පළමු වසර සැමරීම…..

ලොග් සංස්කෘතියෙන් ඔබ්බට පිය නැඟිමට ආරම්භ කරන ලද https://sadaharita.wordpress.com බ්ලොග් අඩවියේ ප්‍රථම වසර සැමරුම යන ප්‍රීතිමත් මොහොත ඔබ වෙතට ළඟා කර දීමට ලැබීම ගැන ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමි. ඒ වෙන අන් කවරෙකු නිසාවත් නොව අප දයාබර පාඨක ඔබ නිසාමය……..

මෙම අඩවිය වසරක් තුල පාඨකයින් 11,000ක් පමණ ආකර්ෂණය කරගැනීමෙන් පෙනී යන්නේ සදාහරිත බ්ලොග් අඩවිය අද වනවිට තරමක ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති අතර ඒ උදෙසා දායක වූ සිංහල බ්ලොග් කියවනය, ලාංකේය සිතුවිලි වැනි සින්ඩිකෙටයන්ටත්, facebook වෙබ් අඩවියටත්, පක්ෂ විපක්ෂ පාඨක සියලු දෙනාටත් අපේ ගෞරව පූර්වක ප්‍රණාමය පිරිනැමේ…
එනම් සෑම දෙනාගේම අදහස් වලට ගරුකරමින් සැමවිට මහත්මා දේශපාලනය සඳහා ගනු ලබන මේ ප්‍රයත්නය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව අප සංඛයාලේඛන වලට අනුව මැනවින් පැහැදිලි වේ….

2009 අප්‍රියෙල් මස 26 දින බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වීමත් සමඟ, https://sadaharita.wordpress.com/ යන වෙබ් ලිපිනය යටතේ “තවත් එක් බ්ලොග් අඩවියක්” ලෙස ඇරඹුනු අප “තවත් එක් බ්ලොග් අඩවියක්” යන රාමුවට කොටු නොවී උඩුගම් බලා පිහිනීම ඇරඹීමම එක්තරා ආකාරයක අභියෝගයක් විය. මෙහිදී අප “සෙමින් පහලට ඇදෙන දියරැල්” වලට අමතරව “චණ්ඩ දිය පහරවල්” වලටද මුහුණ දුන් අතර ඒ සෑමවිටම අප සමග සිටි/සිටින ඔබ සියලුදෙනා හට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙලෙස ඇරඹුනු සදාහරිතයේ මූලික අරමුණ වූයේ එක්සත් ජාතික පක්ෂ දර්ශනය සහ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑමයි. විශේෂයෙන්ම තුරුණු පිරිස් තුල එජාපය සහ එහි ප්‍රතිපත්ති සම්බන්ධව පැවතුණු වැරදි වැටහීම් දුරලා සත්‍ය තත්ත්වය පසක් කරලීමත් කාලීන තොරතුරු පාඨකයන් හට නිවරැදි ලෙසම ඉදිරිපත් කිරීමත් යන උතුම් අභිලාශ පෙරදැරිව මහත්මා දේශපාලනයක් උදෙසා මෙතෙක් ආ ගමනේ පසුගිය වසර සලකන විට ඉමහත් සාර්ථක බවක් පෙනී යන බවක් ඔබ හට ප්‍රකාශ කරන්නෙ ඉමහත් සතුටිනි.

එනම් පසුගිය වසරක කාලය තුල අපි විසින් පලකළ  ලිපි 81ක් සඳහා අද වෙනවිට Comments 332ක් ලැබී ඇතිබව ඔබ හට දැනුම් දෙන්නේ සතුටිනි…
තවද වැදගත්ම කාරණයනම් අප විසින් කිසි විටක Comments මකාදැමීමක් සිදු නොකල බවයි,(නමුත් ඇතැම් විටක මතුවන අදහස් වල පවතින ස්වරුප මාධ්‍යය විසින් ප්‍රකාශ කිරිමෙදී ඇතිවන සදාචාරත්ම ගැටලු නිසාවෙන් ඒවා විටක සංශෝදනය කිරීමට සිදුවිය …..)

ඉදිරියටත් පාඨක සැම සමඟ හෘදයාංගමව අපේ අදහස් උදහස් බෙදා හදා ගැනීමට සදාහරිත කණ්ඩායම සූදානම්ව සිටින්නේ සැම හා එක්ව යහපත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සොඳුරු බලාපොරොත්තුවෙනි… ඒ ගමනට ඔබ සෑම සියලු දෙනාගේම ආශිර්වාදය සහ සහයෝගය අපට මහත් ධෛර්යයක් වනු නොඅනුමානය…

අප සමග රැඳි සිටි/සිටින ඔබ සැමවෙත නැවත වරක් ආචාර කරන අතරම මතුවටත් ඔබේ අවංක අදහස් උදහස් අප හා බෙදාහදා ගනිමින් අපට දිරි දෙන ලෙස සතුටින් ඉල්ලා සිටිමි…

ස්තුතියි………

ඔබ සැමට ජයෙන් ජය…!!🙂


2 responses to this post.

  1. Posted by පුබුදු on මැයි 9, 2010 at 10:33

    වසරක් පිරුණු සදාහරිතයට උණුසුම් සුබ පැතුම්!!!!
    යූ ඇන් පී කාරයෙක් නොවූ මට එජාපය පිළිබඳ බොහෝ දේ කියාදුන්නාට තුති..
    නිලෝ,රචියෝ,සුදා හා crb ඔබට ජයම වන්නට පතමි….

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by සුදා on මැයි 16, 2010 at 09:31

      මඳක් පමාවීම ගැන සමාව ඉල්ලා සිටිමි……

      පළමුව ඔබට බෙහෙවින් තුති…!!!!
      ඇත්ත වශයෙන්ම අපගේ මේ වෑයම සාර්ථක වීම රඳාපවතින්නේ ඔබ වැන්නන් මතයි…
      එබැවින් තව තවත් අප සමඟ සිටීමට ආරාධනා……

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: