කළගුණ සලකමු…

පළමුව සෑහෙන කාලයකින් සදාහරිතයේ ලිපියක් පළ කිරීමට නොලැබීම ගැන අපේ කණගාටුව පළ කරමින්ම මේ ලිපිය අරඹන්නට සිතුවෙමි.  2010 මහ මැතිවරණය අහවර වී දැන් මාස 5ක් ගෙවෙන්නටත් ආසන්නය, මැතිවරණ ජයග්‍රහණයේ උණුසුම පහව යන්නටත් පෙර රටේ නීතිය දැඩි ලෙස පිරිහී යෑමේ තත්ත්වයක් උද්ගත වන වාතාවරණයක් රට තුල උද්ගත වී ඇත. මේ විමසුම ඒ ගැනය.

පසුගිය කාල සීමාව පුරා රජයේ පාර්ශවයන් විසින් අමු අමුවේ නීතිය උල්ලංඝනය කෙරුණි. වරෙක ඩෙංගු මඩින්නට නව ක්‍රමයක් සොයාගත් අමාත්‍යවරයකු සමෘද්ධි නිලධාරියකු ගස් බැන්දේ පොලිස් නිලධාරීන් අභිමුවදීය. තවත් විටෙක රජයේ ඇමැතිවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට පොලිසියට තරවටු කරමින් රැඟුම් රඟද්දී රජයේ ලොකු ලොක්කන් ඊට ඉනිම්ං බඳින්නට විය. එය එසේ වුවත් ගාල්ලේ උද්ඝෝෂණයකට එල්ල වූ විරෝධතා ගැන පැමිණිල්ලක් සටහන් කරන්නට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතඩංගුවට ගන්නේ තමන්ට තරවටු කරද්දී, තමන් අභිමුව නීතිය අතට ගනිද්දී මුනිවත රැකි පොලීසියම වීම විශේෂත්වයකි. මේ තත්ත්වය බුද්ධිමත් කවරකුට නම් අනුමත කළ හැකිද??

නමුත් ඊටත් වඩා දුක එළවනසුළු කාරණය එය නොවේ. රට ත්‍රස්තවාදී උවදුරෙන් ගලවා ගැනීමට දිවි හිමියෙන් සටන් මෙහෙයවූ ඒ උදාරතර වීරයා ඔහුගේ තනතුරින් පහ කර, පදක්කම් සියල්ල ඉවත් කර විශ්‍රාම වැටුපද අත්හිටුවීමයි. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔබ අප කාගේත් ඡන්දය යැද්දේ “කළගුණ සළකමු” යන තේමා පාඨය මූලික කරගෙනය. අද එහෙව් සන්ධානය ජාතියේ විරුවකුට “කළගුණ සළකා” තිබේ. ඒ ඔහු ආණ්ඩුවේ එහෙයියෙකු වී ආණ්ඩුව කරන සෑම සියළු දේකටම හිස සැලීම ප්‍රතික්ෂේප කළ නිසාය, ඔහු රටේ සුබවාදී විශ්වාසනීය වෙනසක් උදෙසා පෙළ ගැසුණු නිසාය. හාස්‍යයට කරුණ නම් මරුවා හමුවේ වුවද රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකළ සරත් ෆොන්සේකා මැතිතුමාට එලෙස දේශපාලනික ලෙස අරියාදු කරද්දී කොටි සංවිධානයේ ප්‍රමුඛ සන්නද්ධ නායකයකුව සිටි කරුණා අම්මාන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සියළු වරදාන වරප්‍රසාද සුඛ විහරණ ලැබීමය. එලෙසම වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අභාවයෙන් ඉක්බිති තමන් කොටි නායකයායැයි හඳුන්වා දුන් කේ.පී. සිරකරුවකු ලෙස වුවද පුවත්පත් සාකච්ඡා දෙමින් සැපවත් දිවියක් ගෙවීමය. එදා “කොටි හඬ නිහඬ කළා” යැයි පම්පෝරි ගසමින් කන්ද උඩරටින් ඡන්දය ඉල්ලූ රජයේ ඇමැතිවරු අද කේ.පී.ට සුදු හුණු ගාන කටින්ම ත්‍රස්තවාදය මෙල්ල කිරීමට මහඟු මෙහෙයක් කළ සරත් ෆොන්සේකා මැතිඳුන්ට අපහාස අවලාද නගන්නේ ඔවුන්ගේ නායකත්වයම වරෙක ජෙනරාල් ෆොන්සේකා ලොව විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙසත් ඕනෑම හමුදාවක් මෙහෙයවිය හැක්කකු ලෙසත් වර්ණනා කළ බව අමතක කරලමින්ද??

2010-08-17 ලංකාදීපයේ දාස හපුවලානගේ කාටූනය

ජෙනරාල් ෆොන්සේකාට එරෙහි පළමු යුද අධිකරණයෙන් ඔප්පු කරගත් එක් චෝදනාවක් නම් ඔහු හමුදා සාමාජිකයකුව සිටියදී දේශපාලනය කළාය යන්නයි. එසේ නම් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මුළුල්ලේ එළිපිටම රූපවාහිණිය සහ ස්වාධීන රූපවාහිණිය ඔස්සේ ආණ්ඩුවට කඩේ ගිය, ආණ්ඩුවේ බැල මෙහෙවරකම් කළ, සන්ධානයට “පබ්ලිසිටි” දුන් හමුදා නිලධාරීන් සියල්ලටම විනය පරීක්ෂණ කැඳවා දඬුවම් දිය යුතු නොවේද?? නැත, අද රටේ නීතිය දෙයාකාරය, ඔබ ආණ්ඩුවේ ප්‍රබල සහායකයකු නම් නීතිය එක විදියකටත් විරුද්ධවාදියකු නම් තවත් විදියකටත් බලපායි. අවසානාව මෙයයි. ඉදිරියේදී පැවැත්වෙන යුදාධිකරණ තමාව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසා සිරගත කොට ඔහුගේ පාර්ලිමේන්තු අසුන පවා ඉවත් කරනු ඇතැයි යන්න තමාගේ විශවාසය බව ජෙනරාල් ෆොන්සේකා ප්‍රකාශ කළ බව වාර්තා විය. එය සැබෑවක් නොවේවා යන්න අපේ පරම පිවිතුරු පැතුම වුවද, සිදු වන්නට යන්නේ එය වග දේශපාලනය ගැන උනන්දු බොහෝ දෙනෙකුට ඒත්තු ගොස් හමාරය.

සයිමන් නවගත්තේගමයන් විසින් රචිත “සුභ සහ යස” නාට්‍යයේ තැනෙක යසලාලක තිස්ස රජු මෙසේ කියයි. “සෙබලුන් යුද්ධ කරති, එහි ගෞරවය රජුන් ලබති“. ඒ කියමන සර්ව කාලීනය, එදා රට වෙනුවෙන් දිවිපිදු, අත්පා කැප කළ රණවිරුවන්, යුදවීරයන් අමතක කොට තිබේ. ඒ වෙනුවට දේශපාලන අධිකාරියක් ඒ සියළු ගෞරවය වැළැඳගෙන වැජඹෙන්නට උත්සාහ දරයි. අවාසනාවට රටේ බහුතර ජනතාව මේ අසාධාරණය දෙස නිසොල්මනේ අමානුෂික ලෙස බලා සිටී. එය එසේ වුවත් ආණ්ඩුව ජෙනරල් ෆොන්සේකාගෙන් කුමන තනාන්තරය උදුරා ගත්තද කෙලෙහිගුණය ඇති ලක්වැසියන්ට සෑමදාටම ඔහු ජාතියේ වීර සෙන්පතිඳුන් වනු ඇත.

මේ රට යන මාවත භයංකරය, ඒ ගමන වෙනස් කරන්නට දියසෙන් කුමරකු වඩින තුරු රටට අදරැති ලක්වැසි අප බලා සිටී. එසේ නොමැතිනම් ලක්මවට දෙයියන්ගේ පිහිට පැතීම හැර අන් සරණක් නොවනු ඇත. මේ ලියමන සුප්‍රකට කියමනකින් හමාර කිරීමට කැමැත්තෙමි.

“ලොකුම ඛේදවාචකය නරක මිනිසුන් නරක ක්‍රියා කිරීම නොව හොඳ මිනිසුන් නිහඬව සිටීමය”

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නිකිනි -

7 responses to this post.

  1. Very true….i like this because the word you have used to make end your article, its so meaningful ..
    thank you for write this.

    පිළිතුරු සැපයීම

  2. සහතික ඇත්ත..ගොඩාක් මිනිස්සුන්ට දැන් ඇත්ත කතා කරන්නවත් කොන්දක් නෑ.

    පිළිතුරු සැපයීම

  3. අනේ උඹල ගැන හරි දුකයි බං ..තව අවුරුදු කීයක් මෙහෙම කෙඳිරි ගගා ඉන්ඩද?? :(
    “ඒ ඔහු ආණ්ඩුවේ එහෙයියෙකු වී ආණ්ඩුව කරන සෑම සියළු දේකටම හිස සැලීම ප්‍රතික්ෂේප කළ නිසාය, ඔහු රටේ සුබවාදී විශ්වාසනීය වෙනසක් උදෙසා පෙළ ගැසුණු නිසාය”
    එහෙනං ඉතිං ලංකවේ උසාවි වලින් දෙන තීන්දු නොසලකා ඉමු.. හරි ෂෝක්..

    පිළිතුරු සැපයීම

  4. …..damn truth…….country is being headed to the hell by so called “king”…….not only a single person, but the whole nation should tie up their hands together and do something……..

    පිළිතුරු සැපයීම

  5. තවත් මොනවා එක්කහු කරන්නද? මේක එළ ලොක්කා!

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.