අපේ විභාග කොමසාරිස්

Click here to get Sinhala Unicode.

ලංකාවේ පාසල් අධ්‍යාපනය ක්‍රමක්‍රමයෙන් පිරිහෙන බව ඔබ අප කොයි කවුරුත් දනී. පළමු ශ්‍රේණියේ සිසුන් ඇතුල් කර ගන්නා තැන සිට උසස් පෙළ නිමවා ප්‍රතිඵල ලැබෙන තුරු පාසල් අධ්‍යාපනය මහා අවුල් ජාලාවක් වී හමාරය. එම අවුල් ජාලාවේ මූලිකාංගයන් බවට අක්‍රමවත් වාර විභාග, ළමා මානසිකත්වය නහඳුනන ගුරුවරුන්, දේශපාලනික පත්වීම්, ගුරුවරුන් උත්තර පත්‍ර සමීක්ෂණය වර්ජනය, ගුරු වැටුප් විෂමතා, විභාග ප්‍රතිඵලවල පමාව යනාදිය දැක්විය හැක. මේ සියල්ල ගැන කතා කරන්නට නම් බ්ලොග් සටහන් එකක් මදිය. නමුත් මම අද සැලකිල්ලට ගනුයේ අප රටේ විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සහ ඔහුගේ දෙපාර්තුමේන්තුව ගැනය..

පහුගිය සතියේ පැවැති උසස් පෙළ ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හයක් මාතර උපකාරක පංති ගුරුවරයකු විසින් විභාගයට පෙර තම සිසුන් අතරේ බෙදා හැර ඇති බව මාධ්‍යය වාර්තා කළේය. මෙහිදී විභාග කොමසාරිස්තුමා පවසා සිටියේ එවැනි දෙයක් කිසි ලෙසකින්වත් සිදුව නොමැති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බවත්ය. මෙය නඩුව අසන්නට පෙර තීන්දුව දෙනවා වැනිය. එවැන්නක් සිදුව නැති බව අපේ ගෞරවණීය විභාග කොමසාරිස්තුමාට විශ්වාස නම් මුදල් කන්දරාවක් වැය කරමින් ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නේ මන්දැයි යන කාලීන ප්‍රශ්නය මගේ සිතට නැගේ. මීට අමතරව ප්‍රතිඵල නිකුත් කිරීමට දීර්ඝ කාලයක් වැය කිරීම, ඒවා නිසි ආකාරයෙන් කිරීමට නොහැකි වීම, සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍ර හුටපටය හරහා සිසුන්ටත් රටටත් කළ හානිය, 2005 රසායන විද්‍යා බහුවරණ උත්තර පත්‍ර සමීක්ෂණයේ වූ අඩුපාඩුකම් ආදී වශයෙන් කරුණු කාරණා රාශියක් ඔහුට එරෙහිව ගොනු කළ හැකිය.

මාගේ මතකයේ හැටියට මා සාමාන්‍ය පෙළ විභාගය ලියන සමයේ සිට විභාග කොමසාරිස්ධූරය හෙබවූ මේ මහතාගේ නායකත්වය යටතේ විභාග දෙපාර්තුමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජය “ඇනගෙන” ඇති වාර ගණන අප්‍රමාණය. එම කාල සීමාව තුල ව්‍යාකූලත්වයකින් තොරව නිමාවූ විභාගයක් ඇත්ද යන්න සැක සහිතය. සහෝදර ශිෂ්‍ය ප්‍රජාව එතුමා මෙනෙහි කළ ආකාරය අනුව එතුමාගේ දෙමාපියන් කෙරේ දැඩි අනුකම්පාවක් මට ජනිත විය. දරුවන්ට තියා ගුරුවරුන්ටවත් ජ්‍යාමිතිය බැරි යැයි වරක් කොලොප්පම් කල අනුර එදිරිසිංහ මහතාට මෙලෝ විභාගයක් හරියට තියාගන්නට බැරි බව එතුමා විසින්ම ක්‍රියාවෙන් ඔප්පු කරගෙන ඇත.

මෙවැනි අකාර්යයක්ෂම ඔලුව උදුම්මා ගත් රාජ්‍ය නිලධාරීන් මහ පුටු වල සිටින තාක් කල් රටක් වශයෙන් අපට යා හැකි දුර ගැන මට නම් ප්‍රශ්නාර්ථ රැසක් පැන නගී.

දැන් ඔබේ වාරයයි. ඔබේ අත්දැකීම් අනුව විභාග කොමසාරිස්තුමා සිය කාර්යය භාරය නිසි ආකාරයෙන් සිදු කරනවාද, නැද්ද යන්නට කරුණු දක්වා comment කරන්න. කරුණාකර ඔබේ අදහස් සැකෙවින් සහ සභා උචිත ආකාරයෙන් කැටි කොට දක්වන්න. මෙම බ්ලොග් ලිපියේ අරමුණ කාගේවත් චරිත ඝාතනය නොව සමාජයේ ඇති දැවෙන ප්‍රශ්නයක් ගැන කතිකාවක් ගොඩ නැගීම බවද සිහියේ තබාගන්න.

ස්තූතියි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 නිකිණි

H Niles Perera©, August 2009

Advertisements

4 responses to this post.

  1. මෙවැනි තවත් අනෝදලාත්මක සිදුවීමක් උපුල් ශාන්ත සන්නස්ගලගේ විභාග පෙරහුරු ප්‍රශ්ණ පත්‍ර අරභයා සිදු වු අතර ලක්බිම පුවත්පත තුලින් ඔහුත් මෙම සිදුවීම ගැන ගැඹුරු පර්යේෂණාත්මක ලිපි පෙලක් හා සවාදයක් එඩේරමුල්ලේ පිරීස් හෝ එවැනි නමක් ඇති පුද්ගලයෙක් අතර සිදු වු අතර එයට විභාග දෙපාර්තමේත්තුවට හා අනුර ප්‍රියදර්ශිගෙන් විමසුවත් ඔහු නිසි ප්‍රතිචාරයක් දැක්වුවේ නැත.

    වැටත් නියම් ගොයම් කා නම් කුමක් කරම්ද? නිදහස් අධ්‍යාපනයැයි උදම් ඇනුවත් ඇත්තෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථික මෙන්ම දේශපාලන ඉත්තෙකු වී හමාරය. එයට වග කීව යුත්තේ විභාග කොමසාරිස් පමණක්ම නොව දේශපාලනයත් සමාජයේ සියලු පැතිකඩත් පටලවා ගත් සිස්ටම් එකය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by loku mallee on අගෝස්තු 21, 2009 at 00:06

    komata niwan suwa labewa!

    mechcharai, oka innakam raja innawa wage thama.
    sadda witharayi, satha5ka wedak ne

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by Niles Perera on අගෝස්තු 25, 2009 at 10:43

    ශිෂ්‍යත්වෙත් අනාගෙන… සමහර ළමයින්ට පේපර් නැතුව පැය ගාණක් බලං ඉන්න වෙලා… අනේ මන්ද…. මේ විභාග කොමසාරිස්ටයි, අධ්‍යාපන ඇමැතිතුමාටයි මුකුත් හරියට කරගන්න බැරි හැටි…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: