සන්ධාන පාක්ෂිකයින්ගේ කාරුණික අවධානය පිණිසයි!!!

2010 මහ මැතිවරණය අත ළඟය, රටේ ප්‍රධානතම දේශපාලනික ප්‍රවාහ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ දිස්ත්‍රික් 22ටම නාමයෝජනා භාරදී ඇත. පාර්ලිමේන්තු ආසන 225න් 200 ඉක්මවන ප්‍රමාණයක් මෙම පක්ෂ දෙක අතරේ බෙදී යනු ඇත. ඒ සඳහා එජාපයෙන් සහ එජනිසයෙන් අපේක්ෂක මහත්ම මහත්මීන් (සහ හිමිවරුන්) 262ක් බැගින් ඉදිරිපත්වී ඇත. ජනතා මනාපය මත මෙම අපේක්ෂකයින් අතුරින් කවුරුන් පාර්ලිමේන්තු යන්නේද, කවුරුන් නොයන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය තුලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ප්‍රතිපත්ති, මතවාද සහ ජනතාව තම වරදාන වරප්‍රසාද උදෙසා පාව දුන් හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන්ය. රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් දේශපාලනයේ නිරත වන කළු සුදු කරන්නත්, සුදු කළු කරන්නත් උත්සාහ දරණ මොවුන්ට මනාපයක් ලකුණු කරන්නේදැයි අප සන්ධාන ඡන්දදායකයන්ගෙන් අසමු. මක්නිසාදයත් ස්වකේය උදරාර්ථය උදෙසා මොවුන් යළිත් වරක් ඡන්දදායකයා පාවා දීමේ අවධානම පවතින නිසා  ශ්‍රීලනිප පාක්ෂිකයන් මනාප පළ කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. පහළ වීඩියෝව නරඹා ඔබට මේ ගැන යම් අදහසක් ලබා ගත හැකි වනු නොඅනුමානය.

එම වීඩියෝවේදී වැදි බණක් දේශනා කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි ඇමැතිවරු අද කතා කරන්නේ කොහොමද? මේ වීඩියෝවේ නැති ප්‍රතිපත්තිමය මහත්මා දේශපාලනය ගැන පම්පෝරි ගැසූ මිලින්ද මොරගොඩ වැන්නන් අද කර ඇත්තේ කුමක්ද? මේ දිව දෙකේ මහත්වරුන් උත්තරීතර සභාවේ ජනතා නියෝජනයට සුදුසුද?

පහත සඳහන්, එජාප ඡන්දදායකයාගේ අභිමතය පාවා දුන් අපේක්ෂක මහත්වරුන්ට මනාපය දීම නොදීම ඔබේ අයිතියකි. ඒ අයිතිය බුද්ධිමත්ව භාවිතා කරන්න.

කොළඹ දිස්ත්‍රික්කය
මිලින්ද මොරගොඩ
රෝහිත බෝගොල්ලාගම
බන්දුල ගුණවර්ධන
ගාමිණී ලොකුගේ
අසාත් සාලි
දුමින්ද සිල්වා
ධනසිරි අමරතුංග

කළුතර දිස්ත්‍රික්කය
මහින්ද සමරසිංහ
දොස්තර රාජිත සේනාරත්න

ගාලු දිස්ත්‍රික්කය
ලයනල් ප්‍රේමසිරි

මාතර දිස්ත්‍රික්කය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ජස්ටින් ගලප්පත්ති

කුරුණෑගල දිස්ත්‍රික්කය
ජොන්ස්ටන් ප්‍රනාන්දු
ඉන්දික බණ්ඩාරනායක

පුත්තලම දිස්ත්‍රික්කය
නියෝමාල් පෙරේරා

මහනුවර දිස්ත්‍රික්කය
කෙහෙළිය රඹුක්වැල්ල
එස්.බී. දිසානායක
ෆයිසර් මුස්තාෆා

නුවර-එළිය දිස්ත්‍රික්කය
නවීන් දිසානායක

මාතලේ දිස්ත්‍රික්කය
නන්දිමිත්‍ර ඒකනායක

රත්නපුර දිස්ත්‍රික්කය
මහින්ද රත්නතිලක

කෑගල්ල දිස්ත්‍රික්කය
මනෝ විජයරත්න

අනුරාධපුර දිස්ත්‍රික්කය
ඩබ්.බී. ඒකනායක

පොළොන්නරුව දිස්ත්‍රික්කය
චන්ද්‍රසිරි ඒ. සූරියාරච්චි

දිගාමඩුලු දිස්ත්‍රික්කය
පී. දයාරත්න

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
සුසන්ත පුංචිනිලමේ

මේ අතර සෙසු දේශපාලන කරණම් කරුවන් අතුරින් හේමකුමාර නානායක්කාර මහතා අයහපත් සෞඛ්‍යය තත්ත්වය නිසා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති අතර 1965දී මුල්වරට පාර්ලිමේන්තුවට ඇතුළු වූ ආර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතුමාද මෙවර තරඟ නොකරයි. හිටපු කතානායකවරයකු වන එම්.එච්. මොහොමඩ් මහතාද දේශපාලනයට සමුදී ඇති සේයාවකි. මහාචාර්ය ජී.ඇල්. පීරිස්, හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර සහ ඒ.එච්.එම්. අස්වර් ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

ප්‍රතිපත්ති විරහිත මහත්වරුන්ට පාඩමක් උගන්වා මීළඟ පාර්ලිමේන්තුවට යූඇන්පී, ශ්‍රී ලංකා භේදයෙන් තොරව ප්‍රතිපත්තිගරුක, බුද්ධිමත්, දක්ෂ, සැබෑ ජනතා සේවකයන් පත්කර යවීම ශ්‍රී ලාංකේය අප සැමගේම වගකීමකි. එම වගකීම නොපිරිහෙලා ඉටු කරලීමට අපි කැප වෙමු!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

23 responses to this post.

  1. එතකොට ශ්‍රි ලන්කා එකෙ ඉදන් UNP එකට ගිය අය ගැන මොකද? (දයසිරි, මන්ගල… වගෙ අය )

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මංගල ගැනත් සදාහරිත අපි කියන්නෙ ඔය උඩින් තියෙන ටිකම තමයි. 🙂 ඔහු මේ පැත්තෙ ඉන්නෙ ඔහුගේ පැවැත්මට මිසක් ප්‍රතිපත්තිමය එකඟතාවයක් නිසා නෙවෙයි.
      නමුත් දයාසිරි දැන් යූඇන්පී. ඔහු පොදු පෙරමුණේ හිටියෙ 1997-2001 කාලෙ පඬුවස්නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් විදියට. ඊට පස්සෙ ඔහු ආයේ ඡන්දෙ ඉල්ලුවෙ 2004 යූඇන්පී එකෙන්නෙ. ඒ නිසා ඔහු පොදු පෙරමුණ පාවලා දුන්නෙත් නැහැ, ඔහුට තියෙන්නෙත් යූඇන්පී ජනවරමක්.

      ප්‍රති-පිළිතුරු සැපයීම

    • මංගල පක්ශය දාලා ගියේ නෑ. එලෙව්වා. එතකොට යන එක ඇරෙන්න වෙන මොනවා කරන්නද ? රෙජිනෝල්ඩ් කුරේ වගේ බල්ලෙක් වගේ ඉන්නද ?

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • හ්ම්ම්… ඔබේ තර්කයෙත් යම්කිසි ඇත්තක් තියෙනවා… අනෙක් අතට ඔහු එක්සත් ජාතික පෙරමුණට එකතු වුණාට ඔහු එක්සත් ජාතික පක්ෂයට එකතු වුණෙත් නැහැනෙ… ඒත් යූඇන්පී අපිට නම් ඔහු ගැන ඒතරම්ම පැහැදීමක් නැහැ… මොකෝ යූඇන්පී එකට මඩ ගහලා ප්‍රතිරූපය විනාස කරන්න මුල් වුණේ මංගල..!!

  2. වටින ලිපියක්!
    අනේ මේවා තේරුම් ගත්තානම්!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. එස්.බී. දිසානායක ඡන්ද දායකයන් පාවා දුන්නේ නැත. ඔහු සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී මහ රජතුමා වෙනුවෙන් සේවය කිරීමට ගියා මිස එජාප පාක්ශිකයන්ගේ මනාප මහින්ද වෙනුවෙන් පුද කලේ නැත.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • ඇත්ත… ඒ ගෞරවය එස්.බී. මහත්තයාට හිමි විය යුතුයි. නමුත් අවසාන මොහොත තෙක් ඔහු කීවේ ජෙනරාල්ව කර උඩින් තියාගෙන ගොස් දිනවන බවයි… නමුත් වත්මන පක්ෂ සහ ඡන්ද පාවාදෙන දේශපාලනඥයන් අතර එස්.බී. කළ දේ ප්‍රශංසනීයය. 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම

  4. මහින්ද රත්නතිලක උන්නැහේ ආණ්ඩුවට එද්දි කිව්වේ යුද්දෙන් පස්සේ දේශපාලනෙන් සමු ගන්නවා කියලා නේද? 😛

    හතර අතටම දිව වනන්න පුලුවන් මේ දේසපාලුවෝ ටික එලවන එක තමයි සංධන පාක්ශිකයන්ට රට වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Posted by පුබුදු on පෙබරවාරි 28, 2010 at 23:10

    මහින්ද රත්නතිලක කිසිසේත්ම ජයගන්නෙත් නෑ
    අපි දෙන්නෙත් නෑ

    හොඳ ලිපියක් නිලැස්

    ගාමිණී ලොකුගේ හා බන්දුලටත් දිනන්න නම් තව ගෙදර වැඩ ගොඩක් කරන්න වෙනවා
    මං නම් කැමති පරදිනවා නම්

    කොහොම උනත් දයාසිරි ගැන කියපු කතාව වැරදි
    ඔහු කවදාවත් තමන්ගේ මනාප බාල්දු කලේ නෑ

    ජෝන්ස්ටන් දිනන එක විහිලුවක්
    ඉන්දික බණ්ඩාරනායක පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • බොහොම ස්තුතියි මචෝ…!!! 🙂

      හරියට හරි… මම කලින් කමෙන්ටුවක කිව්වත් වගේ දයාසිරි ශ්‍රීලනිප ඡන්ද වික්කෙ නැහැ… පඬුවස්නුවර ප්‍රා.සභාවෙ ධුරකාලය ගෙවිල හමාර වුනාම යූඇන්පියට ඇවිත් 2004 යූඇන්පී ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය සැබෑ දක්ෂයෙක්…!!!

      බලමු බලමු… මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්ව මහජනතාව මනාපය දෙනව නම් පාර්ලිමේන්තුව ඇත්තටම උත්තරීතර සභාවක් කරන්න පුළුවනි… කවුරු කොහොම බැන්නත් මනාප ක්‍රමයෙන් නුසුදුස්සන්ව හලලා සුදුස්සන්ව තේරීමේ පරමාධිපත්‍යය අපට පවරලා තියෙනවා.. ඒ අයිතිය භාවිතා කරන එක අපේ වගකීමක්..!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Posted by පුබුදු ශිරන්ත on පෙබරවාරි 28, 2010 at 23:14

    අනිත් එක සදාහරිතෙ මිතුරන්ට මගෙන් ඉල්ලීමක්

    පක්ශ මාරු කලත් කෘතහස්ත දේශපාලකයෙක් වන විජයදාස රාජපක්ශ මහතාට මනාපයක් දෙන්න කියලා

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. Posted by කෘතහස්ත on මාර්තු 1, 2010 at 09:00

    අසව්! අසව්! කෘතහස්ත අයට පක්ශ මාරු කිරීමෙ අය්තිය ඇත.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by පුබුදු ශිරන්ත on මාර්තු 2, 2010 at 00:03

      මචං පක්ශ මාරු කරන්න කාට උනත් අයිතිය තියෙනවා
      මං කිව්වේ විජේදාස රාජපක්ශ පක්ශ මාරු කලේ ආණ්ඩුවෙ ඉඳන් ආණ්ඩුවේ හොරකම් පෙන්වා දුන්නු නිසා

      ආණ්ඩුවට පැනපු අයගෙන් මහින්ද සමරසිංහ හා කෙහෙලිය රඹුක්වැල්ල වගේ මහත්තුරුන්ට මනාප දුන්නට කමක් නෑ
      තිලංග උනත් දිනනවට මං කැමති

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • Posted by කෘතහස්ත on මාර්තු 2, 2010 at 09:45

        විජේදාස සිද්දියෙ තව පැත්තක් තියෙනවා. MR රජයෙ ඇමතිකම් නැති මන්ත්‍රීල බොහොම ටිකයි හිටියෙ. විජේදාසත් එක්කෙනෙක්. තමන්ට වඩා සුදුසුකම් අඩු කට්ටියට ඇමතිකම් ලැබෙද්දි තමන්ට නැති එක ගැන මිනිහා කලකිරිලා හිටියෙ.
        මචන් පුබුදු,
        ලන්කාවෙ පාර්ලිමෙන්තුවෙ ප්‍රතිපත්ති මත පක්ශ මරු කරන අය අඩුයි. වැඩි දෙනා (UNP, ශ්‍රි ලන්ක හැමෝම ) මාරු උනේ “කුට්ටිය” මදි උන නිසයි. විජේදාසටත් හොද ඇමතිකමක් ලැබුනානම් තවමත් මිනිහා ආන්ඩුවෙ.

  8. Posted by Lasantha on මාර්තු 1, 2010 at 23:06

    According to The COPE report that was released by mr. Vijayadhasa Rajapaksha Half of the people above mentioned are thieves. And another half which are thieves from COPE report is still with UNP. Do you recommend to not vote them too.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. Posted by පුබුදු ශිරන්ත on මාර්තු 2, 2010 at 10:14

    මචන් කෘතහස්ත – කවුරු උනත් පක්ශ මාරු කරන එක චාටර් වැඩක් ඒක තමන්ගේ ඡන්ද දායකයව පාවලා දීමක්
    ඒත් මොනා කරන්නද
    ලංකාවේ තියෙන්නේ වයිරී දේශපාලනයක්
    තමන්ට අසාධාරණයක් අඩුවක් උනු ගමන් තමන්ට ඡන්ද දුන්නු අය ගැන හිතන්නේ නෑ
    කොහොම හරි පැනලා ඒ වාඩුව ගන්නවා

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • පුබුදු කියන කතාවෙ ඇත්තක් තියෙනවා….
      මගේ මතකය හරිද දන්නෙ නැහැ.. හැබැයි යූඇන්පී එකෙන් 17ක් පනිනකන් විජයදාසත් මොකක් හරි ඇමැතිකමක් දැරුවා… මට මතක විදියට නම් එයා එතකොට ඉල්ලා අස්වුණා.. (අස්කරා වෙන්නත් පුළුවන්)..

      කෙසේ වෙතත් පක්ෂ මාරු කරන හුඟක් අයට ඡන්දදායකයාවත්, ප්‍රතිපත්ති ගැනවත් හැඟීමක් නැහැ… ලලිත්, ගාමිණී වගේ නායකයො ඒ අතින් රත්තරන්, ප්‍රේමදාස පන්නනකන් යූඇන්පිය දාලා ගියේ නැහැ… පැන්නුවට පස්සෙත් නඩු ගියා… නඩුව පැරදුණා.. ඊට පස්සේ ශ්‍රී ලංකා එකට එකතු වෙන්න පුළුවන්කම තියාගෙන ප්‍රතිපත්ති පාවා නොදී යූඇන්පී ප්‍රතිපත්ති මතම වෙනම පක්ෂයක් හැදුවා…. ඒ පක්ෂයෙන් තනිවම රාජාලියා ලකුණින් තරඟ කළා…. අන්න නියම දේශපාලනඥයො…!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  10. Frankly speaking none of these buggers gives a shit about general public. All they think and all they can think is about themselves and their own personal gains.
    Most of you guys are set of idiots who can’t understand this simple truth.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  11. Must agree with මල් මාමා’s final comment… although a certain educational base is desirable the prime concern should be how politically wise a politician really is… what I mean to say is it is best to elect politicians who honestly believe in their policies and honestly strive to make a difference to their constituents…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: