මාධ්‍යවේදී පෝද්දල ජයන්තට එරෙහි ප්‍රහාරයට විරෝධය

පෝද්දල ජයන්ත
පෝද්දල ජයන්ත

Click here to get Sinhala Unicode.

ඊයේ (1) ලේක් හවුස් මධ්‍යවේදී පෝද්දල ජයන්තට එරෙහිව ඇඹුල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අමානුෂික මැර ප්‍රහාරය සදාහරිතයේ අපි පිළිකුලෙන් යුතුව දැඩි ලෙස හෙළා දකිමු. මෙය රටේ මාධ්‍යය නිදහසට සහ අදහස් ප්‍රකාශනයේ අයිතියට එල්ල කරන ලද මරු පහරකි. රූපවාහිණියේ යකා නැටූ ඈයින් ආරක්ෂා කරනවා වෙනුවට දිගින් දිගටම සිදු වෙමින් පවතින මෙවැනි නින්දිත ක්‍රියා වලට වගකිවයුත්තන් සොයා නිසි නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස අප රජයෙන් මහත් ඕනෑකමින් ඉල්ලමු.

10 responses to this post.

  1. Posted by rachiyo on ජූනි 2, 2009 at 13:02

    ඔහුට පහර දීම සිදුවන විටත් රාවය ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මාධ්යවේදීන් සමූහයක් ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිට ඇත.
    මෙම මරණීය ප්‍රහාරය සදාහරිතය සහමුලින්ම හෙලාදකින්නෙමු.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. We have seen enough, what Sunanda Deshapriya & done & try to done. We are no more Sorry about these kind of people.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. අනේ පවු නෙ…
    මෙ වගේ රටට ජාතියට ආදරය කරන
    මාධ්‍යවෙදියෙකුට පහර දීම අපි හෙලා දකින්න ඔන.
    අනේ පවු……………………..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Posted by Janaka on ජූනි 2, 2009 at 17:01

    යමෙක් වරදක් කළහොත් එයට දඬුවම් දිය යුත්තේ නීතියෙන් මිස කැලෑ නීතියෙන් නොවේ.. කවරකු වුවත් රටට විරුද්ධ වුණි නම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම කළ යුතුය.. මටද සුනන්ද දේශප්‍රිය සහ පෝද්දල ජයන්තගේ ක්‍රියකාරීත්වය ගැන ප්‍රශ්නාර්ත ඇත.. නමුත් ඔවුන්ට නීතියෙන් එපිටට ගොස් දඬුවම් කිරීම නොකළ යුතුය.. එවැනි ක්‍රියා වලට යමෙක් උඩගෙඩි දෙන්නේ නම් එය ඊටත් වඩා නිවටකමකි.. විශේෂයෙන්ම අප වැනි බෞද්ධ රටක එවැනි දේට උඩගෙඩි දෙන්නේ මහා අමනයන් යන්න මගේ පෞද්ගලික මතයයි..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Posted by Gee Lanka on ජූනි 2, 2009 at 18:17

    රට ජාතිය ගැන කැක්කුමක් නැති, ඩොලර් වලට තමන්ගේ අම්මා වුවත් පාවා ‍දෙන්න සූදානම් මේ වගේ හිවලුන් වෙනුවෙන් කතා කරන එකත් අමන කමක්. රටේ නීතියට පිටින් (නීතිය දැන දැනත්) ක්‍රියාත්මක වූ මෙවැන් පෝද්දල ජයන්ත හා සුනන්ද දේශප්‍රිය වැනි අමනයින්ට නීතියට පිටින් පාර වදිනකොට තමයි රටේ නීතිය මතක් වෙන්නේ. මෙවැනි දේශද්‍රෝහීන්ට පහරදුන් අය ‍ගැන ‍නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මොවුන්ගේ වැරදි වලට නීතිය ක්‍රියාත්මක කර සිටිය යුතුයි. ඔබලා නියම සදාහරිත බවක් මේ රටේ බලාපොරොත්තු වෙනවා නම් පළමුව මොවුන්ගේ වැරදි ක්‍රියා පිළිබඳව හෙළිදරව් කර සිටින්න. NGO වලින් මුදල් ගෙන උද්ඝෝෂණ පවත්වා රට අපකීර්තියට පත් කළ ආකාරය ගැන පවසන්න. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ වැරදි කරුවන්ට පහර දෙන්නන්ට එරෙහිව පමණක්ද යන්න අපට පවසන්න.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Posted by hnilesp on ජූනි 2, 2009 at 19:10

    අනිවාර්යයෙන්ම… සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර දැක්වූ ක්‍රියකලාපය අප හෙළා දකිමු. එහි දෙකක් නැත. එවැනි ක්‍රියාවලට නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසද අප ඉල්ලමු. නීතිය කාටත් පොදුය. එය උල්ලංඝනය කරන්නවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය, ඒ සුනන්ද දේශප්‍රිය වුවත්, පෝද්දල ජයන්ත වුවත්, මර්වින් සිල්වා වුවත් වෙන කවරෙක් වුවත් නීතිය නීතියමය. නමුත් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා දෙස බලා අපට නම් සතුටු විය නොහැක. තව දෙයක් කිව යුතුය, අප රටේ ව්‍යවස්ථාවට පරිදි ඕනෑම අයෙක්ට අදහස් ප්‍රකාශනයේ නිදහස ඇත, මෙවැනි ක්‍රියා ඊට මරු පහරකි, කවරෙක් කුමන දේශපාලන මතවාදය නියෝජනය කළද ඊට අදාල අදහස් පළ කිරීමේ නිදහස තිබිය යුතුය. අනෙක් කරුණ නම් මෙවැනි දේ වලින් අපහසුතාවට පත්වන්නේ රජයත් අපගේ ශ්‍රී ලංකාවත් නොවේද? විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් හරහා ඉදිරියටත් අප රටට මානව හිමිකම් චෝදනා එල්ල වනු ඇත. එය අපට මහත් වූ කැළලකි. අවාසනාවට මේ පැත්ත “දේශප්‍රේමීන්” යැයි තමන්ටම ලේබල් අලවා ගන්න උදවිය නොදකිති. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ලොව බැබලිය යුතුවා මිස ඊට කළු පැල්ලමක් එක් නොකළ යුතුය..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. If you think we must punish people only by law, Then why you accept prabha’s kill. Gov could punish him by law. It’s bull shit.
    I think People like Sunanda, Damnframe etc. should have this kind of treatment. Because they are helping Terrorism & Separatism. But not in weapon, but in Media. So if we haven’t a law to punish him in human law. I think he must punish by Jungle law.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by hnilesp on ජූනි 2, 2009 at 22:32

      well Tharindu, Prabhakaran was waging war against us and in war all is fair… if our forces didn’t kill him he would kill many others…. now if I use the same argument u made why didn’t our brave army kill Daya Master and all others who surrendered…??? Are you trying to equal our brave military to these lawless gangsters by bringing up the Prabhakaran issue… that’s totally disgraceful to our forces… what army did was not Jungle Law… it’s their duty for Sri Lanka…!!! I hope you didn’t mean to insult the forces…!!! Now turning to those media… who listens to them…??? do u believe anything the media says without thinking about it…??? I don’t… All media companies and journalists in Sri Lanka have their own sociopolitical agendas it’s upto us to filter all of them and decide to believe it or not….!!! does that mean we should go around attacking all those who have different views than us??? If somebody says yes… well i don’t know whether that person deserves to live in a Buddhist country like ours… Today’s media is very powerful so anyone can argue or challenge any media report and counter allegations with strong evidence…. take this blog for example… we have different views on this issue bt we can discuss them in a very civilized manner….!!🙂 I hope u can agree with me to some level… but i believe going against the law is not the right way forward… there are much better and civilized ways to defeat such ideologies…!!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  8. @hnilesp
    Well, What is a war?
    War is something against something. as we all known Some of political members(UNP,SLFA,..) and These kind of bunch of Journalist & Bloody traitors like Wickramabahu karunarathna, Kumar & So on who in category “YUDA WIRODEEN” always tried to “stop the war” and protect LTTE & Protest government. WHY? Only one reason… JUST $$$.
    I can explain why Europeans needs SriLanka in two peaces and how they spend and worked on it. It’s a separate story. But these are the people in simple word, “Dollar Crows” who worked in Srilanka.
    All these “Democratic”, “Media Freedom” and all other bloody shits working Dancing in Third world countries like SriLanka. I don’t know any other country will accept Journalist to Do these kind of things.
    Well in this kind of situation you can say “well i don’t know whether that person deserves to live in a Buddhist country like ours” I hate this usage of Buddhist. Only this kind of situation you can remember this is a BUDDHIST COUNTRY.
    I’m not comparing this thing with the war what army has done. Because It’s war against Terrorist group, and at least they knew how to treat them after 30 years. And we all know they had a reason to do it “at least the name of the reason” they have fought.

    Any way, In any of this arguments and ideas I didn’t mean. I’m accepting these kind of attacks to people, not only people but also for animal too. But I just have to say. He served right for his works, I believe others like Sunanda & Wickramabahu also should have Treatments like this.

    In any of these arguments I’m not trying to say Government is 100% right or wrong. Because as we all known the people who attacked to this Journalist won’t be revealed.
    But I still believe this is not 100% wrong too.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by hnilesp on ජූනි 6, 2009 at 08:35

      well.. if someone is against govt it doesn’t mean that person in pro LTTE… unfortunately most people have that wrong assumption… bt if anyone has any terrorist dealings there is the Emergency Law and Prevention of Terrorism Act… Any sort of legal action could be taken by the Police regarding that… If Police have enough proof they wont stand still…. in the last year there were a lot of cases they undertook under EL and PTA against those with terrorist connections or alleged connections…!!
      We respect your personal idea about this point since this is a country with freedom to express but I am afraid that we cannot agree with u on most of ur points… we do not believe brutality is the answer to this problem…!!! Either way thank you for commenting on Sadaharita… we believe that although we disagree on the above issue we could agree on one thing… LONG LIVE SRI LANKA…!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: