කොටන් අදින්න වගේම. . .කරඬුව ගෙනියන්නත් සුදුසු අපේ ඇත් රජ – ගාමිණී අතුකෝරල

ගාමිණී අතුකෝරල

2002 වර්ෂයේ ජනවාරි පලමුවනදා සියළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් සහ සියළු ප්‍රතිපත්තිගරුක ඡන්ද දායකයින් සිත් තුල ශෝකයක් දල්වමින් එජාපයෙන් පාර්ලිමේන්තු සභාව ප්‍රභාවත් කල සම්භාවනීය ජනතා නියෝජිතයෙකු වූ ගාමිණී අතුකෝරාල මහතා දැයෙන් සමුගත්තේය.එජාපයේ අපට අලියා ලකුණ වැදගත් වන්නේ යම්සේද,ඒ වගේම ගාමිණී කියන නමත් වැදගත් දෙයක් වෙනවා.එවකට පක්ශයේ අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය සහ බුද්ධශාසන අමාත්‍ය තුමා මෙන්ම සභානායක තුමාද වන ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පාර්ලිමේන්තුව හමුවේ කල සිය ශෝකප්‍රකාශයේ සඳහන් කලේ. . . ,

කවර දේශපාලන පක්ෂයකට වුනත් ආදර්ශයට ගත හැකි චර්යාවක් ගාමිණී අතුකෝරල මහතා තුල තිබුනා.එතුමාගේ කැපවීම ඉතාමත්ම ඉහලයි.අංශක ගණනක් තිබුනේ නැහැ.සියයට සීයයි.එය අඩුවක් නැහැ!

එතුමාගේ පියා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී කටයුතු කළ, සබරගමුව හෙබවූ විශිෂ්ඨ අන්දමේ ජන නායකයෙකු වූ නිසා, ජේ. ආර්. ජයවර්ධන මහතා වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ඒ පලාතට ගිය විට එතුමාගේ නිවසටත් යන සිරිතක් තිබුනා.ඒ නිසා ගාමිණී අතුකෝරල මහතා කුඩා කාළයේ සිටම දේශපාලනයට හුරු වුණු කෙනෙක්.එයට හොඳම උදාහරණය වන්නේ විසි දෙවනි වියේදී නිවිතිගල ආසනය සංවිධානය කිරීමට එඛඹෙනවා.එවන් භද්‍ර යෞවනයේ සිටින විටදීයි එතුමා දේශපාලනයට පිවිසියේ.ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතුකෝරල මහතා,දේශපාලනයට කැඳවනු ලැබූ විට නිවිතිගල වැනි වමේ බලකොටුවකින් 1977දී පලමු වතාවේදීම 17450 ඡන්ද ලබාගෙන වැඩි ඡන්ද 1655කින් දේශපාලනයට පිවිසෙන්නට එතුමාට හැකිවුනා. ඒ අනුව “බේබි මහත්තයා” නමින් ජනතාවගේ ආදරය දිනාගෙන හිටපු මේ තරුණයා මන්ත්‍රීතුමෙකු බවට එසේත් නොමැති නම් ජනතා නියෝජිතයෙකු බවට පත්වුනා.එසේම ඔහු සතු වූ පෞරුෂය සහ ආකර්ශනීය සිනාව ඔහුව සිය රටවැසියාගේ සිත් තුල නොමැකෙන සටහනක් ලෙස ඉතිරි කිරීමට සහය වුනා.

එතුමාගේ දේශපාලන දිවියේ සුවිශේෂ අවස්ථාවක් වුනේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා යෞවන කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී ගාමිණී අතුකෝරල මැතිතුමා එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වීමයි.කැපවීමලින් තොරව කටයුතු කිරීමෙන් හෝ අඩු ශක්තියකින් කටයුතු කිරීමෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතා වැනි චරිතයක් සමග වැඩිදුර සම්බන්ධතාවයක් ගෙනයන්නට ලෙහෙසි නැති බව ඉතා ප්‍රසිද්ධ කරුණක්.එහෙත් පසුකලෙක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ. . . ,

ගාමිණීගේ කාර් එක ජංගම කාර්යාලයක් වගෙයි.

යනුවෙනි.එම ප්‍රකාශයෙන් ගාමිණී අතුකෝරල මහතාගේ කැපවීම මැනවින් විදහනවා.එම කාලය වනවිට තරුණ කටයුතු අමාත්‍යාංශය අලුත් අමාත්‍යංශයකෙය අලුත් අදහසක්.ඒ අවස්ථාවල මෙතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශාල සහයෝගයක් දෙමින් කටයුතු කල බව එතුමාගේ අභාවයත් සමග පාර්ලිමේන්තුව තුල නිකුත් වූ ශෝක ප්‍රකාශ තුල සඳහන් වෙනවා.මහවැලි ව්‍යාපාරය සඳහා මූලිකව කටයුතු කලේ අනිත් ගාමිණී,එහෙමත් නැත්තං ගාමිණී දිසානායක ඇමතිතුමා.කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් ගාමිණී අතුකෝරල මැතිතුමා එවකට ජංගම කාර්යාල පවත්වමින් මුළු මහවැලි කලාපය සිසාරා හැම ජනපදයක් කරාම ගිහිල්ලා,දැඩි උනන්දුවකින් එතුමා කටයුතු කල බවද එම ශෝක ප්‍රකාශ තුල සඳහන් වෙනවා.

ගාමිණී අතුකෝරල

එකල ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පාන්දර 4.00 සිට ජනතා සේවයට කැපවී සිටි බව නොරහසක්.ඒ ආකාරයෙන්ම ගාමිණී අතුකෝරල මැතිතුමා පාන්දර 4.00 වන විට අමාත්‍යාංශයේ සිටින බවද,උදෑසන 8.00 – 9.00 වන විට එතුමා ජනතාව හමුවී ප්‍රශ්න හඳුනාගෙන උදෑසන 9.00න් පසු ඒ ඒ අමාත්‍යාංශ සහ ඒ ඒ දෙපාර්තමේන්තු , නිළධාරීන් සම්බන්ධ කරගෙන ඒ මතුවුනු සියළු ප්‍රශ්න විසඳන්නට එතුමා කාලය කැප කල බව එකල හැන්සාඩ් වාර්ථා වල විවාදයන් හී සහ ප්‍රකාශයන් හී සඳහන් වෙනවා.එසේම ඒ සම්බන්ධ වෙනස් කරණයක් කෙරෙහි ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමා මෙසේ සඳහන් කර තිබෙනවා.

දුරකථනයට තමන්ම උත්තර දෙන ගතියක් එතුමා ලඟ තිබුනා.එය ඉතාම ආදර්ශ සම්පන්න දෙයක්.අර නිළධාරියා මේ නිළධාරියා නෙමෙයි උත්තර දුන්නේ.ජංගම දුරකථන රාශියක් එතුමා අතේ තියෙනවා.සමහර තැන් වලට සංඥා නැතිවෙන කොට ඊලඟ එකෙන් හරි අමතන්න පුලුවන්.සංඥා නැතිවීම බොහෝවිට දේශපාලනඥයන්ට වාසියක්.ඒත් එතුමා එය වාසියක් විදිහට සැලකුවේ නෑ.යුතුකමක් වශයෙන් එතුමා හැමවිටම සම්බන්ධතාව ඇතිකරගන්න කටයුතු කල කෙනෙක්.ඒ කැපවීම සුලුපටු නැහ, නියෝජ්‍ය කාරක සභාපතිතුමනි.

එතුමා රිදී හැන්දක් මුවැතිව ධනවත් පවුලක ඉපදුනු කෙනෙක්.ඉතින් එතුමාට නැති බැරි කමක් තිබුනේ නෑ.හම්බකිරීම ගැන එතුමාට කිසිම දිනෙක චෝදනාවක් තිබුනෙත් නෑ.එතුමා එජාපයේ උප නායකයා වශයෙන් එවකට සිටි පර්ෂද නායකයන්, අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වැනි අය නමින් දන්නා තරමට සමීප සම්බන්ධතාවයක් ඇති කරගෙන සිටියා.එතුමාගේ වතු යායවල්, බූදල ක්‍රමක්‍රමයෙන් නැති වුනා.ප්‍රවාහන සේවය සඳහා යොදවා තිබූ එතුමාගේ ලොරි බොහෝවිට මැතිවරණයක් ඉවරවෙන විට විකිණිලා අවසන් වෙලා තිබුනා.එවන් දේශපාලනයක් එතුමා කලේ.එතුමා කොටන් අදින්න ඉතාම ශූර අලියෙක් වගේම,කරඬුව වඩම්මන්නත් හැම විටම සුදුසුකම් ලබා සිටියා.මෙහිදී එක් ස්ථානයක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමා ජනබල මෙහෙයුම සම්බන්ධව මෙසේ ප්‍රකාශ කරනවා.

එතුමාගේ දේශපාලන දිවියේ කූටප්‍රාප්තිය විදියට මා සළකන්නේ එතුමා ඇමතිවරයෙකු වශයෙන් පත්වීම හෝ, අප පක්ෂයේ උප නායකයා වීම හෝ, පක්ෂයේ ලේකම් වීම හෝ නොවෙයි.ජන බල මෙහෙයුම සංවිධානය කල ආකාරයයි.ඒ සඳහා එතුමා දුන් නායකත්වය එක්සත් ජාතික පක්ෂයට නම් කවදාවත් අමතක කරන්න බෑ.

එතුමාගේ අභාවය ගැන අහුවහම රට පුරාම සුදු කොඩි නොනැඟුන ගෙයක් නැති තරමට පක්ෂ විපක්ෂ භේදයක් නැතිව දුක් උන අවස්ථාවක් බවට එය පත්වුනා.විශේෂයෙන්ම එතුමා දේශපාලන භේදයක් නැතිව හැම පන්සලක් සමගම සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටියා.අවසන් වශයෙන් එතුමාගේ වියෝව සම්බන්ධයෙන් එවකට විපක්ෂ නායක වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කී දෙයින් මදක් විමසා සිටිමු.

අපි දැකලා තියෙනවා,සමහර මන්ත්‍රීවරු, ඇමතිවරු වුනාම ඔවුන් එකපාරටම වෙනසක් ඇති කරගන්න බව.නමුත් ගාමිණී අතුකෝරල එහෙම ආරෝපණය කරගත්ත බලයක් පෙන්වූ ඇමතියෙක් නෙමෙයි. ගාමිණී අතුකෝරල මැතිතුමා ඔහුගේ පක්ෂය බලයට පත් කිරීම සඳහා කටයුතු කලාය කියන එක අප අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්.

මෙවන් තීරණාත්මක අවස්ථාවකදී එවන් අවංක දේශපාලනඥයෙකු මෙන්ම සොඳුරු මිනිසෙකු අහිමි වීම අප අභාග්‍ය වන අතර,මීට වසර අටකට පෙර ජනවාරි පලමු වැනිදාවක අප හැර ගිය ඒ කොටන් ඇදීමට පමණක් නොව,කරඬුව වඩම්මන්නටත් සුදුසු ඇත් රජුට මෙම ලිපිය උපහාරයක් වන අතර එතුමාට අමා මහ නිවනින් සැනසීම ලැබෙන්නට සදාහරිතයේ අප ඉතසිතින් පතමු.

– රචින්ත ජයවර්ධන, 2010 දුරුතු –

Advertisements

5 responses to this post.

  1. රත්නපුරයට වැඩක් කල තවත් වැඩ කල හැකිව තිබු කෘතහස්ත දේශපාලකයෙක්.
    “ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය යුතුයි”

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by Niles Perera on ජනවාරි 10, 2010 at 14:33

    ගිය නුවන ඇතුන් ලවාම ඇද්දවිය යුතු බව ඉතා නිවැරදි ලෙස ප්‍රකාශ කළ රටටත් පක්ෂයටත් අයෝමය ශක්තියක් වූ සැබෑ වීරයෙක්… ඔබට අපේ ප්‍රණාමය….!!!!
    හොඳ ලිපියක්, විශේෂයෙන්ම මේ ලිපියේ භාෂා භාවිතය හරිම ආකර්ෂණීයයි.
    එළමකිරි රචියො… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. ගාමිණී අතුකෝරල මහතාගේ පිරිසිදු දේශපාලනය ගැන තර්කයක් නැත. අවාසනාවකට එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආඩම්බරයෙන් කතා කල හැක්කේ එම පක්ෂයේ අතීතයේ සිටි නායකයින් ගැන පමනි. ගිය නුවන ඇදීමට ඇතෙකු තියා අලියෙකුවත් එජාපයේ නැත. අතුකෝරල මහතා ජීවත්ව සිටියේනම් එජාපයට අපේක්ශකයින් ආනයනය කරන්නට වෙන්නේ නැත. එයම අතුකෝරල මහතාගේ අවාසනාවට හේතුවූවා විය හැකිය. මක්නිසාද යත් එතුමාගේ අභාවය හදිසි සහ යම් නොගැලපෙන කාරනා සහිත එකක් නිසාය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. රටෙ උන්නතියට වැඩකල නායකයින් බොහොමයක් අද අප අතර නොමැත. එ වෙනුවට සල්ලි වෙනුවෙන් එහාට මෙහාට පනින මැඩියන් ටිකක් ඉතිරිව ඇත. කෙසේ වුවත් එතුමා පිළිබද මතකය ලාංකිය දෙශපාලනයෙ සාදා සුරැකෙනු ඇත.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • @Nilantha: එවැනි හදිසි සහ නොගැලපෙන කාරණා ලෙස ඔබ තුමාට පෙනෙන්නේ බොහෝවිට ඔබ නිල් පැහැති කන්ණාඩියක් දමා එදෙස බලන නිසාවෙන් වන්නට පුළුවන.එහෙත් ඔබ්තුමලා පිළිනොගන්න සත්‍ය නම් එජාපයට නොවිකිණෙන කරඬුවද ගෙනයන ගමන් කොටන් අදින්නටද හැකි ඇතුන් මෙන්ම රාශියක් සිටින බවය.එසේම සැකසහිත තවත් එක් මරණයක් ඇත.එය ලාංකේය දේශපාලණය පිලිබඳ සත්‍ය ඇසින් බලන බොහෝ දෙනෙක් විස්වස් කරන කරුණකි.ඒ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයයි.මා සුදු වෑන් බියකින් පෙලෙන බැවින් මෙතෙකින් නවතිමි.ඔබට සත්‍ය අවැසි නම් මාහට ඊ මේල් පණිවුඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැක.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: