සදාහරිත

එලොව පොල්…
පසුගිය සති කීපයේ කාගේත් සිතෙහි තුබූ කාරණාවකි බඩුමිල, රටේ බඩුමිල අධික බව ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැත්තන් පවා පිළිගන්නා වටපිටාවක් තුල ඒ ගැන කතා කිරීම වටින්නේය. පොල් මිල අහස උසට නැගලාය, ගෙඩියක් රුපියල් 50ක් පමණ වන අතර රටේ පොල් වගාවට ප්‍රචලිත පොල් ත්‍රිකෝණයේත්, දකුණු පළාතේත් පොල් සෙවීම එලොව පොල් පෙනෙන්නක් බවට පත්ව ඇත. කලක් රටේ ප්‍රධාන අපනයන ත්‍රිත්වයෙන් එකක් වූ පොල් ඉන්දියාවේ කේරළයෙන් ගෙන්වන තරමටම මේ පොල් ප්‍රශ්නය ඔඩුදුවා ඇත. ලොකු ළුණු මිල අහස උසට නැග ඇත්තා සේම බිත්තර, කුකුල් මස් යනාදිය පවා රටින් ගෙන්වන තත්ත්වයක් රටේ උද්ගතවී තිබේ. කොටින්ම කියතොත් වත්මන් රජයේ සංකේතයක් බඳු කුරක්කන් පවා මෙරටට ආනයනය කරනුයේ ඉන්දියාවෙනි, කෙතරම් ඛෙදවාචකයක්ද? රටේ බඩුමිල අඩු යැයි, ජීවනබර අවම යැයි කාට නම් කටක් ඇර කිව හැකිද?

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ආයේ කෘෂි ආර්ථිකයකින් රට හදන්නටය, “අපි වවමු – රට නගමු” කියා පුරසාරම් දෙඩූ, දේශීය ආර්ථිකය ගැන පාරම් බෑ සන්ධාන ආණ්ඩුවට එය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීමට නොහැකි වී ඇති බැව් සක්සුඳක් සේ පැහැදිලිය. 2010 මුලදී රටේ පරිභෝජනයට හාල් පිටරටින් ගෙනා ආණ්ඩුව දැන් පොල්, කුකුල් මස්, බිත්තර පවා ඉන්දියාවෙන් ආනයනය කරනුයේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක අතකින් සරිය, ඔවුන් දේශීය ආර්ථිකය සහ කෘෂි ආර්ථිකය නංවන්නට වෙර දරති, නමුත් ප්‍රශ්නය නම් ඒ ශ්‍රී ලංකාවේ නොව ඉන්දියාවේ වීමයි. 2004 පටන් බලයේ සිටින්නා වූ මේ ආණ්ඩුවට උවමනාවක් තිබුනේ නම් කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය කළමණාකරණය කරන්නට තිබුණි. කෘෂිකර්මාන්තයේ එන අස්වනු කළමණාකරණය, පසු අස්වනු කළමණාකරණය ක්‍රියාවට නංවා රටට අවැසි තරමින් අස්වනු ලැබෙන පරිදි ගොවීන් දිරිමත් කරන්නට ආණ්ඩුවට ඕනෑ තරම් අවස්ථාව තුබුණි. එහෙත් ඔවුන් එසේ කළේ නැති බව පැහැදිලිය, රටේ එළවළු නිෂ්පාදනයෙන් 30%ක් පමණ අපතේ යයි, කාලයකට ඇතැම් බෝග යහමින් වැවේ, ගොවීන්ට ඒවා හොඳ මිලකට විකුණාගන්නට බැරිව ලතවේ. තවත් කලෙකට බේතකටවත් ඇතැම් කෘෂි නිෂ්පාදන සොයා ගන්නට බැරිය. ආණ්ඩුව නංවනු ලබන නිදහසට කාරණාව නම් තමුන්ට කාලගුණය, ලෝක ආර්ථිකය යනාදිය සමඟ සටන් කළ නොහැකිය යන්නයි. එහෙත් “ප්ලග්” ගලවන්නට පොරොන්දු දුන් රජය විසින් කරනු ලබන එවන් ප්‍රකාශ පිළිගන්නට හැකිද?ජාත්‍යන්තරය, කාලගුණය, අතරමැදියා බිල්ලට දී සුදනන් වීමට තැනීම කෙතරම් සාධාරණද?

දැන් කළ යුත්තේ කුමක්ද? ආණ්ඩුව පිටරටින් පොල් ආනයන කරමින් කෘත්‍රිමව පොල් මිල වට්ටන්නට තැත් කරති, පොල් සංවර්ධනයට පත් කළ ඇමැතිතුමා ලොරි රථවලින් රටපුරා සිල්ලර වෙළඳාමේ නිරත වෙයි. එහෙත් සිදු විය යුතුව ඇත්තේ එයද? තාවකාලික පැලැස්තර වලින් සෙතක් අපේක්ෂා කළ හැකිද? පසුගිය වසර කීපය පුරාවට අපේ රටේ පොල් නිෂ්පාදිතය පහළ බැස ඇති වග රජයේ සංඛ්‍යාලේඛණ විසින්ම සනාථ කරයි. එසේ නම් ඊට හේතුභූත වූ කාරණා සොයා ගත යුතුව ඇත. රුපියල් 50ට පොල් විකිනෙද්දී පොල් වගාකරුවන් යම්කිසි ආදායමක් උපයද්දී, රුපියල් 30ට පොල් විකුණා ඔවුන්ද පොල් වගාවෙන් දුරස් කරන ජනප්‍රියවාදී හැඳිමිටේ දිග ප්‍රතිපත්තිවලින් සිදුවන හොඳක් නැත. කළ යුතුව ඇත්තේ පොල් වලට පාලන මිලක් දමා ගොවීන්ට පාඩු නොවන පරිදි පොල් මිල පාලනයත් හිඟය මගහැරවීමට රටින් පොල් ගෙන ඒමය, ඒවාට බද්දක් ගසා පාලන මිලට විකිණීමෙන් ලැබෙන ආදායම පහසුවෙන්ම පොල් කර්මාන්තය නගා සිටුවීමට යොදා ගත හැකි යැයි මට හැඟේ. වත්මන අහස උසට නැග ඇති මිල පහළ බැස්සවිම අවශ්‍යතාවක් බව සැබෑ වුවත් එය කළ යුත්තේ කෘත්‍රිම මිල වෙනසක් ඇති නොවන පරිද්දෙනි, දීර්ඝකාලීනව රටේ මේ තත්ත්වය ඇති නොවී අවශ්‍ය තරමට පොල් නිපදවෙන අයුරේ ප්‍රතිපත්ති ගෙන ඒම දැන්වත් කළ යුතුය, නැතිනම් ලබන වසරේදීද මෙම මැසිවිල්ල මෙලෙසම ඉලිප්පෙනු කාට නම් වැළැක්විය හැකිද? පොල් වලට පමණක් නොව ඕනෑම බෝගයකට තත්ත්වය එයයි. කිසිඳු ප්‍රතිපත්තියකින්, කළමණාකරණයකින්, දර්ශනයකින් තොරව රටක ආර්ථිකයකට නායකත්වය දිය නොහැකිය. රටේ ජනතාවගේ පපුවට දැනෙන්නට රෝම කූප කෙලින් වෙන්නට කතා කරන එක එකකි, නමුත් නිවැරදි ආර්ථික කළමණාකරණයක් හරහා ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකීම තවෙකකි. කෘෂි ආර්ථිකය, දේශීය ආර්ථිකය, “අපි වවමු – රට නගමු” යනාදිය හුදු අරුත් සුන් වදන් හා බෝඩ් ලෑලිවලට පමණක් සීමාව තිබීම කණගාටුවට කරුණකි.

වත්මන් රජය කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමට ප්‍රමුඛ වූ බව ඇත්තය, නමුත් එසේ වත්දී රජයේ ඇමැතිවරුන්ගෙන් අතිමහත් බහුතරය තම අමාත්‍යංශවල නිදිකිරුවේය, එසේ නොවූවානම් මෙවැන්නක් සිදුවන්නේද? අවාසනාවට දැන් පෙනෙන්නට තිබෙන තත්ත්වයේද වෙනසක් නැත. එහෙත් කැබිනෙට්ටුව 35කට සීමා කරන බවට ප්‍රතිඥා දුන් අතිගරු ජනාධිපතිතුමා වත්මන කැබිනෙට්ටුව 60කට නංවා ජ්‍යේෂ්ඨ ඇමැතිවරු 10ක්ද පත්කර තිබේ, ඔවුන්වත් මේ ප්‍රශ්න විසඳන්නේ නම් යහපතකි. වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම යුද ජයග්‍රහණයෙන් ඉක්බිතිව “දැන් ඉතින් රට හදමු” කියා පවැසූ බව අප නැවැත මතක් කර දිය යුතුව තිබෙන්නේ යුද ජයෙන් අනතුරුව රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ, ක්‍රය ශක්තියේ ධනාත්මක වෙනසක් වී ඇතිද යන ප්‍රශ්නාර්ථය රාව ප්‍රතිරාව දෙන නිසාය. එකක් පැහැදිලිය, යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් රටක් තියුණු වන්නේ නැත, දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් එසේ යටිතල පහසුකම් අතින් ඉහල මට්ටමක හුන්නද එකී රටවල මිනිසුන් අසීරු ජීවන තත්ත්වයකට උරුමකම් කියති. එසේ නම් අපේ රටේ තිරසාර සංවර්ධනයකට රටේ නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාත් සුරක්ෂිත වන අන්දමින් තීන්දු තීරණ ගත යුතුව ඇත. අවසාන වශයෙන් එකක් මතක් කර දෙමි, යුද ජයග්‍රහණය විකුණමින් සන්ධාන ආණ්ඩුවට මියෙන තෙක් රජ කරන්නට නොහැකිය, එනිසා දැන්වත් වැඩ කරන්නේ නම් රටටත්, ඇමැතිවරුන්ටත්, පොදුජනතාවටත් යහපතකි.

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 උඳුවප් -

දෙවරක් සිහසුන අහිමි වූ “මින්නේරි දෙවියෝ”
නිදහසින් පසු වල්වැදී, කැලෑ වී තුබූ රජරට අස්වද්දන්නට ශ්‍රේෂ්ඨ නායකයන් රැසක් පෙරට ආහ, ඩී.ඇස්., ඩඩ්ලි, ගාමිණී යන පතාකයින් අතර වසර 14කට ආසන්න කාලයක් අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායකධුරය ඉසිලූ සී.පී. ද සිල්වා ශ්‍රීමතාණන්ගේ නම අමතක කරන්නට අපට බැරිය. මේ සටහන ඔහුගේ මතකය සිහි ගන්වනු අරඹයාය.

සී.පී. ද සිල්වා

1912 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට දිනකට මත්තෙන් දකුණු ලක බලපිටියේ රන්දොඹේ ග්‍රාමයේ පින්වත් බිළිඳකු ජන්මලාභය ලැබීය. නමින් චාල්ස් පර්සිවල් ද සිල්වා නම් වූ ඔහුගේ පියා බලපිටිය අධිකරණයේ සුප්‍රකට නිතීඥවරයකු වූ සී.ආර්. ද සිල්වාය. කුඩා කළ පටන් සී.පී. යන මැයෙන් කවුරුත් දැන හැඳිනගත් මේ පුංචි දරුවා පළමුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුලත් කෙරිණි. කෙටි කලෙකින් දෙමාපියන් විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් කෙරුණු සී.පී. එහි දිදුලන ශිෂ්‍යයකු බවට පත් විය. අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර වැඩටත් ගජ රුසියකු වූ සී.පී. ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක පදවියෙන් පිදුම් ලැබීය. ගණිතය සහ විද්‍යාව විෂයන් කෙරේ වැඩි ආසාවක් දැක්වූ සී.පී.එකී විෂයන් සඳහා පිරිනැමෙන “ග්‍රෙගරි” සහ “මිලර්” සම්මානයන්ගෙන්ද පිදුම් ලත්තේය.

සරසවියෙන් ගණිතය පිළිබඳ විද්‍යාවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි කරගත් සී.පී. සිවිල් සේවයට යැවීමේ අරමුණින් සිය දෙමාපියන් එංගලන්තයට පිටත් කළේය. එහිදී සාර්ථකව අධ්‍යාපනය හමාර කළ සී.පී. 1935දී ලක්දිවට අවුත් සිවිල් සේවයට එකතුපහදු වූයේ ලක් ඉතිහාසයේ ලාබාලතම සිවිල් නිලධාරියකු ලෙස ඉතිහාසගත වෙමිනි. යාපනයේත්, පුත්තලමේත් කැඩට් නිලධාරියකු ලෙස පුහුණුව ලත් සී.පී. පසුව අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකෙහි රජයේ ඒජන්තවරයා ලෙස පුරා වසර 7ක් කටයුතු කළේය.

1935 සිවිල් සේවයට එක්වූ දා සිට 1972 අවසන් හුස්ම හෙලන තෙක්ම රජරට අස්වැද්දීම සී.පී.ගේ සිහිනය විය. ගාමිණී දිසානායකයන් එකලු කළ මහවැලි සිහිනයේ මුල් අයිතිකරුවා සී.පී. යැයි කීමේ වරදක් නැත්තේ ඔහු වසර 37ක් පුරා රජරට අස්වද්දන්නට ගත් වෙහෙස මහන්සිය නිසාමය. එපමණක් නොව මහවැලි මහා ව්‍යාපෘතිය පොල්ගොල්ල අමුණට මුල්ගල තබමින් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකයන් ආරම්භ කරද්දී එක්සත් ජාතික පක්ෂ රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග සහ විදුලිබල ඇමැතිවරයා ලෙස තිරය පිටුපස සිටිමින් මහා මෙහෙවරක් කළේද සී.පී.මය.

මහත් දුෂ්කරතා මධ්‍යයේ වුව රජරට ජනතාවට සිවිල් සේවකයකු ලෙස සෙත සැලසීම සී.පී.ගේ ඒකායන පැතුම විය. ගිරිතලේ වැව් තාවුල්ලේ තානායමක සිට රාජකාරී කළ සී.පී. සතියකට වරක් ඇලහැර හරහා මාතලේට සිය විලිස් ජීප් රථය පදවාගෙන ආයේ රජරට කටුක දිවියට අවශ්‍ය අඩුමකුඩුම රැගෙන යන්නටය.  ඩී.ඇස්. සේනානායකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාව ඉන්දැද්දී එම අමාත්‍යාංශයේ සහකාර ලේකම්ධුරයක් ඉසිලූ සී.පී. 1946දී සහකාර ඉඩම් කොමසාරිස් තනතුරකට උසස් කෙරිණි. 1949දී සී.පී. තවත් රාජකාරී සන්ධිස්ථානයක් පසු කළේය, ඒ ඉඩම් සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමත් සමඟය. ඩී.ඇස්., ඩඩ්ලි යන කෘෂිකර්ම ඇමැතිවරු දෙපල යටතේම රජයේ සේවකයකු ලෙස රජරට අහිංසක ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මහත් පරිශ්‍රමයක් දැරූ සී.පී., මින්නේරි ජනපදය ප්‍රතිස්ථාපනය කිරීමෙහිලා පුරෝගාමී චරිතයක් විය. වෙසෙසින්ම මින්නේරි ව්‍යාපාරය හමුවේ තුබූ ප්‍රමුඛ අභියෝගයක් වූයේ ජානපදිකයින් මින්නේරි ජනපදය තුලම රඳවා තබා ගැනීමය. ඒ අභියෝගය ජයගැන්මට ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන් යෙදෙව්වේ තරුණ සී.පී. ද සිල්වාය, ඒ ඔහු උතුරු මැද පළාතේ රජයේ ඒජන්තවරයා ලෙස පත්කරමිනි. ඩී.ඇස්. සේනානායක සහ එවක ඉඩම් කොමසාරිස්ධුරය හෙබවූ වත්මන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මුත්තණුවන් වන සී.ඇල්. වික්‍රමසිංහ මහතා සී.පී. ද සිල්වා සමඟ නිතර කතිකා කළේ මින්නේරි ව්‍යාපාරය සාක්ෂාත් කිරීම උදෙසාය. ඩී.ඇස්., ඩඩ්ලි සහ සී.ඇල්. යන ත්‍රිත්වයේ පූර්ණ විශ්වාසය දිනාගත් සී.පී. මින්නේරි ජානපදිකයින්ගේ ජීවන තත්ත්වය අරුත් ගන්වනු වස් සිය උපරිම දායකත්වය ලබාදුන්නේය. පසුකාලීනව ඩී.ඇස්. සේනානායකයන් විසින් එකී දායකත්වය උදෙසා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී උපහාරයද පළ කර සිටියේය.

1946දී තවත් සුවිශේෂී රාජකාරීමය උසස් වීමක් සී.පී. ද සිල්වා මැතිඳුන්ට හිමිවිය, ඒ ඔහු අතිරේක ඉඩම් කොමසාරිස්ධුරයෙන් පිදුම් ලැබීමත් සමඟය. එකළ ලංකාවේ ආණ්ඩුක්‍රමය වෙනස් කරන්නට පත්කෙරුණු සොල්බරි කොමිසම ලක්දෙරණට අවුත් සංචාරය කළ එක් ඉසව්වක් වූයේ මින්නේරියයි. මින්නේරියේ සමූපකාර වාර්ෂික මහා සභා රැස්වීමකට සහභාගී වීමෙන් අමන්දානන්දයට පත්වූ සොල්බරි සාමිවරයා “ලංකාවේ කැලෑබදව මිනිස්සුන්ට මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීම් තියන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ට රටක් පාලනය කරන්න බැරි යැයි කියන්න පුළුවන් කාටද?” යන ප්‍රශ්නය විචාල බව අචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සී.පී. ද සිල්වා ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ උපහාර ලිපියේ කියැවේ.

1950 නිදහස් දවස දා සී.පී. ද සිල්වා සිවිල් සේවයෙන් ඉල්ලා අස්වූයේ කාගේත් දොම්නසට හේතුකාරකයක් වෙමිනි. ඉල්ලා අස්වීමෙන් ඉක්බිති හෙතෙම පුත්තලමේ තම වත්තේ වගා කටයුතුවල නිරත වෙමින් නිදහස් දිවියක් ගත කළ බව කියැවේ. දිනක් හිරු බසින යාමයේ තම කුඹුරේ අස්වැන්න ගොඩ ගසමින් තුබූ හෝරාවෙක අනපේක්ෂිත අමුත්තකු සී.පී. හමුවන්නට ආයේය. හේ නමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය, බණ්ඩාරනායක මහතාගේ මේ හදිසි සංචාරයට නිමිත්ත වූයේ සී.පී. ද සිල්වා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කර ගැනීමය. බණ්ඩාරනායක මැතිඳුන්ගේ උත්සාහය මල්ඵල දැරීය. සී.පී. ද සිල්වා පොලොන්නරුව ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට කැමැති වූවා පමණක් නොව තම උපන්ගම වූ බලපිටියේ මැතිවරණ සටනටත් සක්‍රීයව දායක වීමට එකඟ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණය වූ 1952 මහ මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතලොස්සකි, ඒ අතර පොළොන්නරුවේ සී.පී. ද සිල්වා ප්‍රමුඛයකු බවට පත්විය. කෙසේ වෙතත් 1956දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනිපය බලයට පත්වූ අතර ඒ සමඟ සී.පී. ද සිල්වා මැතිතුමා එම රජයේ සභානායක සහ ඉඩම් සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස පිදුම් ලැබුවේය. මෙහිදී සී.පී. ද සිල්වා මැතිතුමා ගැන කිව යුතු වැදගත් යමක් ඇත, එනම් ඔහු මාස දෙකේ විරාම ද්විත්වයක් හැරුණු කළ, පුරා වසර 14ක්ම (1956-1970) ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යධුරයත්, සභානායකධුරයත් ඉසිලීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් දෙකක සහ එක්සත් ජාතික පක්ෂ රජයක එකී තනතුරු හෙතෙම හෙබවීම සුවිශේෂී කාරණයක් ලෙස සැලකිය හැකිය.

1959 අගෝස්තු 25දා කැබිනට් රැස්වීමේදී සී.පී. ද සිල්වාට සුවිශේෂී අත්දැකීමකට මුහුණපාන්නට සිදුවිය. අගමැති බණ්ඩාරනායකයන්ට පිළියෙළ කළ තිබූ කිරි වීදුරුව පානය කළ සී.පී. දරුණු ලෙස ගිලන් විය, එකළ එය එතරම් සැලකිල්ලට නොගත්තද පසුව එකී කිරි වීදුරුවට අගමැතිවරයා ඝාතනය කිරීමට වස යොදා තිබෙන්නට ඇතැයි සැකයක්ද මතුවිය. නමුත් අතිශය දෛවෝපගත ලෙස එම සිද්ධියෙන් මාසයක් ගෙවුණු තැන, එනම් 1959 සැප්තැම්බර් 26දා චීවරධාරියකු විසින් අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කරන ලදි. ජ්‍යෙෂ්ඨත්වය අනුවෙ මීළඟට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නට තුබුනේ සී.පී. ද සිල්වා මහතාටය, නමුත් ගිලන්ව එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රතිකාර ලබමින් සිටි ඔහුට එම අවස්ථාව මගහැරී ගියේ ඔහුගේ අවාසනාවට වඩා රටේ ජනතාවගේ අවාසනාවට යැයි කීම යුක්තිසහගතය.

1960 මාර්තු මහ මැතිවරණය වනවිට සී.පී. ද සිල්වා පරිපූර්ණව සුවය ලබා නොසිටියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමේ බර කරට ගත්තේය. මහ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශ වූයේ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ එක්සත් ජාතික පක්ෂයට ආසන 50කුත්, සී.පී. ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නීදහස් පක්ෂයට ආසන 46කුත් හිමි කර දෙමිනි. මන්ත්‍රණ සභාවේ විපක්ෂයේ සිටි බොහෝ පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්නට සී.පී. ද සිල්වා ප්‍රමුඛ ශ්‍රිලනිපයට සහය දැක්වීමට දත කට මැදගෙන සිටියහ. නමුත් රාජාසන කතාව ඩඩ්ලි සේනානයක මැතිඳුන් පරාජයට පත්වීමත් සමඟම අග්‍රාණ්ඩුකාරවරයා අලුත් මැතිවරණයකට දින නියම කළේය. 1960 ජුලි මාසයට නියමිත වූ මෙම මහ මැතිවරණය ලාංකේය දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලනයේත් හැරුම් ලක්ෂයක් වූවා යැයි කීම නිවැරදිය. නැවත වරක් ශ්‍රිලනිපය මෙහෙයවීමේ වරම තුබුනද සී.පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂිකධුරය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු එම වගකීම බණ්ඩාරනායක මැතිතුමාගේ වැන්දඹුව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පිරිනමන්නට මූලික විය. තමන්ගේ අතේ තුබූ අගමැති අපේක්ෂකත්වය පිළිකෙව් කළ සී.පී. සිරිමාවෝ බණ්ඩාරනායක රටේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්කරන්නට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි විය. දේශපාලනයට ආධුනිකයකු වූ සිරිමාවෝ මැතිණියගේ රජයේ සභානායකවරයා ලෙස ශ්‍රිලනිප රජයේ බොහෝ බර කරට ගෙන 1960-65 රජය මෙහෙයවීමේ ගෞරවය සී.පී. ද සිල්වා මැතිඳුන්ට හිමිවිය යුතුය.

දෙවරක්ම අගමැතිවීමේ හිනිපත්තට පැමිණි සී.පී. ද සිල්වා චාම් චරිතයකට උරුමකම් කීවේය. ජනප්‍රිය දේශපාලනය සහ ප්‍රසිද්ධිය හඹා නොයමින් රජරට ඇතුළු තුන් හෙළයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය. ඇමැතිවරයකු ලෙස රටේ බොහෝ ප්‍රදේශවල වාරි පද්ධති සහ කෘෂිකර්මය නගා සිටුවීමට අනූපමේය සේවාවක් කළ සී.පී. ද සිල්වාගේ දේශපාලන සාර්ථකත්වයට ප්‍රධාන බාධකයක්ද තිබුණි. ඒ ඔහුගේ කුලයයි, සලාගම කුලයට අයත් වූ සී.පී. අගමැති වනු දැකීමට ශ්‍රිලනිප පාක්ෂිකයන්ම සමහරක් කැමැති නොවූයේ සිංහල ජනසමාජයේ අදටත් පවතින කුල භේදය නිසාය.

සී.පී. ද සිල්වා අමාත්‍යවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වයද අමතක කළ නොහැකිය. කොළඹ රාජකීය විද්‍යාලය උදාහරණයක් කරගනිමින් පොළොන්නරුවේ රාජකීය මධ්‍ය විද්‍යාලය සියළු අංගෝපාංගයන්ගෙන් යුක්තව ඉදි කළ එතුමා මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිකිරීමෙහිලාත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. කොළඹ ප්‍රකට පාඨශාලාවක් වන මහානාම විද්‍යාලය ඉදිකිරීමටද සී.පී. ද සිල්වා මැතිතුමා ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ. 1960-65 ශ්‍රිලනිප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට රජය තුල සිටම සී.පී. ද සිල්වා හඬ නැගුවේ තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදෙමිනි. සිරිමාවෝ මැතිණිය ඇතුළු එවක රජයේ වාමාංශික කොටස් ලේක් හවුස් ආයතනය ජනසතු කිරීමට ගෙනගිය ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දුටු සී.පී. රජය තුල තම මතය පරාජය වීමත් සමඟ කටුක තීරණයකට එළඹියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා විපක්ෂයේ අසුන් ගැනීමටය, ඒ තමන්ට හිමි ඇමැතිධුරය සහ සභානායක පදවියද අතැර දමමිනි. ඒ 1964 දෙසැම්බර් 3දාවකය. පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සී.පී. 1965 මහ මැතිවරණයට එජාපයෙන් මින්නේරිය අසුනට තරඟ කරමින් ජයගත්තේ 1965-70 ඩඩ්ලි සේනානායක රජයේද සභානායකවරයා බවට පත්වෙමිනි.

සී.පී. ද සිල්වා මැතිතුමා ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස මහත් වෙහෙස මහන්සියක් දැරුවේ රජරට සරුසාර කරන්නටය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා මෙදා තුල ලක්දෙරණේ බිහිවූ යෝධතම සංවර්ධන ව්‍යාපෘතිය වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ජනිත විය. 1970දී ආරම්භ කිරීමට නියමිත වූ මෙම දැවැන්ත බහුකාර්යය ව්‍යාපෘතිය වසර 30ක් තුල අදියර 3කින් සමාප්ත කිරීම එතුමාගේ සිහිනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ඇතිව එජාපය මහවැලි සිහිනය සැබෑ කරන්නට උත්සුක වුවද බොහෝ ප්‍රතිවාදීන් කීවේ 1968 මුළු රාජ්‍ය ආදායමටත් වඩා වැඩි වියදමක්  අSතමේන්තුගත මහවැලි ව්‍යාපෘතිය දවල් සිහිනයක් කියාය. 1970දී පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ගැන තැකුවේ නැත. අවාසනාවකට 1977 පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගාමිණී දිසානායක මැතිඳුන්ගේ මෙහෙයවීම යටතේ මහවැලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත කරද්දී සී.පී. ද සිල්වා අප අතරින් සමු ගෙන කලක් ගතව ගොසිනි.

1970දී මහවැලි සංවර්ධන මණ්ඩලය ස්ථාපනය කරලීම උදෙසා පනතක් ගෙනෙමින් සී.පී. ද සිල්වා මෙසේ පවසා ඇත.

“රජරට වාසය කරමින් සේවය කළ සත්වස තුල පොළොන්නරුවේ සිට සැතපුම් 6ක් දුරින් වූ මනම්පිටිය පාලම මත හිඳ මහවැලිය මෝසම් සමයේ පිටාර ගලන විට දුප්පත් මිනිසුන් දුක් විඳිනුද යල කන්නයේ කුඹුරු කරන්නට, නාන්නට, බොන්නට වතුර පොදක් නැතිව දුක් විඳිනුද දුටුවෙමි, තෙත් කලාපයේ කඳු අතරින් ගලා එන මහවැලි නදියේ, මහවැලි ජලය වියළි කලාපයට හරවන්නේ කෙසේදැයි මම පැය ගණන් සිහින දැක්කෙමි”.

අවසන 1970දී සී.පී. ද සිල්වා මින්නේරි අසුන ඡන්ද 1000කට කිට්ටු ප්‍රමාණයකින් පරදිද්දී කඳුරට කොත්මලයෙන් බිහිවූ නුවර එළිය ජයගත් තරුණ දේශපාලනඥයා විසින් 1980 දශකයේදී සී.පී. ද සිල්වාගේ මහවැලි සිහිනය සැබෑ කළේය.

1970 මැතිවරණ පරාජයෙන් පසුව විවේකී දිවියක් ගත කළ සී.පී. කෙටි කලක් රෝගාතුරව හිඳ 1972 ඔක්තෝබර් 9දාවක දැයෙන් සමුගත්තේ රජරටින් බිහිවූ කිරුළු නොපළන් රජුන් ලෙසිනි. වසර 60ක් මුළුල්ලේ ලක්දෙරණ ආලෝකමත් කළ සී.පී.ගේ නාමය ලක්වැසි දනන් මුව වසර ගණනාවක් රැඳේවායි අප ඉතසිතින් පතමු.

මේ ලියමන 1964 දෙසැම්බර 3දා විපක්ෂයේ අසුන්ගත් සී.පී. ද සිල්වාගේ වදන් පෙළකින් අවසන් කරනු රිසියෙමි.

“මම අද මේ සියල්ල හැර දමන්නේ නිදහස් සමාජයක නිදහස් මිනිසකුව ජීවත් වීමටයි”

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වප් -

ගාමිණී දිසානායක සොළොස්වස් ගුණසමරුව..!!
ලක්දෙරණ එළිය කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයකු වූ ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු කෘතහස්ත දේශපාලනඥයන් කීප දෙනෙක් දැයෙන් සමුගෙන අදට වසර 16ක් සපිරේ. රටට මහවැලිය දායාද කරමින් අනූපමේය සේවයක් ඉෂ්ට කළ ගාමිණී දිසානායකයන් එදා මරාගෙන මැරෙන බෝම්බකාරියක බිලි නොගත්තා නම් අද අප වෙසෙන්නේ කෙතරම් වෙනස් රටක විය හැකිද?? එහෙත් සිදුවූ දෙය වළක්වන්නට නොහැක, නමුත් රටට ඉමහත් සේවාවක් ඉටු කළ ආදර්ශමත් දේශපාලනඥයකුට කෘතගුණ සැලකීම අගනේය. එය ගාමිණී දිසානායකයන් වන් උත්තුංග පුතුණුවන් ලක් දේශපාලනයට දායාද වන්නට ඌණපූරකයක් වේවායි සැදැහැ සිතින් පතමු.

නායකයාණෙනි. ඔබට නිවන් සුව..!!!

ගාමිණී දිසානායක අලලා පබැදුනු අපේ සදාහරිත මතකයන් ආවර්ජනා කරන්නට ඔබට ආදරයෙන් ආරාධනා කරමි.

ගාමිණී දිසානායකයන් ගැන 2010 මාර්තුවේදී අප විසින් ලියැවුණු ලිපිය

http://sadaharita.wordpress.com/2010/03/20/gd/

ගාමිණී දිසානායකයන්ගේ අවසාන හෝරා කීපය ගැන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ලියූ ලිපිය

http://sadaharita.wordpress.com/2009/11/07/thotalanga/

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වප් -

H Niles Perera©, October 2010

18 සන්නිය
18වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී මහා ඉහළින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 161කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබුණි. එහෙත් එකී 18වන සංශෝධනය පාර්ලිමේන්තුවේ තකහනියේම සභාගත කළේ රට ගැන කැක්කුමකින්ද, ඉන් අපේ රටේ ජනතාවට ඇතිවන සුබසෙත කවරේද?? ආණ්ඩුවේ වහසි බස් වලට රැවැටෙනු වෙනුවට අප විමසා බැලිය යුත්තේ මෙයයි.

ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ කැමැත්ත (රත්නසිරි දෙස නෙතු යොමන්න)

මුලින්ම මේ 18වන සංශෝධනයෙන් වෙන්නේ කුමක්ද යන්න තෝරා බේරාගෙන සිටිය යුතුය. එහි මූලික වෙනස්කම වන්නේ ජනාධිපතිවරයකුට එම ධූරය දෙවරකට වඩා ඉසිලීම වළකමින් තුබූ තහංචිය ඉවත් කිරීමය. ඒ අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත නැවැතත් ජනාධිපතිධූරයට තරඟ කිරීමේ අවකාශය හිමි වේ. ඒ අනුව ඔහුට මියෙන තෙක්ම ජනාධිපති පුටුවේ රැඳී සිටීමට වුව අවකාශය හිමි වනු ඇත. “ඉතින් ඒකේ වැරැද්ද කුමක්ද?” යමෙක් අසන්නට පිළිවන, “ඒකෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන එක නේද?, මොකෝ මහින්ද මහත්තයා මිනිස්සුන්ගෙ ඡන්දෙන්නෙ දිගටම ඉන්න යන්නෙ” ඒ තවත් පසෙකින් නැගෙන තර්කයකි. බැලූ බැල්මට මෙහි ඇත්තක් ඇතැයි යමෙකුට කිව හැකිය. නමුත් එය සැබැවින්ම එසේද? ලෝකයේ විධායක ජනාධිපති ක්‍රමයක් සහිත සංවර්ධිත රාජ්‍යය සියල්ලේම ජනාධිපතිවරුන්ට ධුර සීමාවක් (term limitations) පනවා තිබේ. සිරිලක ධුර කාලය දික් කරගන්නට බලධරයින් උත්සුක වෙද්දී ඇමරිකාවේ සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභිකයින්ගේ පවා ධුරකාලය සීමා කෙරෙන පනතක් කෙටුම්පත් කෙරෙමින් පවතින වග ඔබ සමහර විට දන්නවාත් ඇත. ඊට හේතුව රටේ නායකත්වය පිරිහීම වැළැක්වීමය, බොහෝ අවස්ථාවලදී බලකාමයෙන් මන්මත් වී යන දේශපාලනඥයින් තම බලය රැකගැනීමට නොකරනා දෙයක් නොමැත. එය ලක්වැසි අපට අරුමයක් නොවේ, බලයේ ඇත්තවුන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍යය, ආරක්ෂක අංශ සිය පෞද්ගලික බූදලය මෙන් පරිහරණය කරමින් සිය බලය රැකගැනීමට ගෙන ගිය ක්‍රියාවලීන් අප හොඳාකාරව දැක ඇත. එබැවින් මේ සංශෝධනය හරහා සිදුවන්නේ බලකාමය ඇත්තකු තව තවත් ඊට අලවා තබමින් රට වලපල්ලට යැවීමය. “ඒක කොහොමද එහෙම වෙන්නෙ?” ඒ ඔබේ මීළඟ ප්‍රශ්නය විය හැකිය. ඊට පිළිතුර සොයන්නට අපිට සහෝදර සංවර්ධනය වෙමින් පවතින රටවල්වල උදාහරණ කීපයක් සෑහේ. අප්‍රිකාවේ බොහෝ රටවල ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් වන අතර ඒ රටවල් බොහෝමයක ධූර සීමවක් පනවා නොමැත. අප්‍රිකාවේ බොහෝ රටවල්වල ආඥාදායකයින් බිහිවී ඇති බව නොරහසකි, ඇතැම් විට ජනතා සහයෙන් ආඥාදායක ජනාධිපතිවරයා පන්නනන්නට නායකත්වය දෙන්නා ඊටත් වඩා දරුණු ආඥාදායකයකු වූ අවස්ථා අප්‍රිකාවේ බහුලය. රාජ්‍ය විරෝධී කැරළි, කුමන්ත්‍රණ ආදිය නිසාම අප්‍රිකාවේ රටවල් වල මිනිසුන් පීඩා විඳිති. තම රටේ “මියෙන තෙක්” ජනපතිගේ වරදාන, වරප්‍රසාද, රාජකීය ඌෂ්ණය වෙනුවෙන් ඒ රටවල මිනිසුන් නොමැරී මැරෙති. සිම්බාබ්වේ දේශයේ රොබට් මුගාබේ නම් ආඥාදායක ජනාධිපතිවරයා මීට කදිම නිදසුනකි, 1987 බලයට ආ ඔහු බලය රැකගන්නේ ඡන්දවලිනි, ඒවා අතිශය දූෂිතය, මුගාබේ බලයේ සිටීමෙන් සිම්බාබ්වේ වැසියන්ට වූ සෙත කුමක්ද?? ඔහු එන්න එන්නම දුර්දාන්තවාදී පාලකයකු වෙමින් රාජ්‍ය ත්‍රස්තවාදය රට පුරා මුදා හරිමින් රට කාබාසිනියා කළේ සිය බලය රැකුමටය. ඔහුගේ බලකාමය නිසා සිම්බාබ්වේ දේශය ලොව ඉහළතම උද්දමනයට උරුමකම් කියයි. ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශය මෙන් වනු ඇතැයි මම නොකියමි, නමුත් 18වන සංශෝධනයෙන් මේ පියවර තැබුවේ ඒ දෙසට නොවෙතැයි කාට නම් හිතට එකඟව කිව හැකිද??

2010 සැප්තැම්බර් 5දා ලක්බිම පුවත්පතේ දර්ශන කරුණාතිලකගේ කාටූනය

අනෙක් පැත්තට “තරුණ පරපුරට වගකීම් දෙන්න ඕනෑ” කියන්නේ ජනාධිපතිතුමාමය, ඉතින් ඉදිරියේ රටට නායකත්වය දෙන්නට සිටින තරුණ නායකයින්ට වල කැපීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ධුර වාර ගණන දීර්ඝ කරගැනීම කෙතරම් අවංක ක්‍රියාවක්ද කියා ඔබම සිතා බලන්න. එලෙසම ‘මහින්ද චින්තන – ඉදිරි දැක්ම’ ඔබට සිහි කැඳවීම මගේ යුතුකමකි, එහිදී අතිගරු ජනාධිපතිතුමා ජනතාවට ප්‍රතිඥා දෙනුයේ විධායක ජනාධිපතිධූරය භාරකාර තනතුරක් බවට පත්කරන බවයි. එහි පිටු අංක 53හි උපුටගැනීම මෙසේය.

ඔය කියනා අයුරේ කිසිඳු බලතල වෙනස් කිරීමක් මේ සංශෝධනය හරහා කර නැත. උවමනාව තිබුණි නම් ඡන්ද 161ක් ඇති ආණ්ඩුවට එකී සියළු වෙනස්කම් එකවර සිදු කළ හැකිව තිබුණි. සිදුවී ඇත්තේ එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් 224ක (එවක ඇමැතිවරයකුව සිටි ජනාධිපතිතුමා ඇතුළු) මනාපය පරිදි සම්මත වූ 17වන සංශෝධනය හරහා කප්පාදු කැර ගැනුනු බලතල යළි ලබාදී විධායක ජනාධිපති කියන්නා වූ තනතුර තවදුරටත් ශක්තිමත් කිරීම පමණෙකි. විධායක ජනපති තනතුර අද වන විට රජකමට නොදෙවැනි වන්නේ යැයි යමෙකු කිවහොත් එහි වරදක් නොහේ. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණය තමන්ගේ හෙංචයියන්ගෙන් පුරවා ගත හැකි, සිය දේශපාලන බලරාගය මුදුන් පමුණුවා ගත හැකි සංශෝධනයක් සම්මත වීම ලක්වැසි අපට අහිතකරය. විශේෂයෙන්ම විධායක ජනාධිපතිධූරය අඛණ්ඩව විවේචනය කරමින් බලයේ රැඳෙමින් විධායක අගමැතිකම් ගැන කියැවූ උදවිය ඊට පක්ෂ වීම හාස්‍යජනකය.

අනෙක් පැත්තට ගත්විට අපේ ලක්දෙරණට කලක පටන් විදේශයන්ගෙන් විවිධ මානව හිමිකම් චෝදනා බලපෑම් එල්ලවන බව නොරහසකි. නමුත් සැර බාල වී ගෙන එද්දී මේ සංශෝධනය හරහා නැවතත් විදේශිකයන්ට බලපෑම් කිරීමට මාර්ගයක් නිර්මාණය කරදෙන්නට ආණ්ඩුව සමර්ථ වී ඇත. එක අතකින් ආණ්ඩුවේ පැවැත්ම රඳන්නේ “විජාතික බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ” මත පදනම්වය. ඒ කෙසේ වෙතත් මෙය විදේශ බලපෑම්වලට පවා අත වැනීමකි, එබැවින් එය රටට මහත් වූ පිළිලයක්මයැ.

2010 සැප්තැම්බර 7දා ලංකාදීපයේ දාස හපුවලානගේ සුවාරිස් කාටූනය

එහෙත් ලක්වැසි ජනතාවට ඇත්තාවූ ලොකුම ප්‍රශ්නය මෙයද? 18වන සංශෝධනය හරහා ගමේ රටේ සාමාන්‍ය ජනතාවට අත්වන සෙත නම් කිම. මීට වඩා දැවෙන ප්‍රශ්න මිහිපිට විසඳන්නට තිබියදී මෙවන් සංශෝධනයක් ගෙන ඒම ජුජුප්සාජනකය. ව්‍යවස්ථාවේ සිදුවිය යුතු ප්‍රධානතම වෙනස්කම මේකද?? මීට වඩා රටේ ජනතාවට බලපාන, රටේ අනාගතයට හේතුකාරක වන බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමය යනාදී දෑ තිබියදීත් ඒවා නොසලකාහැරීම කණගාටුවට කරුණකි. ලක්දෙරණ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණවිරුවන්ගේ මැදිහත්වීමෙන් කුරිරු ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම මුදවා ගෙන මාස 16ක් පමණ ගතවී තිබුණද ඒ කාලය තුල රාජ්‍ය මාධ්‍යය සහ දේශපාලනික වේදිකා තුල රඟ දැක්වූ ජවනිකා වලට සාපේක්ෂව රටේ සංවර්ධනයක් වී ඇතිද යන්න ගැටළු සහගතය. වෙසෙසින්ම යුද්ධයෙන් තොර රටක මීට එහා ගිය සංවර්ධනයක් මහජනතාව අපේක්ෂා කළෝය.

නමුත් අවාසනාව නම් එය නොවේ. එදා විධායක ජනාධිපතිධූරය නිර්දය ලෙස විවේචනය කළ පැරණි “වමේ” පක්ෂ අද මීට පක්ෂ වීමත්, එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දයෙන් මැතිසබයට ආ මන්ත්‍රීවරුන් මෙම අනිසි ක්‍රියාවන්ට උඩගෙඩි දීමත්ය. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ නිද්‍රාශීලීව සිටීමත් ජ්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මර්දනය කිරීමත් මත නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ටම උරුම වන තත්ත්වයක් උද්ගතව ඇත. බොහෝ දෙනෙක්ට නොතේරුන්ද මෙය රටේ අවාසනාවකි. එහෙත් එහෙව් අවාසනාව භාරගන්නවා වෙනුවට් සැඩ පහර මැදින් වුවද රට වෙනුවෙන්, සත්‍යය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන්, අප විශ්වාස කරන්නාවූ ප්‍රතිපත්ති වෙනුවෙන් උඩුගං බලා පිහිනීම අප සතු යුතුකමකි, වගකීමකි.

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බිනර -

කළගුණ සලකමු…
පළමුව සෑහෙන කාලයකින් සදාහරිතයේ ලිපියක් පළ කිරීමට නොලැබීම ගැන අපේ කණගාටුව පළ කරමින්ම මේ ලිපිය අරඹන්නට සිතුවෙමි.  2010 මහ මැතිවරණය අහවර වී දැන් මාස 5ක් ගෙවෙන්නටත් ආසන්නය, මැතිවරණ ජයග්‍රහණයේ උණුසුම පහව යන්නටත් පෙර රටේ නීතිය දැඩි ලෙස පිරිහී යෑමේ තත්ත්වයක් උද්ගත වන වාතාවරණයක් රට තුල උද්ගත වී ඇත. මේ විමසුම ඒ ගැනය.

පසුගිය කාල සීමාව පුරා රජයේ පාර්ශවයන් විසින් අමු අමුවේ නීතිය උල්ලංඝනය කෙරුණි. වරෙක ඩෙංගු මඩින්නට නව ක්‍රමයක් සොයාගත් අමාත්‍යවරයකු සමෘද්ධි නිලධාරියකු ගස් බැන්දේ පොලිස් නිලධාරීන් අභිමුවදීය. තවත් විටෙක රජයේ ඇමැතිවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට පොලිසියට තරවටු කරමින් රැඟුම් රඟද්දී රජයේ ලොකු ලොක්කන් ඊට ඉනිම්ං බඳින්නට විය. එය එසේ වුවත් ගාල්ලේ උද්ඝෝෂණයකට එල්ල වූ විරෝධතා ගැන පැමිණිල්ලක් සටහන් කරන්නට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතඩංගුවට ගන්නේ තමන්ට තරවටු කරද්දී, තමන් අභිමුව නීතිය අතට ගනිද්දී මුනිවත රැකි පොලීසියම වීම විශේෂත්වයකි. මේ තත්ත්වය බුද්ධිමත් කවරකුට නම් අනුමත කළ හැකිද??

නමුත් ඊටත් වඩා දුක එළවනසුළු කාරණය එය නොවේ. රට ත්‍රස්තවාදී උවදුරෙන් ගලවා ගැනීමට දිවි හිමියෙන් සටන් මෙහෙයවූ ඒ උදාරතර වීරයා ඔහුගේ තනතුරින් පහ කර, පදක්කම් සියල්ල ඉවත් කර විශ්‍රාම වැටුපද අත්හිටුවීමයි. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔබ අප කාගේත් ඡන්දය යැද්දේ “කළගුණ සළකමු” යන තේමා පාඨය මූලික කරගෙනය. අද එහෙව් සන්ධානය ජාතියේ විරුවකුට “කළගුණ සළකා” තිබේ. ඒ ඔහු ආණ්ඩුවේ එහෙයියෙකු වී ආණ්ඩුව කරන සෑම සියළු දේකටම හිස සැලීම ප්‍රතික්ෂේප කළ නිසාය, ඔහු රටේ සුබවාදී විශ්වාසනීය වෙනසක් උදෙසා පෙළ ගැසුණු නිසාය. හාස්‍යයට කරුණ නම් මරුවා හමුවේ වුවද රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකළ සරත් ෆොන්සේකා මැතිතුමාට එලෙස දේශපාලනික ලෙස අරියාදු කරද්දී කොටි සංවිධානයේ ප්‍රමුඛ සන්නද්ධ නායකයකුව සිටි කරුණා අම්මාන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සියළු වරදාන වරප්‍රසාද සුඛ විහරණ ලැබීමය. එලෙසම වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අභාවයෙන් ඉක්බිති තමන් කොටි නායකයායැයි හඳුන්වා දුන් කේ.පී. සිරකරුවකු ලෙස වුවද පුවත්පත් සාකච්ඡා දෙමින් සැපවත් දිවියක් ගෙවීමය. එදා “කොටි හඬ නිහඬ කළා” යැයි පම්පෝරි ගසමින් කන්ද උඩරටින් ඡන්දය ඉල්ලූ රජයේ ඇමැතිවරු අද කේ.පී.ට සුදු හුණු ගාන කටින්ම ත්‍රස්තවාදය මෙල්ල කිරීමට මහඟු මෙහෙයක් කළ සරත් ෆොන්සේකා මැතිඳුන්ට අපහාස අවලාද නගන්නේ ඔවුන්ගේ නායකත්වයම වරෙක ජෙනරාල් ෆොන්සේකා ලොව විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙසත් ඕනෑම හමුදාවක් මෙහෙයවිය හැක්කකු ලෙසත් වර්ණනා කළ බව අමතක කරලමින්ද??

2010-08-17 ලංකාදීපයේ දාස හපුවලානගේ කාටූනය

ජෙනරාල් ෆොන්සේකාට එරෙහි පළමු යුද අධිකරණයෙන් ඔප්පු කරගත් එක් චෝදනාවක් නම් ඔහු හමුදා සාමාජිකයකුව සිටියදී දේශපාලනය කළාය යන්නයි. එසේ නම් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මුළුල්ලේ එළිපිටම රූපවාහිණිය සහ ස්වාධීන රූපවාහිණිය ඔස්සේ ආණ්ඩුවට කඩේ ගිය, ආණ්ඩුවේ බැල මෙහෙවරකම් කළ, සන්ධානයට “පබ්ලිසිටි” දුන් හමුදා නිලධාරීන් සියල්ලටම විනය පරීක්ෂණ කැඳවා දඬුවම් දිය යුතු නොවේද?? නැත, අද රටේ නීතිය දෙයාකාරය, ඔබ ආණ්ඩුවේ ප්‍රබල සහායකයකු නම් නීතිය එක විදියකටත් විරුද්ධවාදියකු නම් තවත් විදියකටත් බලපායි. අවසානාව මෙයයි. ඉදිරියේදී පැවැත්වෙන යුදාධිකරණ තමාව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසා සිරගත කොට ඔහුගේ පාර්ලිමේන්තු අසුන පවා ඉවත් කරනු ඇතැයි යන්න තමාගේ විශවාසය බව ජෙනරාල් ෆොන්සේකා ප්‍රකාශ කළ බව වාර්තා විය. එය සැබෑවක් නොවේවා යන්න අපේ පරම පිවිතුරු පැතුම වුවද, සිදු වන්නට යන්නේ එය වග දේශපාලනය ගැන උනන්දු බොහෝ දෙනෙකුට ඒත්තු ගොස් හමාරය.

සයිමන් නවගත්තේගමයන් විසින් රචිත “සුභ සහ යස” නාට්‍යයේ තැනෙක යසලාලක තිස්ස රජු මෙසේ කියයි. “සෙබලුන් යුද්ධ කරති, එහි ගෞරවය රජුන් ලබති“. ඒ කියමන සර්ව කාලීනය, එදා රට වෙනුවෙන් දිවිපිදු, අත්පා කැප කළ රණවිරුවන්, යුදවීරයන් අමතක කොට තිබේ. ඒ වෙනුවට දේශපාලන අධිකාරියක් ඒ සියළු ගෞරවය වැළැඳගෙන වැජඹෙන්නට උත්සාහ දරයි. අවාසනාවට රටේ බහුතර ජනතාව මේ අසාධාරණය දෙස නිසොල්මනේ අමානුෂික ලෙස බලා සිටී. එය එසේ වුවත් ආණ්ඩුව ජෙනරල් ෆොන්සේකාගෙන් කුමන තනාන්තරය උදුරා ගත්තද කෙලෙහිගුණය ඇති ලක්වැසියන්ට සෑමදාටම ඔහු ජාතියේ වීර සෙන්පතිඳුන් වනු ඇත.

මේ රට යන මාවත භයංකරය, ඒ ගමන වෙනස් කරන්නට දියසෙන් කුමරකු වඩින තුරු රටට අදරැති ලක්වැසි අප බලා සිටී. එසේ නොමැතිනම් ලක්මවට දෙයියන්ගේ පිහිට පැතීම හැර අන් සරණක් නොවනු ඇත. මේ ලියමන සුප්‍රකට කියමනකින් හමාර කිරීමට කැමැත්තෙමි.

“ලොකුම ඛේදවාචකය නරක මිනිසුන් නරක ක්‍රියා කිරීම නොව හොඳ මිනිසුන් නිහඬව සිටීමය”

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නිකිනි -

“CEPA”, “IIFA” සහ ඉන්දියානුකරණය
පහුණු සතිඅන්තයේදී ඉන්දියාවේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක් වන IIFA සම්මාන උළෙල ඇතුළු ඊට ඈඳුනු උත්සව කිහිපයක් මෙරටදී පැවැත්වුණි. ඉන්දියාවේ ප්‍රකට නළු නිළියන් කිහිප පලක් මෙන්ම ඉන්දීය සංචාරකයන් විශාල සංඛ්‍යාවක්ද මෙරටට පැමිණියහ. කටුනායක ගුවන්තොට, කොළඹට යා කරමින් සුඛෝපභෝගී දුම්රිය සේවයක් මේ නිමිත්තෙන් ආරම්භ කළ අතර අගනුවරද ශුද්ධ පවිත්‍ර කර වැඩිදියුණු කළ වග ආණ්ඩුවේ ලොකු ලොක්කන් කියති. ගෝලීයකරණයට ලක්වන ලෝකයේ මෙවැනි ජාත්‍යන්තර උළෙලවල් මෙරටදී පැවැත්වීම සැබැවින්ම හොඳය. IIFA උළෙලට සමගාමීව ඇතිවූ දෙස් විදෙස් අර්බුද බොහොමයක් අපට මාධ්‍යයෙන් අසන්නට ලැබුණත් මේ හරහා රටට යම් ධනාත්මක අවධානයක් ජාත්‍යන්තරයෙන් යොමු වූ බවට අප විශ්වාස කරමු. නමුත් සමාජයට පෙනෙන පැතිකඩ මෙය වුවත් සම්පූර්ණ රූපය ආණ්ඩුව හුවා දක්වන රූපයමද??

ජී.ඇල්.පීරිස් ඇමතිතුමා CEPA ගැන අදහස් දක්වමින්

ඒ පැත්තෙන් හින්දි සිනමාවට උමතුව සිටින ශ්‍රී ලාංකික ජනතාවට ජනප්‍රිය නළු නිළියන් පෙන්වන අතරේ මේ පැත්තෙන් CEPA (අවබෝධාත්මක ආර්ථික සහයෝගීතා ගිවිසුම) ගිවිසුම හරහා රජය ජනතාවගේ ඇස්වලට වැලි ගසන බව බොහෝ දේශීය ව්‍යවසායකයන්ගේ අදහසයි. සමහරෙක් කියනුයේ ලංකාවට IIFA ගෙන්න ගත්තේ CEPA ගිවිසුම අත්සන් කරන පොරොන්දුවෙන් බවයි. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් මේ දක්වා හෙළි වී නොමැති ගිවිසුම ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයට අවාසිදායකය යන්න පොදු පිළිගැනීමයි. ආණ්ඩු හිතෛෂී “දේශප්‍රේමී” ලේබල් තමා විසින්ම අලවා ගත්තවුන් කියන්නේ “මහින්ද මහත්තයා සීපා වලට අකමැති බවයි“. ඒත් ඊයේ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් මහතා කීවේ ජනාධිපතිතුමා සීපා ගිවිසුමට කැමැති බවත් ඊට ලක්වැසියන් කැමැති වනු ඇති බවත් ජනාධිපතිතුමා විශ්වාස කරන බවයි. එතකොට කාටද ජනාධිපතිතුමා බොරු කරන්නේ?? ආන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට පුළුවන් එතුමාටම පමණි.

මෑතදී ප්‍රකාශයට පත් කළ බදු සහනයන්ගෙන්ද ඉන්දියාවේ මරුටි වැනි සමාගම්වලට ඉලක්කගත සහන ලැබුණු බව ප්‍රත්‍යක්ෂය. මේ අතර CEPA හරහා සිදුවන්නෙ දෙරට අතර සේවා අංශයේ ආයෝජනයේ ඇති බාධාවන් ඉවත් කිරීමත් දෙරට අතර ආගමන විගමන තහංචි ලිහිල් කිරීමත්ය. වඩාත් පැහැදිලිව කියතොත් අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළෙඳ, ප්‍රවාහන ආදී සේවා ක්ෂේත්‍රයන්ට අවුත් ආයෝජනය කරන්නට ඉන්දියානුවන්ට හැකි වනු ඇත. අපටද එසේ ඉන්දියාවට යා හැකි බව ඔවුන්ගේ තර්කයයි, නමුත් ප්‍රාග්ධනය දුලභ ලාංකිකයන්ට ප්‍රායෝගිකව ඉන්දියාවේ ආයෝජනය කර සේවා සපයන්නෙක් වෙන්නට පුළුවන්ද?? මල්ටිකෙම් ආයතනයේ ප්‍රධානියකු පසුගියදා ලංකාදීපයට ලියූ ලියමනක සඳහන් වූයේ අද ක්‍රියාත්මක ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම පරිදි ලාංකේය නිෂ්පාදන පවා ඉන්දියාවට අපනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර බවත් ඊට ඉන්දියානුවන් අකුල් හෙලන බවත්ය. CEPA ගිවිසුම හරහා ඉන්දියාවෙන් දොස්තරවරුන්ට මෙරටට අවුත් බෙහෙත් කරන්නට, ගුරුවරුන්ට මෙහෙ අවුත් උගන්වන්නට, බාබර්වරුන්ට සැලුන් දමන්නට මෙන්ම ටේලර්වරුන්ටද ඇඳුම් සාප්පු දාන්නට ඉඩ හිමිවනු ඇතැයි යන්න බොහො විශ්ලේශකයන්ගේ මතයද වෙයි. ලාභ මිලට සේවා සැපයීම හරහා ඔවුන්ගෙන් පාරිභෝගිකයාට ලාභයක් සැලසුණද දේශීය ව්‍යාපාරිකයාට ඔවුන් හා තරඟ කිරීම අපහසු වී මහමග උරුම වනු ඇත. යුරෝපයේද මෙවැනිම ගිවිසුම් හරහා සිදු වූයේ එවැන්නකි. ජර්මනිය, ප්‍රංශය වැනි රටවල විරැකියාව වැඩි වීමට මූලික හේතුවක් වූයේ නැගෙනහිර සහ දක්ෂිණ යුරෝපයෙන් අඩු වේතනයන් සඳහා සේවකයන් පැමිණීමය. ඇමරිකා එක්සත් ජනපදයේද නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් විරැකියාවෙන් පෙළෙන්නන් ගණන ඉහළ යෑමට විශාල බලපෑමක් සිදු වී තිබේ. එසේ නම් මේ වෑයම ලංකාව තුලට ඉන්දියානුවන් ගෙන්වා ගෙන අපේ සේවකයන්, ව්‍යාපාරිකයන් මහමගට ඇද දැමීමටද?? 70, 80 දශකවල ලංකාවේ දියුණුව නුරුස්සමින් බෙදුම්වාදයට පණදුන් පාර්ශවයන්ගෙන් එවැනි ආර්ථික උගුලක් බලාපොරොත්තු වෙන්නට නොහැකිද??

මෙම බ්ලොග් ලිපිය කියැවූ යමෙකුට අපි ජාත්‍යන්තර වෙළඳාමට විරුද්ධ යැයි සිතෙන්නට පුළුවන. එවැන්නක් නැත. ඕනෑම රටකට ජාත්‍යන්තර වෙළඳාම අතිශය වැදගත්ය නමුත් එය දෙපාර්ශවයටම වාසි සහගත අයුරින් සිදුවිය යුතුය. එය එසේ නොවන්නේ නම් එවන් ගිවිසුම්වලින් ඵලක් නැත. ඉන්දියානුවන් කියනා හැටියට CEPA ගිවිසුම සකස් කර අවසන්ය, නමුත් තවමත් අරලිය ගහ මැදුරේ සේප්පුවට ඒ ලියැවිලි සිරවී ඇති හැඩය. ජනතාවට ගිවිසුමේ හොඳ නරක දැක සාකච්ඡා කරන්නට CEPA ගිවිසුමේ අන්තර්ගතය ජනතාවට ඉක්මනින්ම හෙළි කරන්නේ නම් මැනවි.

කෙසේ නමුදු මේ සියල්ල මධ්‍යයේ හාස්‍යයට කරුණ නම් දේශප්‍රේමීන් යැයි පෙනී සිටින, අධිරාජ්‍යවිරෝධීන් යැයි කියාගන්නා ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ මේ සියල්ලටම “හුරේ” දමමින් මුනිවත රැකීමයි. වෙනදා තමන්ට වෙන සුළු දේටත් “අධිරාජ්‍යාවදී කුමන්ත්‍රණ” කියා රට දෙවනත් කරන කටවල් අද CEPA හමුවේ, ඉන්දියාවෙන් හා චීනයෙන් යැපීමේ ප්‍රතිපත්තිය හමුවේ නිහඬ වී ඇත්තේ ඔවුන්ගේ සැබෑ ස්වරූපය රටටම පසක් කර දෙමිනි. මේ යන පාරේ ගියෝතින් ආසියාවේ ආර්ථික අධිරාජ්‍යයන් ගොඩ නගන්නට වෙර දරණ චීනය සහ ඉන්දියාව උවමනාවට වඩා අප රටට අත පොවනු ඇත. විදේශයන්ගෙන් රට සංවර්ධනයට සහය ලබා ගනීමේ වරදක් නැතත් හැම දෙයකටම රටවල් දෙකක් මත යැපීම රටටත් ජනතාවටත් හිතකර නොවන්නේය.

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 පොසොන් -

උපහාරය…
මීට වසරකට ඉහත සිදූවීම් මට හොඳින් මතකය. එදා සඳුදාවකි. උදෑසන සවන් වැකුණු පුවත අප සැමටම මහත් ප්‍රීතියක් දනවන්නක් විය. යුද්ධය හමාර වී ඇති බැව් ඒ පුවතයි. එම පුවත් එනවිට මා මගේ මිතුරන් හා සරසවියේ සිටි අතර සතර අතින් රතිඤ්ඤා හඬ ගිගුම් දෙන්නට විය. දේශන සියල්ල නැවැත්වුණු අතර “ගොඩ” කැන්ටිමට ගිය හැමෝටම කිරිබත් හා ලුණුමිරිස් සංග්‍රහ කරන්නට විය. සතුටින් ඉපිල ගිය අප රූපවාහිණියේ රූප රාමු මහත් ඕනෑකමින් නැරඹුවෙමු. දහවල් වෙද්දී ප්‍රභාකරන්ගේ මෘතශරීරය රූපවාහිණියේ පෙන්වන්නට විය. හතුරකුගේ මිනිය දෙස බලා වුවද සතුටු වීම නුසුදුසු වුවත් ප්‍රභාකරන්ගේ නිසල දේහය දැකීමෙන් අපි සැනසීමට පත්වූයේමු. අදට ඒ දිනයට වසරක් සපිරේ. මේ ලියමන ඒ නිමිත්තෙනි.

මේ සතිය රණවිරු උපහාර සතිය නමින් රජය විසින් නම් කරනු ලැබ තිබේ. එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානය කර වසරක් සපිරීම සැබැවින්ම පක්ෂ පාට, ජාති, ආගම් භේදයෙන් තොරව ශ්‍රී ලාංකික අප සැමටම මහත් සන්තෝෂයට කාරණාවකි. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වන අප එහි කෘතවේදීත්වය අපේ රණවිරුවන්ට හදබැතින් පිරිනැමිය යුතුය. එය සතියකට පමණක් සීමා විය යුතු නැතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ කෙසේ වෙතත් ජාතික වීර දිනය එළැඹෙන, සංග්‍රාමික විජයග්‍රහණයේ වර්ෂපූර්ණය සැමරෙන රණවිරු සතියේදී ඉහත කී විජයග්‍රහණයේ ප්‍රමුඛයා සිරගතව සිටීම සැබැවින්ම කණගාටුවට කරුණකි.

රණවිරු උපහාර සතිය වන මෙම සතියේදී සැබැවින්ම උපහාර ලබන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි. උපහාර උළෙලේදී සිදුවන්නේ ජනතාව රණවිරුවන්ට උපහාර දක්වනවාට වඩා රණවිරුවන් පෙළපාලියේ ගොස් දේශපාලනඥයින්ට “සැලූට්” ගසා උපහාර දැක්වීම නොවන්නේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. එය එසේ කීමෙන් දේශපාලන නායකත්වය යුද ජයග්‍රහණයට දැක්වූ දායකත්වය අවතක්සේරු කිරීමක් අදහස් නොකරමි. එහෙත් සැබැවින්ම තම දිවි පරදුවට තබා යුද කළ සෙබළුන්ට උපහාර කිරීම මීට වඩා ප්‍රායෝගිකව සිදු විය යුතුය. ඔවුන්ගේ වේතනයන් හා ඔවුන්ගේ ප්‍රතිලාභයන් සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන අයුරින් ශක්තිමත් කර යුතුව ඇත. ඉපලෝගම වන් අසාර්ථක නිවාස ව්‍යාපෘතියකට වඩා ප්‍රායෝගික ලෙස ඔවුන්ගේ නිවාස, ඉඩකඩම් සහ වෙනත් ප්‍රශ්න විසඳිය යුතුව ඇත. රට වෙනුවෙන් දිවිපිදූ රණැවිරුවන්ගේ මාපියන්ට, දරුදැරියන්ට, බිරින්දෑවරුන්ට හිමිවන මරණ පාරිතෝෂිකය ආදීන් ඉහළ දැමිය යුතුය. එවන් පවුල්වල අනාගත සුබසිද්ධිය සැලසිය යුතුය.

ජෙනරල් ෆොන්සේකා

කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යුද ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ විජයග්‍රහණයේ වර්ෂපූර්ණය නිමිත්තෙන් නිදහස් කර ඔහුට ලබාදිය යුතු කෘතවේදීත්වය ලබාදෙනු ඇතැයි අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරමු. මක්නිසාදයත් යුද්ධයේ නියමුවා සිරගතව සිටියදී යුද ජය සැමරීම ලැජ්ජාවට කාරණාවක් නිසා. මාධ්‍ය දිනය නිමිත්තෙන් තිස්සනායගම් මහතා නිදහස් කළා සේ රණවිරු සතිය නිමිත්තෙන් සරත් ෆොන්සේකා සෙන්පතිඳුන් නිදහස් කරන ලෙස අපි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලා සිටිමු, එය මහින්ද රාජපක්ෂ මහතාටත්, රජයටත් රණවිරුවන්ට කළ හැකි උතුම්ම උපහාරයයි…!!!

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වෙසඟ -

සන්ධානයේ ආර්ථික කෙරුවාව සහ තිත්ත ඇත්ත
Click here to get Sinhala Unicode.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පොරොන්දු දුන්නේ තමුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඔවුන් මෙසිරිලක ආසියාවේ ආශ්චර්ය බවට පරිවර්තනය කර අපේ ජනතාවට සුබ අනාගතයක් සලසන බවයි. එම ප්‍රතිඥාව ඉතා ආකර්ෂණීය එකක් වන නමුත් මෙය යථාර්ථයක් වනු ඇතිද යන්න අප කවුරුත් මහත් ඕනෑකමින් බලා සිටිමු.

පසුගිය වසරේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ පැවැති රණවිරු උපහාර රැලිය අමතමින් ජනාධිපතිතුමාද පවසා සිටියේ දැන් යුද්ධයට මුවාවී රටේ සංවර්ධන ක්‍රියාවලියෙන් සහ ආර්ථික ප්‍රගමණයෙන් බැහැර වීමට ආණ්ඩුවට අවකාශයක් නොමැති බවයි. මෙතෙක් කල් යුද්ධය පෙරැටු කැර ගනිමින් ආර්ථිකය කාබාසිනියා කළ සන්ධාන ආණ්ඩුවට මෙය ලේසි පහසු කාර්යයක් නොවනු ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආර්ථික භාවිතයේ පෙන්වා ඇති දුර්වලතාවය ආණ්ඩුව හමුවේ ඇති අභියෝගයේ තරම මැනැවින් විදහා දක්වයි. යුද්ධය නිමාවී එළැඹෙන සතියේදී වසරක් ගෙවී යනමුත් සුවිසාල ආර්ථික පරිවර්තනයක් අපේක්ෂිත පරිදි දැකගන්නට ලැබී නැත. මෙම ලිපියෙන් ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ සහ එහි අඩුපාඩු විශ්ලේෂණය කිරීමට අදහස් කරමි.

පසුගිය වසරේ රජයේ ආදායම රුපියල් කෝටි 72,000ක් වෙද්දී, ණය වාරික සහ පොලිය සඳහා පමණක් රජයට රුපියල් කෝටි 82,000ක් වැය කරන්නට සිදුවිය. ඒ අනුව අපේ රටේ ණය වියදම් පියවීමට තරම්වත් ආදායමක් රජය සතුව නැත. ඉන් ඔබ්බට යමින් රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, ප්‍රවාහනය ආදී කටයුතු සහ සේවක වැටුප් ගෙවීම් ආදී මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා රට තුල මුදල් ඉපැයෙන්නේ නැත. මේ සියල්ල සාක්ෂාත්කරගැන්මට පිටරට බැංකුවලින් ඉහළ පොලියට ණය පිට ණය ගැනීමට රජය පෙළඹ තිබෙන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙළට ආධාර දෙන සංවිධාන හෝ රටවල් ආධාර දීමට එතරම් කැමැත්තක් නොදක්වන නිසාය.

අනෙක් අතට රාජ්‍ය ආයතන බොහෝමයක් දුවනුයේ පාඩු පිටය. ඒවායේ මෙහෙයුම් අලාභයන් ඉතාමත්ම අධික වන අතර මේ අලාභයන් අවසානයේදී දරන්නට සිදුවන්නේ රටේ මහජනතාව වන අපටමය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු හෝ සමාජවාදියකු ලාභයට වඩා සේවය උතුම් යන තර්කය ඉදිරිපත් කරනු ඇත. එහි යම්කිසි ඇත්තක් තිබුණද එම රාජ්‍ය ආයතන මතුවටත් ජනතාවට සේවය කිරීමට නම් ඒවා මහා භාණ්ඩාගාරයටත් ජනතාවටත් බරක් නොවී ලාභ ඉපැයිය යුතුය. නැතිනම් අවසානයේදී මේ බර දැරීමට සිදුවන්නේ බදු ගෙවන්නන් වන අපටමය. 2009දී විට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 7.4ක් පාඩු ලභා ඇත. ලංකා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් 12.3ක අලාභයක් පසුගිය වසරේදී වාර්තා කරගත්තේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට නොදෙවෙනි රුපියල් බිලියන 12.2ක අලාභයක් 2009 වසරේදී වාර්තා කරගෙන තිබේ. එමිරේට්ස් සමාගමේ පාලනාධිකාරිය යටතේ පැවැති යුගයේ මධ්‍ය ආසියාවේ විශිෂ්ටතම ගුවන් සමාගමට හිමි ගෞරවය පිට පිට දිනාගත් එම ගුවන් සේවය අද මේ තරම් දුර්ධාන්ත තත්ත්වයකට පත්වූයේ කාගේ වරදින්ද යන වග සැබෑ ප්‍රශ්නයකි. තත්ත්වය එසේ තිබියදීත් එමිරේට්ස් සමාගම සතුව ඇති 43%ක කොටස් යළිත් මිලයට ගැනීම අපේ රට මතත් භාණ්ඩාගාරය මතත් අනවශ්‍ය බර පැටවීමක් නොවන්නේද? මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) ඔවුන්ට රජයෙන් පිරිනැමෙන සහනාධාර ඇතුළුව රුපියල් බිලියන 9.3ක අලාභයක් වාර්තා කරගෙන තිබෙන අතර රේල්ලුව රුපියල් බිලියන 4.8ක් පාඩු ලබා ඇත. මේ ප්‍රවාහන ආයතන දෙක ජනතාවට ඉතාමත් අස්වැසිල්ලක් වුවත් ඒවා තුල සිදුවන අක්‍රමිකතා සහ අයහපත් කළමණාකරණය මෙම සේවාවන්හී පරිහානියට හේතුවී තිබේ. සමස්ථයක් වශයෙන් ශ්‍රීලංගම සහ රේල්ලුව යන දෙකෙහිම සේවා තත්ත්වය පහළ බැස තිබෙන බව ඕනෑම මගියකු එක හඬින් පවසනු නොඅනුමානය. වෙනස් වන ලෝකය සමඟ වෙනස් වීමට අපොහොසත් වූ තැපැල් සේවය 2009දී රුපියල් බිලියන 2.4ක් පාඩු ලබා ඇති අතර වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ප්‍රධාන විධායක නිලධාරීව සිටි මිහින් ලංකා ගුවන් සමාගම මෙම වසරේ රුපියල් මිලියන 930ක් පාඩු ලබා තිබේ. මේ ආයතන සමූහය නිසා පමණක් ආණ්ඩුවට රුපියල් බිලියන 50කට ආසන්න ප්‍රමාණයක් පාඩු වී ඇති අතර මෙම තත්ත්වය ඉතා කණගාටුදායක වාතාවරණයකි.

මේ අතර පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ලබාගැනීමේදී රජය එකඟ වූ එක පොරොන්දුවක් නම් අයවැය හිඟය පසුගිය වසරේ 7% සීමාව තුලත් මේ වසරේ 5%ක අගයකත් පවත්වා ගන්නා බවයි. නමුත් දැනට නිකුතු වී ඇති වාර්තා අනුව පසුගිය වසරේ අයවැය හිඟය 11%ක් පමණ වන බවත් මේ වසරේදී එය 15.75% (2009 වසරට සාපේක්ෂව) දක්වා වැඩි වනු ඇති බවත්ය. මෙය ඉතාමත්ම ගැටළු සහගත තත්ත්වයකි. අනෙක් අතට රටේ වෙළඳ ශේෂයද ඉතා විශාල අගයකින් ඉහළ ගොස් ඇත. GSP+ සහනය අහිමි වීමත් සමඟ ඇඟලුම් අපනයන ප්‍රමාණය 18%කින් පහළ බැසීම ඊට එක් හේතුවක් වුවත් ආණ්ඩුව කියන්නෙ GSP+ තිබුණත් එකයි නැතත් එකයි කියලාය, එසේ පුරාජේරු දොඩවමින් ලොකු ලොක්කන් බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට යවති. 2010 පෙබරවාරි වන විට වෙළඳ ශේෂය ඇමරිකානු ඩොලර් මිලියන 344ක් විය. අප රටට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. “අපි වවමු – රට නගමු” කියා රජය පුරාජේරු දෙඩුවද සාටකයේ පැහැය එන කුරුක්කන් ඇටයේ සිට සහල් ඇටය දක්වා පිටරටින් නිර්ලජ්ජිත ලෙස ආනයන කරන්නට රජය ක්‍රියා කරයි. ඇඹිලිපිටියේ කෙසෙල් ගොවියා, බිබිල දොඩම් ගොවියා අනේකවිධ දුක් කම්කටොළු විඳිද්දී පිටරටින් ගෙනෙන කෙසෙල්, නාරං මහමග අඩු මිලට අලෙවි වේ. ඉතින් එහෙව් වටපිටාවක කෘෂි ආර්ථික ගැන පම්පෝරි ගැසීමම විහිළුවකි. එක්සත් ජාතික පක්ෂය අවසන් වරට ආණ්ඩු කළ සමයේ රට සහලින් ස්වයංපෝෂිත වූ බව කවුරුත් දනිති, ඒ රටින් යම් කොටසක් කොටින්ගේ අණසකට යටත්ව තිබියදීය, නමුත් අද සමස්ථ රටම ආණ්ඩුවේ අණසක යටතේ පැවතියද අපට සහල් පරිභෝජනය සඳහා මියැන්මාරය වැනි රටවල් මත යැපීමට සිදුවීම කෙතරම් සෝචනීයද? ආණ්ඩුව කියන්නේ එකකි, කරන්නේ හාත්පස වෙනත් දෙයකි, දේශීය කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවා ගොඩ නගනවා යැයි මැත දොඩවන ආණ්ඩුවට රටේ නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය නිසි පරිදි නිපද්දවා අනවශ්‍ය ආනයන සීමා කිරීමට නොහැකි වීම ලැජ්ජාවට කරුණකි. මේ අතර ඉන්දියාවට හිතකර වන අයුරුන් CEPA නමින් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමටද ආණ්ඩුව තුල තැතක් පවතී. ජාත්‍යන්තර වෙළඳාම හොඳ දෙයක් වුවත් එහි නියමිත නියාමනය නොමැති වීම උගහටය. මෙහෙව් තත්ත්වයක් තුල අපේ ව්‍යාපාරික ප්‍රජාවට අවිනිශ්චිතතාවයේ වියගහ උරුම වීම පුදුමයක් නොවේ.

කැබිනට් සංශෝධනය ගැන දාස හපුවලානගේ කාටූනය

යුද්ධය නැතිවීමත් සමඟ රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩිවන බව නොඅනුමානය. ඒ අනුව සැලකිය මනා සංවර්ධනයක් සිදුවනු ඇතත් වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හරහා මීට වඩා තීව්‍ර සංවර්ධනයක් කරා පා තැබීමට අපට හැකියාව හිමිවනු ඇත. මහ බැංකුව මේ වසරට 6.5%ක වර්ධනයක් අපේක්ෂා කරන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අගය 5.5%ක් වනු ඇති බවත් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීම නිසා රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවනු ඇති බවත් පුරෝකථනය කර ඇත. කවුරුන් හරිද, කවුරුන් වැරදිද යන්න අපි නුදුරේදීම දැන ගනු ඇත.

මේ අතර පසුගිය මස සිදුවූ කැබිනට් ඔලුගෙඩි මාරුවෙන් ඉක්බිතිව එක් එක් ඇමැතිවරයා කියන්නේ තමුන්ගේ අමාත්‍යාංශය කලියෙන් දූෂිත බව හෝ යම් දොසක් ඇති බවයි. එසේ කියා ඔවුන් අලුත් දෑ කරන්නට ප්‍රතිඥා දෙති. වසර ගණනක් ඇමැති පදවි දැරූ අයවලුන්ගෙන් ක්ෂණිකව ආසියාවේ ආශ්චර්ය බලාපොරොත්තු විය හැකිද??

අද අපේ රටේ සමහරුන් පාලම්, බෝක්කු, කොන්ක්‍රීට් පාරවල්, ගුවන් පාලම්, අධිවේගී පාරවල්, වරායවල් පෙන්වා මෙන්න සංවර්ධනය කියා සතුටු වෙමින් ජනාධිපතිතුමාටත් රජයටත් සහය පල කරති, ආවඩති. ඔවුන්ගේ අවධානය දකුණු ඇමරිකානු රටවල් වෙත යොමු කරන්නේ නම් මැනවි. බ්‍රසීලය, ආජන්ටීනාව වැනි රටවල අතිවිශිෂ්ට ප්‍රවාහන පද්ධතියක් සහ යටිතල පහසුකම් පැවතියද ඒ රටවල් දියුණු නැත. ලොව පුළුල්තම පාරවල් ඇති ආජන්ටීනාව ආර්ථික වශයෙන් මීට වසර කිහිපයකට පෙර බිංදුවටම වැටුණි, බ්‍රසීලයේද පහසුකම් ඉහළ තත්ත්වයක් තිබුණද එහි වෙසෙන දුප්පත් ජනගහනය ඉතා ඉහළය. අපේ ශ්‍රී ලාංකික ඡන්දදායකයින් මේ කිසිවක් දන්නේ නැත, ඔවුන්ට මේවා උවමනාද නැත, ඔවුන් දේශපාලනික වශයෙන් පහසුවෙන්ම මුලා කර හැකිය, ගමේ පාරක් හැදූ පමණින් අපේක්ෂකයෝ පාර්ලිමේන්තු යවන මෙහෙව් රටේ, ඇඟට දනෙන්නට කතා කළ පමණින් මනාප දෙන මෙහෙව් රටේ සැබෑ සංවර්ධනය උදා කරගන්නට නම් ඡන්දදායකයින් සියල්ලෝම රාමුවෙන් පිට පැන බුද්ධිමත්ව රට ලෝකය දෙස බැලීම මැනවි. සංවර්ධනය යනු යටිතල පහසුකම්වල සංවර්ධනය පමණක්ම නොවන වග අප තේරුම් ගත යුතුය.

ඉඳින් මේ රට ආර්ථිකමය වශයෙන් ගමන් ගන්නා මග නිවැරදිද නැද්ද යන්න ගැටළු සහගතය. නිවැරදි නම් අප කාටත් සතුටු වන්නට පුළුවන නමුත් වැරැදි නම් කරන්නට දෙයක් නැත, මක්නිසාදයත් එය බහුතරයේ කැමැත්තත්, සැමගේ කරුමයක් වන හෙයිනි.

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වෙසඟ -

පොදුජන විශ්වාසය දිනූ ප්‍රේමදාස
ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 17කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අපට අපේ රටේ ඉතිහාසය බොහෝ දුරට දැනගන්නට ලැබෙන්නේ වංශ කතාවලිනි. අපේ ඉතිහාසය ගැන කියවන විට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, අපේ රට සමෘද්ධියට පත්වූ සෑම අවධියකම, ඒ යුගවල රට පාලනය කළ පාලකයන් හා ජනතාව අතර තිබූ අන්‍යෝන්‍ය විශ්වාසයයි. ඒ විශ්වාසය මවුබිමේ සමෘද්ධියට පදනම වූ බව ඉතිහාසය අපට පෙන්වා දෙයි.

කොළඹ අලුත්කඩේ සාන්ත බස්තියමෙන් ජනාධිපති පුටුවට ගිය ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ දේශපාලන ගමනත්, විශ්වාසය පිළිබඳ කතාන්දරයක් ලෙස මම දකිමි.

නිදහසේ උදාවෙන් පසු ජනාධිපතිවීම දක්වා, මේ රටේ පළමු පුරවැසි තනතුරට පත්වූ සියලු දෙනාම පැමිණි පසුබිමට වඩා වෙනත් පසුබිමකින් ප්‍රේමදාස මැතිඳුන් ඒ ස්ථානයට ආවේය. ඒ සඳහා ශිෂ්‍ය අවධියේ පටන් ළමා සමාජ, අමද්‍යප සංගම්, සුචරිත ව්‍යාපාරය ආදී විවිධ ක්ෂේත්‍ර තුළ තම හැසිරීම තුළින් ජනතා විශ්වාසය ගොඩනගා ගන්නට ඔහු සමත්විය.

ඔහු මේ විශ්වාසය ගොඩනගා ගත්තේ හුදු වචනවලින්ම නොවේ ක්‍රියාවෙන්, හැසිරීමෙන්, දේශපාලනඥයකු වූ ඔහු, එදා සිටි සමකාලීන දේශපාලනඥයින්ට වඩා ඉදිරියෙන් යමක් කරන්නට උත්සාහ කළේය. ජනතාව ශක්තිමත් කරන්නට අවශ්‍ය දෑ යුහුසුළුව කර දෙන්නට ඔහු ක්‍රියාශීලී විය.

“හඬක් නගන්නට බැරි මිනිසුන්ගේ හඬ බවට” විශ්වාසය ගොඩනගා ගන්නට ඔහුට පුළුවන් විය.

“යටකළ මහ වගුරු බිමකි

එහි නැග එන නව නුවරකි”

මාළිගාවත්ත නව උදාව, ඔහු පිළිබඳ විශ්වාසය තවත් තහවුරු කරන්නක් විය.

“පූට්ටු ගෙවල් – පූට්ටු පාලම්” ඔහුගේ නිර්මාණශීලී ක්‍රියාකාරීත්වය පිළිබඳව, රටටම විශ්වාසය දනවන පණිවිඩයක් ලබා දුන්නේය.

නිවාස ඇමතිකම කරන විට මුදල් මදිවීම, ඔහු වැඩ කල් දැමීමට හේතුවක් කර ගත්තේ නැත. රු.7,500යෙන් නිවාස ලක්ෂය හදන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කළේය. දේශපාලනඥයෝ, නිලධාරීහූ ආරම්භයේදී මේ ගැන පුදුම වූහ. ඒත් ඔහු වැඩට බැස්සේය.

ජනතාවගේ සැඟවුණු ශක්තිය මේ වැඩපිළිවෙළ තුළින් ඔහු එළියට ගත්තේය. මිනිසුන්ගේ ආත්ම විශ්වාසය ඔහු මතුකර ගත්තේය. ගෙවල් හැදුවේ මිනිස්සුය. ආණ්ඩුව කළේ ඔවුන් දිරිගැන්වීමය. අත්තිවාරම දමා ඉවර වූ විට රු. 2,500ක් දුන්නේය. බිත්ති ඉස්සුවාම තවත් රු. 2,500ක් දුන්නේය. වහල දැමීමට ඉතුරු රු. 2,500ක් ලබාදුනි. නිවාස අධිකාරියේ නිලධාරීහූ අවශ්‍ය මග පෙන්වීමත්, උනන්දු කිරීමත් කළහ. බොහෝ දුරට ගමේ අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත්තේය. මේ දිරි ගැන්වීම් නිසා, රට පුරා ලෑලි ගෙවල්, පොල් අතු ගෙවල් වෙනස් වෙන්නට පටන් ගත්තේය.

ජනතාවගේ සැඟවුණු ශක්තිය එළියට ගන්නට විශ්වාසය දනවන අයුරින් කවියකු වූ ප්‍රේමදාස මැතිඳුන් ලිවූ කවියක් මගේ මතකයට එයි.

“දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි      පුතේ

සීගිරි ගලේ කව් ලිව්වේ නුඹයි           පුතේ

නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි   පුතේ

පැදුරේ මෙදා නිදියන්නෙත් නුඹයි    පුතේ”

ඊළඟට නිවාස දසලක්ෂයේ වැඩපිළිවෙළ ඔහු ප්‍රකාශයට පත් කළාම, ජනතාව එය විශ්වාස කළහ. මේ වැඩපිළිවෙළ ගැන මුලින් සැක කළ නිලධාරීන් පවා, පසුව විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ දායකත්වය දෙන්නට පටන් ගත්තේය. රටපුරාම දේශපාලනඥයන්, නිලධාරීන් සහ ජනතාව තම තමන්ගේ ප්‍රදේශවල  ආදර්ශ ගම්මාන, උදාකළ ගම්මාන, නාගරික පුරවර හදන්නට තරඟෙට ඉදිරිපත් වෙන්නට පටන් ගත්හ.

ඔහුගේ ආදර්ශ ගම්මානයන්, උදාකළ ගම්මානයන් විවෘත කරන විට එය හුදු නිවාස වැඩපිළිවෙළක් පමණක්ම වූයේ නැත. මාර්ග, ගෙවතු, විදුලිය, පානීය ජලය, ආගමික මධ්‍යස්ථාන ආදී වශයෙන් හැම අතකින්ම ජනතාව ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් ඒ සමඟ ක්‍රියාත්මක විය.

ගම ඉලක්ක කරගත් වැඩපිළිවෙළකට පසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ඉලක්ක කරගෙන “ප්‍රාදේශීය ගම් උදාව” වැඩසටහන ඔහු පටන් ගත්තේය. ඒ සමගින් දස සති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. මාර්ග සතිය, කෘෂිකර්ම සතිය, අධ්‍යාපන සතිය, ක්‍රීඩා සතිය, සෞඛ්‍ය සතිය, නිවාස සතිය ආදී වශයෙනි.

“දිළිඳුකම පිටුදැකීම” අපේ දේශපාලන ශබ්ද කෝෂයට හඳුන්වා දුන්නේ ප්‍රේමදාස මතිතුමාය.

එතුමන්ගේ ජනසවිය වැඩපිළිවෙළත්, විශ්වාසය පදනම් කරගත් වැඩපිළිවෙළක් විය. අවුරුදු දෙකක කාලයකට රු. 2,500 බැගින් මාස්පතා ලබාදීම සහ අවුරුදු දෙකකින් පසු ඔවුන් රැකියා මාර්ගවලට යොමු කිරීම එහි ඉලක්කය විය. සුභසාධක මානසිකත්වයෙන් ඉවත්කර, තම ශක්තියෙන් ගොඩ ඒමට විශ්වාසය ලබාදීම එහි අරමුණ විය. ජනසවිය වැඩපිළිවෙළට පක්ෂභේද හෝ නිල්ධාරීවාදය තිබුණේ නැත. ඔවුන් තෝරා ගැනීම්, ක්‍රියාත්මක කිරීම්, සියල්ල සිදු කෙරුණේ ප්‍රජාවගේ මැදිහත්වීමෙන් සහ විනිවිද පෙනෙන අයුරිනි. මේ සියලු ක්‍රියාදාමයකට පසුබිම් වූ ප්‍රේමාදාසයන්ගේ දැක්ම අවබෝධ කරගත හැකි කවියක් ඔහුගේ “රස කවි සිතුවිලි” කවි පොතින් උපුටා දක්වනු කැමැත්තෙමි.

“මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව    මත

වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ               නැත

එම වස්තුවම රැකගන්නට යෙදවු                සිත

රන් මිණි මුතුද ඔවුනගෙ දහදියෙහි            ඇත”

“විශ්වාසා පරමා ඥාතී” බුදු වදනට අනුව යමින් එතුමාගේ සෑම ගම්උදා උත්සවයකදීම අනිවාර්ය ගීතය වූයේ විශ්වාසයේ ගීතයයි.

“මට ඔබ විශ්වාසයි

ඔබ මට විශ්වාසයි”

ගීතයකට වඩා ඔබ්බට ගිය දර්ශනයක් ඒ තුළින් ජනතාවට ඉදිරිපත් කෙරුණා. ඔහු ජනතා විඤ්ඤානය හොඳින් තේරුම් ගත් නායකයෙකු විය.

සාර්ථක නායකයකු ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු වේ. තමන් බලය දරන්නට සුදුසු බවටත්, තමන් දෙන තීරණ ගැනත්, තමන්ගේ හැසිරීම ගැනත්, තමන් තුළ ඇති නායකත්ව ගුණාංග ගැනත්, ජනතාව තුළ විශ්වාසය ඇති කරගත් නොහැකි නම්, වෙන කුමන සුදුසුකම් තිබුණද ඉන් පලක් නැත.

ඒ විශ්වාසය ශක්තිමත්ව ගොඩනගා ගත් නිසාම සාම්ප්‍රදායිකව රටේ නායකත්වය සඳහා තිබූ පංති සීමාවන් සහ කුල සීමාවන්, ඉතිහාසයේ ප්‍රථම වරට ජයගැන්මට ප්‍රේමදාස මැතිතුමන් සමත් විය. එතුමන් ශ්‍රී ලංකාවේ ජනපති ලෙස තේරී පත්වීම සැබවින්ම අපේ දේශපාලන ඉතිහාසයේ මහා විප්ලවයක් ලෙසින්ම හැඳින්වීම නිවැරදිය.

මේ ගමනේදී මතුවූ නින්දා, අපහාස, අවලාද කොතෙකුත් ඔහු විඳ දරා ගත්තේය. සතුරු බලවේග, මිත්‍ර බලවේග බවට පත්කර ගන්නට ඔහු පොහොසත් විය. දුර දැක්මෙන් හා කල්පනාකාරීව ඔහු පැමිණි ගමන, තමන්ගෙන් පසු එම ස්ථානයට පැමිණීමට අප සමාජයේ පුංචි මිනිසුනට දොර විවෘත කරදුන් ගමනක්ම විය.

1988දී ඔහුගේ ජනපති සටනේ ප්‍රධාන රැස්වීම් මාලාව ඇරඹුනේ මහනුවරිනි. එම මංගල රැස්වීමේ පටන්, සියලු ප්‍රධාන රැස්වීම්වල කතා පැවැත්වීම, එතුමා මට පවරා තිබුණි. එවකට දේශපාලනයේ කණිෂ්ඨයකු වූ මට, මේ අවස්ථාව ලබාදීම අනපේක්ෂිත වූවකි.

එම රැස්වීම් මාලාවේදී, මම එදා වසර 25කට පෙර (1963දී) ලින්කන් සිහිවටනය ඉදිරිපිට, මාටින් ලූතර් කිං පැවැත්වූ “I have a dream” හෙවත් “මට සිහිනයක් ඇත” කතාව සිහිපත් කළෙමි. ප්‍රේමදාස මැතිඳුන්ගේ ජනපති සටනට, අප අද දායක වන්නේ එවන් සිහිනයක් අපේ සිත්වල දරාගෙන බව මම එදා පැවසුවෙමි.

සැබැවින්ම ඔහුගේ ජනපති පදවි ප්‍රාපතිය සමඟ ඇරඹුණේ ඒ සිහින සැබෑවන ගමනකි.

සෑම දිනකම හිමිදිරියේ සුචරිතයේදී රටේ ඕනෑම පුරවැසියකුට ඔහු හමුවිය හැකිවිය. සෑම සති අන්තයකම රට පුරා යාමේදී, ජනහමුවලදී, ජනතාව තම දුක් ගැනවිලි ගැන සිය ගණනින් ලිපි ඔහුට බාර දෙති. ඒ ලොකු විශ්වාසයකිනි. පිළිතුරු සති දෙකක් ඇතුළත ලැබෙන බව ඔවුහූ විශ්වාසයෙන් දනිති. පුවත්පතක, කෙනෙකුගේ දුකක්, වේදනාවක් ඇස ගැටුනොත්, එතැනට නිලධාරීන් යැවිණ. විසඳුම් ලැබිණ. ඔහුගේ දේශපාලනය හෘදයාංගම වූ එකකි. ඔහුට එහිලා අරමුණක් තිබිණ. අධිෂ්ඨානයක් තිබිණ. පහත දැක්වෙන්නේ එය කවියෙන් එළි දැක්වුන අවස්ථාවකි.

“වැලි ඇටයයි පුතේ මහ කතරේ      බලය

දිය බිඳුවයි දුවේ සාගරයේ                බලය

මව්බිම දෙව් බිමක් කරගත හැකි     බලය

පොදුජන සැපත හැදුමයි අප සතු     බලය”

එතුමන්ගේ ජාත්‍යන්තර සබඳතාද, ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගැනිණ. අටවන නොබැඳි සමුළුවේදී ඔහු පැවැත්වූ කතාවක් මෙහිදී මගේ සිහියට නැගේ.

“නොබැඳි ව්‍යාපාරය අවුරුදු 25ක් පුරාම වර්ගවාදයේ ආදීනව ගැන ලෝකයාගේ අවධානය යොමුකර තිබේ. මිනිසුන්ගේ හමේ පාට, මිනිසුන්ගේ වටිනාකම මණින මිනුම් දණ්ඩක් ලෙස පිළිගන්නා අය අද ඉන්නවා නම් ඇත්තේ බොහොම ටික දෙනයි. අප්‍රිකාවේ සහෝදරයන්ට මේ වර්ගවාදී වෙනස්කම්වලින් මහත් සිත් වේදනාවක් ඇතිවී තිබේ. ඒ තත්ත්වය වෙනස් කරන්නට, ඔවුන් මේ හිරිහැරවලින් මුදවා ගන්නට උපකාර වන පියවර අප්‍රමාදව ගන්නැයි කියා සමස්ත ලෝක ප්‍රජාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ අරගලයේදීත්, දුකේදීත්, අප ඔවුන් සමග සිටිනවා.”

ප්‍රේමදාස මැතිතුමන් යටත්විජිතවාදයට, වර්ගවාදයට, විරුද්ධව පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටියේය. නොබැඳි ප්‍රතිපත්තියක සිටිමින්, ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ඔහු අවධියෙන් හා ක්‍රියාශීලීව කටයුතු කළේය. දකුණු අප්‍රිකානු ප්‍රශ්නයේදීත්, පලස්තීනය පිළිබඳ ප්‍රශ්නයේදීත්, යටත්විජිත පාලනයට සහ වර්ගවාදී වෙනස්කම්වලය එරෙහිව, ඒ රටවල් ජනතාව කරන සාධාරණ අරගලයන් සඳහා ඔහු ක්‍රියාශීලීව සහයෝගය දුන්නේය. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය “මධ්‍යස්ථව බලා ඉඳීම නොව නොබැඳිව නිවැරදි දෙය වෙනුවෙන් ක්‍රියාශීලී වීම” බව පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හුදු ඡන්ද පැවැත්වීම පමණක්ම නොවන බව ඇදහූ ප්‍රේමදාස මැතිතුමන්, ඒ අයගේ ජීවිතවලට බලපාන තීරණ ගැන්ම, දේශපාලනඥයින්ට පමණක් බාර නොදී ඒ සඳහා ජනතාව සහභාගී කර ගන්නට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තේය. පක්ෂ භේදයෙන් තොරව තෝරාගන්නා ග්‍රාමෝදය මණ්ඩල, ප්‍රජාව මගින් දිළිඳු බව හඳුනා ගත්තේය. ජනසවිය ක්‍රමය, ගම් පහළොස්දහස (15000) සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ සඳහා හොඳ නිදසුන් වේ.

වරෙක මේ පිළිබඳව එතුමන් කළ ප්‍රකාශයන් මෙහිලා දක්වනු කැමැත්තෙමි.

“ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කරල තියන විදියට, හුදෙක් ඡන්ද පැවැත්වීම යයි මම අදහස් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම එහි අවම අභිප්‍රාය තමයි ඡන්ද පැවැත්වීම. ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක වන්නට නම් ජනතාවගෙන් හැකිතරම් විශාල සංඛ්‍යාවකට අපි අවස්ථාව ලබා දෙන්නට ඕනෑ. ඒ අයගේ ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ කටයුත්තට සහභාගී වන්නට, ගම් දනව්වල සිටින නිහඳ ජනතාවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල විධිවිධානවලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට බැහැ. ඒ සඳහා මනා අවබෝධයක් ඇති ජනතාවක්ද සිටින්නට ඕනෑ.”

අපේ දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ මෙන්ම අපේ පාලකයන් ප්‍රේමදාස චින්තනය නිවැරදිව කියවිය යුතුව ඇත. අගතිගාමී නොවී, උපේක්ෂාවෙන් ඒ දෙස හැරී බැලිය යුතුව ඇත. මේ ඒ සඳහා සුදුසුම වකවානුවක් යයි මම සිතන්නෙමි.

ජනතාවට ආදරය කළ, පෙරලා ජනතාව ආදරය කළ ඒ පොදු ජනතා නායකයාණන්ගේ ප්‍රකාශ ඇතුළත් “ප්‍රේමදාස චින්තනය” පොතේ පෙරවදනට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලියූ සඳහනක් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.

“ඔහුගේ චින්තනයේ මූලික අංග අඩංගුවන මෙම පොත, කටුක ඉදිරි අරගල මාවතේ අපේ නිරන්තර සහායකයා හා මග පෙන්වන්නා වනු ඇත. එම දාර්ශනික දේශපාලනඥයාගේ චින්තනයේ ගැඹුරු බව හා සමකළ හැක්කේ, ඔහු ජනතාවට දැක්වූ කරුණාවේ අව්‍යාජත්වය පමණි.”

මේ “”කරුණාවේ අව්‍යාජත්වය” ප්‍රේමදාසයන්ගේ කවියකින් එළිදැක්වුණු අයුරු උපුටා දක්වා මම ලිපිය සමාප්ත කරනු කැමැත්තෙමි.

“මහජනයාට යුතුකම් ඉටු          කරන්නට

පසුබට නොවෙමි මා සිටියත් පියුම්      පිට

ඔවුනගෙ දෙපා යට ඔවුනට පෙනෙන්නට

දූවිලි පොදක් වී තුටුවෙමි       තැළෙන්නට”

- හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර්,

උපුටාගැනීම – ලංකාදීප, 2010 මැයි මස 1වනදා, 8වන පිටුව

පළමු වසර සැමරීම…..
ලොග් සංස්කෘතියෙන් ඔබ්බට පිය නැඟිමට ආරම්භ කරන ලද http://sadaharita.wordpress.com බ්ලොග් අඩවියේ ප්‍රථම වසර සැමරුම යන ප්‍රීතිමත් මොහොත ඔබ වෙතට ළඟා කර දීමට ලැබීම ගැන ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමි. ඒ වෙන අන් කවරෙකු නිසාවත් නොව අප දයාබර පාඨක ඔබ නිසාමය……..

මෙම අඩවිය වසරක් තුල පාඨකයින් 11,000ක් පමණ ආකර්ෂණය කරගැනීමෙන් පෙනී යන්නේ සදාහරිත බ්ලොග් අඩවිය අද වනවිට තරමක ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති අතර ඒ උදෙසා දායක වූ සිංහල බ්ලොග් කියවනය, ලාංකේය සිතුවිලි වැනි සින්ඩිකෙටයන්ටත්, facebook වෙබ් අඩවියටත්, පක්ෂ විපක්ෂ පාඨක සියලු දෙනාටත් අපේ ගෞරව පූර්වක ප්‍රණාමය පිරිනැමේ…

එනම් සෑම දෙනාගේම අදහස් වලට ගරුකරමින් සැමවිට මහත්මා දේශපාලනය සඳහා ගනු ලබන මේ ප්‍රයත්නය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව අප සංඛයාලේඛන වලට අනුව මැනවින් පැහැදිලි වේ….

2009 අප්‍රියෙල් මස 26 දින බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික  පක්ෂය පරාජයට පත් වීමත් සමඟ, http://sadaharita.wordpress.com/ යන වෙබ්  ලිපිනය යටතේ “තවත් එක් බ්ලොග් අඩවියක්” ලෙස ඇරඹුනු අප “තවත් එක් බ්ලොග්  අඩවියක්” යන රාමුවට කොටු නොවී උඩුගම් බලා පිහිනීම ඇරඹීමම එක්තරා ආකාරයක  අභියෝගයක් විය. මෙහිදී අප “සෙමින් පහලට ඇදෙන දියරැල්” වලට අමතරව “චණ්ඩ දිය  පහරවල්” වලටද මුහුණ දුන් අතර ඒ සෑමවිටම අප සමග සිටි/සිටින ඔබ සියලුදෙනා හට  ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙලෙස ඇරඹුනු සදාහරිතයේ මූලික අරමුණ වූයේ එක්සත් ජාතික පක්ෂ දර්ශනය සහ  ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑමයි. විශේෂයෙන්ම තුරුණු පිරිස් තුල එජාපය සහ  එහි ප්‍රතිපත්ති සම්බන්ධව පැවතුණු වැරදි වැටහීම් දුරලා සත්‍ය තත්ත්වය පසක්  කරලීමත් කාලීන තොරතුරු පාඨකයන් හට නිවරැදි ලෙසම ඉදිරිපත් කිරීමත් යන උතුම්  අභිලාශ පෙරදැරිව මහත්මා දේශපාලනයක් උදෙසා මෙතෙක් ආ ගමනේ පසුගිය වසර සලකන  විට ඉමහත් සාර්ථක බවක් පෙනී යන බවක් ඔබ හට ප්‍රකාශ කරන්නෙ ඉමහත් සතුටිනි.

එනම් පසුගිය වසරක කාලය තුල අපි විසින් පලකළ  ලිපි 81ක් සඳහා අද වෙනවිට Comments 332ක් ලැබී ඇතිබව ඔබ හට දැනුම් දෙන්නේ සතුටිනි…

තවද වැදගත්ම කාරණයනම් අප විසින් කිසි විටක Comments මකාදැමීමක් සිදු නොකල බවයි,(නමුත් ඇතැම් විටක මතුවන අදහස් වල පවතින ස්වරුප මාධ්‍යය විසින් ප්‍රකාශ කිරිමෙදී ඇතිවන සදාචාරත්ම ගැටලු නිසාවෙන් ඒවා විටක සංශෝදනය කිරීමට සිදුවිය …..)

ඉදිරියටත් පාඨක සැම සමඟ හෘදයාංගමව අපේ අදහස් උදහස් බෙදා හදා ගැනීමට සදාහරිත කණ්ඩායම සූදානම්ව සිටින්නේ සැම හා එක්ව යහපත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සොඳුරු බලාපොරොත්තුවෙනි… ඒ ගමනට ඔබ සෑම සියලු දෙනාගේම ආශිර්වාදය සහ සහයෝගය අපට මහත් ධෛර්යයක් වනු නොඅනුමානය…

අප සමග රැඳි සිටි/සිටින ඔබ සැමවෙත නැවත වරක් ආචාර කරන අතරම මතුවටත් ඔබේ අවංක අදහස් උදහස් අප හා බෙදාහදා ගනිමින් අපට දිරි දෙන ලෙස සතුටින් ඉල්ලා සිටිමි…

ස්තුතියි………

ඔබ සැමට ජයෙන් ජය…!!