටිමි.

තවද එක් තුටු විය හැකි කරුණක් ඇත.එනම් වීරවංශ මහතාගේ ලාබ ප්‍රයෝජන පක්ෂය ඇතුගෑවී ගොස් තිබීමයි.එය පහත ඇති විනී හෙට්ටිගොඩ මහතාගේ කාටූනයෙන් මනාව ඔප්පු වන අතර ප්‍රධාන මාතෘකාව වන “දිනන්නට නම්” වෙත අවසාන වශයෙන් පැමිනෙමු.අප “දිනන්නට නම්” පමනක් නොව “දිනා වැඩ කිරීමට නම්” කල යුතු වන්නේ සාමූහිකත්වය ඇති කිරීම හාවිශ්වාසය ඇතිකිරීමයි.මහත්මා දේශපාලනයට කදිම චරිතයක් වන් රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දෙනෙක් පවසන පරිදි ලංකාවේ දේශපාලනයට ඔබින්නේ නැතිලු.මන්ද ලක්දිව මහත්මා දේශපාලනයක් නොපවතින බැවිනි.අනෙක් කරුණ නම් කට පරෙස්සම් කරගැනීමයි.මන්ද වරදින වචන ඇල්ලීමට රජය මාධ්‍ය යොදවා තිබීමයි.එසේ වැරදි රජය පාර්ශවයෙන් සොයන්නේ නම් එමට ඇත.ලඟම උදාහරණය රාජිත සේනාරත්න මහතා දැනට දිනකට හෝ දෙකකට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ කල ප්‍රකාශයකි.එන ලංකාවේ මිනිස්සුන්ට වීජ ගණිතය නොතේරෙන බවත් කියන දෙයක් ගොඩේ විදිහට කිව යුතු බවත්ය.එම නිසා මුව රැලේ නායකායා වන අං තට්ටුව ඇති මුවාමුවාට වුවද නරියාගේ ගොදුර වීමට සිදුවේ.එමනිසා මතුවට සශ්‍රීක අනාගතයක අරමුණ සිත් තබාගෙන වාසනාව අසලට එනවිට එය බාරගැනීමට සූදානම් වී සිටින්නැයි ඉල්ලමින් සමුගනිමි.අප පක්ෂයට ජය නියතය.ඔබටද සදා ජය !!!

ප.ලි: මෙපමන කලක් විභාග කටයුතු හේතු කොට ගෙන නිලැස් සොහොයුරාට සහ මා හට සදාහරිතය ඉදිරියට ගෙනයාමට නොහැකිවීම සම්බන්ධව සමාව අයදිමු.තවද අප අනෙක් හවුල්කරුවා හදිස්සියේ විදේශ ගත වීමදාවාසනාවට සිටියේය.ඔබ මෙතෙක් කලක් සදාහරිතය සමග සිටීම සම්බන්ධව තුති පුද කරමි.තවද මෙය සදාහරිත කණ්ඩායමේ අදහස නොව මාගේ පෞද්ගලික අදහස මතය බැවින් ඔබ මෙයට විරුද්ධ අදහසක් දරයි නම් සදාහරිතය විවේචනය නොකර මා විවේචනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි.එසේම අප කවුරු කවුරුත් යම් පමණකට සුදු හකුරු හදන්නන් බැවින් වැරදි කියමන් ඇතොත් සමාව අයදිමි.

රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!

රටට එරෙහි කුමන්ත්රණවලට ඉඩ නොතබන බව දේශමාමක ජනතාව පෙන්වා දී තිබෙනවා!

-රචින්ත ජයවර්ධන-

රනිල්ගේ තරම නොදන්නෝ

බැරි වෙලාවත් ප්රභාකරන්ට මොනවා හරි වුණොත් ප්රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්යන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී ගැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්රභාකරන් ගත්ත තීරණයයි. “එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?” සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්රහයකි. “නැහැ. රනිල් වික්රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…” ඒ ඔවුන්ගේ විග්රහයය. “ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…” අර විග්රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි. ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්රමසිංහ කියලාය. අරගෙන කියවන්න මෙන්න මේ පොත “ඇයි එහෙම හිතන්නේ” රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්රභාකරන් හොඳ හැටි දනී. “රනිල් වික්රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්රයෝජන ගත්තා…” මේ කොටි න්යායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි. බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්රකට ආරක්ෂක විශ්ලේෂකයෙකි. “අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.” ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්රභාකරන් පොත කියනව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්රකාශයට පත් කළේ 1998 චන්ද්රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය. “හමුදා ප්රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…” 50th of Ceylon Army පිටු අංක, 503 ශ්රී ලංකා හමුදාව මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම, කැලැබද ප්රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්රී මෙහෙයුම් සහ රාත්රියේ එල්ල වන ප්රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්රහාරක ඒකක පුහුණු කිරීම, දුරදිග විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි. මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි. “සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…” වේළිපිල්ලේ ප්රභාකරන් මහවිරුදින කතාව ටැමිල්නෙට් 2008.11.27 2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි. සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය. “මා ආරක්ෂක අමාත්යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…” ඔස්ටින් ප්රනාන්දු පිට – 143 එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය. චන්ද්රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්රභාකරන්ට නොතේරුණා නොවේ. ප්රභාකරන් 2003 අප්රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය. ඒ වනවිට රනිල්, චන්ද්රිකාගේ ආණ්ඩු කාලයේ ශ්රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්රිතාන්ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්ෂක යුද නැවක් තෑගි ලැබුණි. 2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්රතිඵලයක් ලෙසය. ප්රභාකරන් සිටින තුරු රනිල්ට ඉඩක් නෑ එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිලයීන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටRanilත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්රියාත්මක වන නිසාය. එසේම බ්රිතාන්ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්රමසිංහ හමුදාවට අවශ්ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය. ශ්රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි. චන්ද්රිකා 2003 නොවැම්බරයේ ආරක්ෂක අමාත්යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්රිතාන්ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත. මෙම යුධ ආධාර සහ ආරක්ෂක ගිවිසුම් නතර කිරීමය ප්රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්රිකා ආරක්ෂක අමාත්යාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය. ප්රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්නැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු – ලංකාදීප 16-04-2009, ගුරුදා විග්‍රහය