ජානක තිස්සකුට්ටිආරච්චි යනු ඌව පළාත් සභාවේ ලාබාලතම මන්ත්‍රීවරයාය. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කණ්ඩායමෙන් වැඩිම මනාප දිනාගත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතාගේ ඥාති පුත්‍රයෙකි. මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නියමිතව සිටි හෙතෙම ඒ සඳහා නාම යෝජනා අත්සන් කළද මොණරාගල එජාප පතාකයින් විසින් අතිශය පහත් අන්දමින් ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට ඔවුනගේ හිතෛෂියකු වන චමින්ද සේනක රත්නායක මහතාට නාමයෝජනා ලබා දී ඇත.
මෙම ක්‍රියාව මොණරාගල එජාප දැවැන්තයින් මෙම නවක දේශපාලනඥයා කෙටි කලක් තුල බිහි කරගත් ප්‍රතිරූපයට බියේ සිදු කරන ලද ලාමක ක්‍රියාවකි. එය අපි දැඩි ලෙස හෙළා දකින අතර මේ වන විටත් චූදිතයන්ට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ මෙන්ම අපරාධ පරීක්ෂණ අංශය විසින්ද පරීක්ෂණ දියත් කොට තිබේ. මේ පරීක්ෂණවලින් වැරදිකරුවන්ට නිසි දඬුවම් පමුණුවනු ඇතැයි අප උදක්ම අපේක්ෂා කරමු.
පහුගිය පළාත් සභා මැතිවරණයේ මොණරාගලින් සන්ධානය 81%ක්වූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිත්දී එජාපය හිමි වූ ඡන්ද 30,509න් 13,000ක් ඉක්මවූ මනාප ප්‍රමාණයක් දිනා ගත් තිස්සකුට්ටිආරච්චි තරුණ මන්ත්‍රීවරයා ඉතා ජවසම්පණ්ණ දේශපාලනඥයකු ලෙස ඉතා කෙටි කලකදී නමක් දිනා ගැනීමට සමත් වී ඇත.
මේ අසාධාරණය සදාහරිත අපි හෙළා දකින ගමන්ම මීට සම්බන්ධ පාර්ශව වලට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින අතර අසාධාරණයට ලක්වූ ජානක තිස්සකුට්ටිආරච්චි තරුණ මන්ත්‍රීවරයාට සාධාරණයක් ඉටු වනු වස් ඔහුව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සලකා බලන ලෙසත් බොහොම උවමනාවෙන් ඉල්ලා සිටින්නේ මේ අසාධාරණයට විරෝධතාවය ගොනු කරමිනි.
– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –