මතට තිතද…?? තිතට මතද…??

ජාතික හෙළ උරුමය යනු වත්මන වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දැඩි ලෙස ආදරය කරන හෙළ උරුමයේ අපේ හාමුදුරුවරු සහ උපාසක මහත්වරු කරන කියන දෑ හරි අපූරුය.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී පුරාවිද්‍යා චක්‍රවර්තී, පාර්ලිමේන්තු මන්ත්‍රී අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්ථවීරයන් වහන්සේ මතට තිත ගැන අදහස් දැක්වීය. එහිදී මත්පැන් පානය දැඩ ලෙස පිළිකෙව් කරමින් සරත් ෆොන්සේකා ජෙනරාල්තුමා බේබදු රටක් බිහි කරන්නට යන බවට බිල්ලෙක් මවා පෑ සේක. ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේ පවත්වන සාද වලදී “අමුත්තන්ට (ඡන්දදායකයන්ට)” මහජන මුදලින් බියර්, වයින් ආදී මත්පැන් වලින් සංග්‍රහ කිරීම උන්වහන්සේ සාධාරණීකරණය කිරීමට ගත් අසාර්ථක උත්සහයයි මේ.

මේකද මේ හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා කතා කරන “මතට තිත”. එහෙනම් සන්ධාන මන්ත්‍රීවරු මත්පැනින් ඡන්ද කිරීම, මුදල් ඉපැයීම උන්වහන්සේලා අනුමත කරන සේයාවකි. “අනේ සාදු” කියනවා හැර මහජනතාව වෙන කුමක් කියන්නද?? සමහරුන් “හෙළ උරුමය-අපේ කරුමය” කියන්නේ මේ නිසා යැයි දැන් පැහැදිලිය. හෙළ උරුමයේ අතේ ඇඟිලි ගාණට සිටින ස්වාමීන්වහන්සේලාට සහ උපාසක ඇත්තන්ට වෙනත් දරුණු චෝදනාද කලක පටන් එල්ලවෙමින් පවතී. ඒවායේ සත්‍ය අසත්‍යතාව නුදුරේදීම හෙළි වනු ඇතැයි අප ඉතසිතින් පතමු.

2 responses to this post.

  1. Posted by මහින්ද චින්තන on දෙසැම්බර් 14, 2009 at 22:07

    රටේ දේශපාලකයන්ගේ කුඩු ජාවාරම් නොපෙනෙන රජය ගමේ කසිප්පු අල්ලා ටීවී එකේ ඇඩ් දමයි. අරක්කු බාර් 9 ට වහයි. ඒ උනාට බාර් 11 -12 වෙනකන් ඇරලාය. මහින්ද චින්තනය ඇති තරම් රෙස්ටුරන්ට් වලට බාර් ලයිසන් දී ඇත. සියලු මහින්ද චින්තන ව්‍යාපෘති මේ ආකාර සෝබන ඒවාය. නමෙන් ඇඩ් එක හොඳට දාලා මිනිස්සුන් රවටා චන්දය ගන්න මතට තිත කිවිවාට කට්ටිය හොඳට දාලා තමා මහින්ද චිනිතනයය හදලා තියෙන්නේ. දැන් හාමුදුරුවොත් ඉදිරියට එනවා සුරාමේරය සිල් පදය ජනාධිපති මන්දිරයට අවශ්‍ය නෑ කියන්න. මහින්ද චින්තනයේ රස කොහොමද ?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. සිවුරක් ඇන්ද පලියට ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්නෙ නෑනෙ. මුන් වන්දනා කරන්නෙ දේශපාලුවන්ට. දේශපාලුවො කිව්වොත් මුන් බුදු බණේ වුණත් බොරු කරයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: